මුහම්මද් මක්කම නගරයේ ජීවත් වෙන කාලේ එයාගේ අනාවැකි විශ්වාස නොකරපු කුරෙයිෂ් ගෝත්‍රිකයෝ එයාගෙන් අහනවා උඹ ඇත්තටම දෙවියන්ගේ දූතයෙක් නම් අපිට හාස්කමක් කරලා පෙන්නපං කියලා. අන්න ඒ වෙලාවේ මුහම්මද් තමන්ගේ ඇඟිල්ල දික් කරලා අහසේ තිබ්බ හඳ දෙකට වෙන් කරලා පෙන්වූ බවත්, ඒ පලු දෙක මැදින් හීරා කන්ද පෙනුන බවත් ඉස්ලාම් විශ්වාස කියනවා. කුරාණයේ අල් කමර් පරිච්චේදයේ තමයි මේ බව තියෙන්නෙ.. ඊට අමතරව සහීහ් අල්-බුහාරි හි අනාස් බින් මාලික් සහ ඉබ්නු අබ්බාස් වැනි අයගේ ප්‍රකාශ විදිහට මේ කතාව දීර්ඝව විස්තර කරලා තියෙනවා.
හුඟක් ඉස්ලාම් දේශකයෝ සමාජ මාද්‍ය වල ලස්සන බොරුවක් පතුරවනවා නාසා ආයතනය හඳ පරීක්ෂා කරද්දී හඳ වටේට දිවