ජපානය ඉන්දියානු අඹ තහනම් කරයි..🥴

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,960
    3,969
    113
    Sri Lanka
    මෙන්න Gemini ගෙ උත්තරේ...

    Question:
    ලංකාවෙ මිනිස්සු අඹ ගැට කඩල කෘත්‍රීමව ඉදවනව එක එක දේවල් වලින්. ඒව කන්න හොඳද නැද්ද? සෞඛ්‍යාරක්ශිතයි ද?

    Gemini Said:
    අඹ ගැට කඩා කෘත්‍රිමව ඉදවීම ලංකාවේ වෙළඳපොළේ බහුලවම දක්නට ලැබෙන දෙයක්. කෙලින්ම පිළිතුරක් දෙනවා නම්, මෙලෙස කෘත්‍රිමව රසායනික ද්‍රව්‍ය යොදා ඉඳවූ අඹ අනුභව කිරීම සෞඛ්‍යයට හිතකර නැහැ. මෙහි සෞඛ්‍යාරක්ෂිත බව සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ඒවා ඉදවීමට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය වර්ගය සහ ප්‍රමාණය මතයි.
    කෘත්‍රිමව ඉදවීම සඳහා යොදාගන්නා ද්‍රව්‍ය සහ ඒවායේ බලපෑම පහත පරිදි පැහැදිලි කළ හැක:

    1. භයානක රසායනික ද්‍රව්‍ය (කැල්සියම් කාබයිඩ් - Calcium Carbide)​

    මෙය ඉතාමත් භයානක රසායනිකයකි. මේවායේ ආසනික් (Arsenic) සහ පොස්පරස් (Phosphorus) වැනි විෂ අඩංගු විය හැක. ලංකාව ඇතුළු බොහෝ රටවල පළතුරු ඉදවීම සඳහා මෙය භාවිතා කිරීම නීතියෙන් තහනම් කර ඇතත්, තවමත් හොර රහසේ මෙය භාවිතා වේ.
    • සෞඛ්‍ය බලපෑම: මේවා ආහාරයට ගැනීමෙන් හිසරදය, කරකැවිල්ල, වමනය, පාචනය, අජීර්ණය වැනි තත්ත්වයන් මෙන්ම, දිගුකාලීනව ස්නායු ආබාධ සහ පිළිකා වැනි බරපතල තත්ත්වයන් පවා ඇති වීමේ අවදානමක් ඇත.

    2. අනුමත ද්‍රව්‍ය (එතිලීන් / එතෆොන් - Ethylene / Ethephon)​

    එතිලීන් යනු පළතුරු ස්වභාවිකව ඉදීමේදී පළතුරෙන්ම නිකුත් වන හෝමෝනයකි. එබැවින් නියමිත ප්‍රමිතීන්ට සහ මාත්‍රාවලට අනුව කෘත්‍රිම එතිලීන් වායුව හෝ එතෆොන් දියරය භාවිතයෙන් පළතුරු ඉදවීම ලෝකය පුරාම අනුමත ක්‍රමයකි.
    • සෞඛ්‍ය බලපෑම: නිසි ප්‍රමිතියට භාවිතා කළහොත් මෙය සෞඛ්‍යයට හානිකර නැත. නමුත් බොහෝ වෙළෙන්දන් ලාභය සහ ඉක්මනින් ඉදවා ගැනීමේ අරමුණින් අධික මාත්‍රාවලින් රසායනික යෙදීම නිසා පළතුරේ ගුණාත්මකභාවය සහ ආරක්ෂිත බව නැති වී යයි.

    කෘත්‍රිමව ඉඳවූ අඹ වල ඇති ප්‍රධාන අවාසි​

    • පෝෂණ ගුණය අඩු වීම: ස්වභාවිකව ගසේදීම ඉදෙන අඹ වල විටමින් (විශේෂයෙන් විටමින් C සහ A) සහ ප්‍රතිඔක්සිකාරක ඉහළ මට්ටමක පවතී. ළපටි ගැට කාලයේදීම කඩා රසායනික දමා ඉදවීමෙන් මේ පෝෂ්‍ය පදාර්ථ නිසි ලෙස වර්ධනය වන්නේ නැත.
    • රසය සහ සුවඳ වෙනස් වීම: කෘත්‍රිමව ඉඳවූ අඹ වල ස්වභාවික අඹ සුවඳ නැත. පිටතින් කහ පැහැයෙන් ලස්සනට පෙනුණද, ඇතුළත මදය තද ගතියෙන් යුක්ත විය හැකි අතර පැණි රසය වෙනුවට ඇඹුල් රසයක් හෝ නීරස බවක් දැනිය හැක.
    • ආමාශ ආන්ත්‍රික ගැටලු: පොත්තේ තැවරී ඇති රසායනික ද්‍රව්‍ය ශරීරගත වීම නිසා බඩදැවිල්ල සහ බඩේ අමාරු ඇතිවීමේ සම්භාවිතාව වැඩිය.

    කෘත්‍රිමව ඉඳවූ අඹ හඳුනාගන්නා ආකාරය​

    වෙළඳපොළෙන් අඹ මිලදී ගැනීමේදී මේ ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වන්න:
    1. පැහැය: ස්වභාවිකව ඉඳුණු අඹ ගෙඩියක කහ සහ කොළ පැහැය මිශ්‍ර වී පවතී. නමුත් කෘත්‍රිමව ඉඳවූ අඹ වල කහ පැහැය ගෙඩිය පුරාම එකාකාරීව කෘත්‍රිමව පවතින අතර, තැනින් තැන තද කොළ පැහැති ලප පැහැදිලිව වෙන්වී පෙනෙන්නට තිබිය හැක.
    2. සුවඳ: ස්වභාවික අඹ ගෙඩියක නැට්ට ප්‍රදේශයෙන් මිහිරි අඹ සුවඳක් වහනය වේ. කෘත්‍රිම ඒවායේ එවැනි සුවඳක් නොමැති අතර, ඇතැම්විට මෘදු රසායනික ගන්ධයක් (කාබයිඩ් භාවිතා කර ඇත්නම් සුදුළූණු වැනි සුවඳක්) දැනිය හැක.
    3. ස්වභාවය: පිටතින් කහ පාටට හොඳින් ඉඳී ඇති සේ පෙනුණත්, අතින් අල්ලා බැලූ විට ගෙඩිය තද ගතියකින් යුක්ත වේ නම් ඒ කෘත්‍රිමව ඉදවූ ඒවාය.
    4. කපන විට: ඇතුළත මදය ලා කහ පැහැති විය හැකි අතර, කපන විට ස්වභාවික අඹ වල මෙන් යුෂ ගැලීමක් සිදු නොවේ.
    වඩාත් සුදුසුම ක්‍රමය: අඹ ආහාරයට ගැනීමට පෙර හොඳින් ජලයෙන් සෝදා ගන්න (විනාඩි කිහිපයක් ජලයේ ගිල්වා තැබීම වඩාත් සුදුසුයි). මේ හරහා පිටත පොත්තේ ඇති රසායනික ද්‍රව්‍ය යම් තරමකට ඉවත් කරගත හැක. එසේම, වඩාත්ම සෞඛ්‍යාරක්ෂිත වන්නේ හොඳින් පැසුණු, නමුත් නොඉඳුනු අඹ වෙළඳපොළෙන් ගෙනැවිත් නිවසේදීම ස්වභාවිකව (කඩදාසිවල ඔතා, සහල් භාජනයක දමා) ඉදෙන්නට හැරීමයි.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,690
    14,843
    113
    ඕවයෙ මොන පනුවො බැක්ටීරියා තියනවා ද දන්නෑ

    ලංකාවේ වගාවන් ටිකටත් ලෙඩ බෝ කරගන්න පුළුවන්
     
    • Sad
    Reactions: Inigo Montoya

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,116
    113
    අඹ වගේ දේවල් කඩෙන් කන්න එපා බන් බට් පැලයක් හිටවා ගනිල්ලා මහ ඉඩක් යන්නෙත් නැහැ අවරුදු 3-4 න් ගෙඩි එනවා .මම හිටවපු ගහේ මේ සැරේ ගෙඩි 250ක් විතර හැදුන ඇති වෙන්න කෑවා .වටේ උන්ට දුන්න .විකුණුවේ නැහැ පට්ට රසය් ගහේ ඉදුණු බඩු
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,211
    3,751
    113
    LONDON
    Export fruits have grades such as A B C . I know this because my father in law is used to be a GM for large agriculture compa6in srilanka.

    Price and taste depend on that grade.

    A always taste good and looks good.

    B usually taste good but with blemishes and usually ended up in Srilankan supermarket. No need to ripe them using artificial methods.

    C is always crap. need artificial methods to ripening and taste not good.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,713
    9,369
    113
    අඹ වගේ දේවල් කඩෙන් කන්න එපා බන් බට් පැලයක් හිටවා ගනිල්ලා මහ ඉඩක් යන්නෙත් නැහැ අවරුදු 3-4 න් ගෙඩි එනවා .මම හිටවපු ගහේ මේ සැරේ ගෙඩි 250ක් විතර හැදුන ඇති වෙන්න කෑවා .වටේ උන්ට දුන්න .විකුණුවේ නැහැ පට්ට රසය් ගහේ ඉදුණු බඩු

    මාත් ගහක් හිටවලා පීදිලා දැන් අවුරුදු 3ක් වෙනව..වටේ උන්ටත් දුන්න..හොඳට අව්ව තියෙන තැනක හිටවන්න ඕන හැබැයි.අවුරුදු 5කින් ගෙඩි ෂුවර්.. කෘෂිකර්මේ අනුමත කරපු පැල ගන්න ඕන.. ලේබල් ඵකක් ගහල තියෙනව ඒවල..මම නම් ගත්තේ දියතෙන්..
     
    • Like
    Reactions: Inigo Montoya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,690
    14,843
    113
    මාත් ගහක් හිටවලා පීදිලා දැන් අවුරුදු 3ක් වෙනව..වටේ උන්ටත් දුන්න..හොඳට අව්ව තියෙන තැනක හිටවන්න ඕන හැබැයි.අවුරුදු 5කින් ගෙඩි ෂුවර්.. කෘෂිකර්මේ අනුමත කරපු පැල ගන්න ඕන.. ලේබල් ඵකක් ගහල තියෙනව ඒවල..මම නම් ගත්තේ දියතෙන්..

    ලංකාවේ අඹ වර්ග බර ගානක් තියනවා
    පට්ට රස දුර්ලභ අඹ වර්ග තියනවා
    මේකෙ උන් හූල්ලන නිසා මුකුත් කියන්න බෑ
    ගස් ටික බේරගන්න ඕන 😅
     
    • Wow
    Reactions: Inigo Montoya

    dikmon

    Junior member
  • Apr 24, 2025
    45
    15
    8
    අපේ වගේම වහ දදා ඉදවල යවනව ඇති ගෝතයො. අපේ ලංකාවෙත් එහෙමම තමයි. කඩෙන් ගන්න අඹ ගෙඩියකුයි ගෙදර ගහේ ඉදිල කඩන එකකුයි පට්ට වෙනසක් තියෙන්නෙ.. තියෙන ජරාව ඔක්කොම දානව. දිවුල් ගෙඩි විතරද මන්ද අරම බෙහෙත් ගහල ඉදවන්න බැරි.
    පලතුරු විතරක් නෙවෙයි එලවලු, පලා මැල්ලුම් උනත් එහෙමයි. අපිනම් පුලුවන් තරම් කාබනිකව ගෙදර හදනව පොඩියට. අය පොඩියට ගැඩවිල් පොහොරත් හදනවා ඒව ගොඩක් හොදයි සාමාන්‍ය organic පොහොර වලට වඩා.අනික කඩේ ගන්න එලවලු ගෙදර හදපුව තරම් රසත් නෑ. අනික ගහන තෙල් වල හැටියට හම්බකරන සල්ලි ටික ෆාමසි වලටයි හොස්පිටල් වලටයි තමා දවසක යට කරන්න වෙන්නෙ.
     
    • Sad
    Reactions: Inigo Montoya

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,713
    9,369
    113
    ලංකාවේ අඹ වර්ග බර ගානක් තියනවා
    පට්ට රස දුර්ලභ අඹ වර්ග තියනවා
    මේකෙ උන් හූල්ලන නිසා මුකුත් කියන්න බෑ
    ගස් ටික බේරගන්න ඕන 😅

    ඔව් ලංකාවේ අඹ වර්ග 200කට වැඩියි..ලෝකේ වැඩිම අඹ වර්ග තියෙන රට ලංකාව.අපේ ඉස්කෝලේ ගහක් තිබ්බා ගෙඩි අමුවෙන් වුනත් කන්න පුළුවන් කිසිම අැඹුලක් නෑ..තනිකරම අර කොල පාට අැපල් රහ ඵන්නේ..ඒ වගේ ගහක් නම් මේතරම් කාලෙකට හම්බ වෙලා නෑ...❤️
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,442
    4,869

    කවුද බන් ඕක කියන්නෙ

    වියට්නාම්/තායිලන්ඩ්/ඉන්දුනීසියා තුනේම මම ගිහින් තියනවා ඒ තුනේම ලංකාවට වඩා අඹ තියනවා ලංකාවට වඩා ගොඩක් වෙනස් රසවල් වල අඹ තියනවා. ඉන්දුනීසියා වල අඹ තියන හැටි දැක්කොත් ලංකාවෙ මොනවද තියෙන්නෙ කියලා හිතෙනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    ඉදවන්න වහ දාන්න ඕන නැහැ ඇසිටලීන් ගෑස් එකනෙ පාවිච්චි කරන්නේ ? හරියට නොකලොත්පොත්ත අවට ඉක්මනට ඉදිල ඇතුල අමු ගතිය හිටිනවා, ඒ ගෑස් එක හදන්නේ කාබයිට් වලින් ? මේක වසක් වෙන්න හේතුව මොකක්ද? වෙන විදියක් පාවිච්චි කරනවද?
    Matath oya avula thiyenne. Wenna puluwan ekama de, poththa idila, athula amu.
     
    • Like
    Reactions: Inigo Montoya

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,116
    113
    මාත් ගහක් හිටවලා පීදිලා දැන් අවුරුදු 3ක් වෙනව..වටේ උන්ටත් දුන්න..හොඳට අව්ව තියෙන තැනක හිටවන්න ඕන හැබැයි.අවුරුදු 5කින් ගෙඩි ෂුවර්.. කෘෂිකර්මේ අනුමත කරපු පැල ගන්න ඕන.. ලේබල් ඵකක් ගහල තියෙනව ඒවල..මම නම් ගත්තේ දියතෙන්..
    අපේ දුවට ඉස්කෝලෙන් දිල තිබුන පැලයක් මම ඒක හිටෙව්වේ ලොකු ගෙඩි .මාරම රසය් උයලත් එහෙමය් .කාල වැඩි වෙලා ගැස්ටික් හැදුන දැන් ඒවාට බෙහෙත් බොනවා

    ලංකාවේ අඹ වර්ග බර ගානක් තියනවා
    පට්ට රස දුර්ලභ අඹ වර්ග තියනවා
    මේකෙ උන් හූල්ලන නිසා මුකුත් කියන්න බෑ
    ගස් ටික බේරගන්න ඕන 😅
    කියපන් විස්තර ටිකක් දැන ගන්න ආසය් පුලුවන්නම් ෆොටෝ දාපන්
    ------ Post added on May 29, 2026 at 11:25 AM
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,960
    3,969
    113
    Sri Lanka
    ඔව් ලංකාවේ අඹ වර්ග 200කට වැඩියි..ලෝකේ වැඩිම අඹ වර්ග තියෙන රට ලංකාව.අපේ ඉස්කෝලේ ගහක් තිබ්බා ගෙඩි අමුවෙන් වුනත් කන්න පුළුවන් කිසිම අැඹුලක් නෑ..තනිකරම අර කොල පාට අැපල් රහ ඵන්නේ..ඒ වගේ ගහක් නම් මේතරම් කාලෙකට හම්බ වෙලා නෑ...❤️

    මම ගේ හදද්දි කර්තකොලොම්බා සහ වෙල්ලේකොලොම්බන් කියල දෙකක් හිටෙව්වා. මේ පාර තමයි පීදුනේ පලවෙනි පාරට. කර්තකොලොම්බා එක හරි. සාමාන්‍ය එක. හැබැයි වෙල්ලේ කොලොම්බන් කියල හම්බුන එක වෙනස් එකක්. ඒක අමුතුම රහක්. පැනිම පැනි රහයි. ඇතුලෙ මාර ලස්සන තැඹිලි පාටක් තියෙන්නෙ. ගෙඩි හෙන පොඩී. හැබැයි පට්ටම රහයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මම ගේ හදද්දි කර්තකොලොම්බා සහ වෙල්ලේකොලොම්බන් කියල දෙකක් හිටෙව්වා. මේ පාර තමයි පීදුනේ පලවෙනි පාරට. කර්තකොලොම්බා එක හරි. සාමාන්‍ය එක. හැබැයි වෙල්ලේ කොලොම්බන් කියල හම්බුන එක වෙනස් එකක්. ඒක අමුතුම රහක්. පැනිම පැනි රහයි. ඇතුලෙ මාර ලස්සන තැඹිලි පාටක් තියෙන්නෙ. ගෙඩි හෙන පොඩී. හැබැයි පට්ටම රහයි.
    Yes
    රට අඹ කියලා කියන්නෙ ඕක, ලංකාවෙ හැම තැනම ඕක තියනවා නේ බන්. දෙනියායෙ ඉන්න කාලෙත් ඕක එහෙ මහ විසාල ගස් තිබුනා

    ලංකාවෙ ඕන තැනක හැදෙනවා. බට් පැල මෙහෙ නං අවුරුදු දෙක හමාරෙන් වගෙත් පීදෙනවා
    හොඳට අවුව තියනවා නං ගෙඩි හැදෙනවා සුපිරියටම. බෙහෙතක් පෝර මොනවත් ඕන නැහැ
    ඕනම නං අර අවාරා කියලා එකක් තියනවා, මල් එන්න කලින් ඒක දාල කොල ගානට ගෙඩි හදා ගන්න පුලුවන්. මේකෙන් ගෙඩි වලට ප්‍රශ්නයක් නැහැ මල් හැදෙන එක trigger කරන එක කරන්නෙ

    මේ අපේ ගහක්, අතිං කඩන්න පුලුවන්

    7EhHkhG.jpeg
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,442
    4,869
    113
    ලංකාවෙන් ගන්නේ ඕස්ට්‍රේලියන් ඇපල් වගේ ජරා වස නාවපු ඇපල් ,
    කාශ්මීර් ඇපැල් ලංකාවට එනවද
    ඔවු
    මම අද උදේ breakfast එකට
    • Goat chease කෑල්ලයි
    • Norwegian wild salmon fillet එකයි
    • කාශ්මීර් ඇපල් ගෙඩියයි කෑවෙ
     
    • Haha
    Reactions: Inigo Montoya

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,817
    6,232
    113
    East Blue (Goa Kingdom)
    මම ගේ හදද්දි කර්තකොලොම්බා සහ වෙල්ලේකොලොම්බන් කියල දෙකක් හිටෙව්වා. මේ පාර තමයි පීදුනේ පලවෙනි පාරට. කර්තකොලොම්බා එක හරි. සාමාන්‍ය එක. හැබැයි වෙල්ලේ කොලොම්බන් කියල හම්බුන එක වෙනස් එකක්. ඒක අමුතුම රහක්. පැනිම පැනි රහයි. ඇතුලෙ මාර ලස්සන තැඹිලි පාටක් තියෙන්නෙ. ගෙඩි හෙන පොඩී. හැබැයි පට්ටම රහයි.

    වෙල්ලේකොලොම්බන් කියන්නේ රට අඹ වලට afaik,
    රට අඹ උයන්න එහෙම වැඩක් නැහැ .අමුවෙනුත් ඇඹුලක් නැහැ ඇඹුල නැති අඹ උයල රහ නැහැ ,
    රට අඹ තමයි standard අඹ රහ අඹ එක , කොහු නැහැ , ඇඹුල නැහැ .
     
    • Like
    Reactions: Inigo Montoya

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,116
    113
    වෙල්ලේකොලොම්බන් කියන්නේ රට අඹ වලට afaik,
    රට අඹ උයන්න එහෙම වැඩක් නැහැ .අමුවෙනුත් ඇඹුලක් නැහැ ඇඹුල නැති අඹ උයල රහ නැහැ ,
    රට අඹ තමයි standard අඹ රහ අඹ එක , කොහු නැහැ , ඇඹුල නැහැ .
    ඉස්සර මි අඹ කියලා එකකුත් තිබ්බ ගෙඩි පොඩිය් මාරම රසය් .ගමටම තිබුනේ එක ගහය්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,649
    8,499
    113
    35
    Spain
    මන් අර අල්පොන්සෝ කියන අඹ ඉන්දුවා. පැල දෙකක් හැදිලා තියෙනවා. කොහොම වේවිද බලමු.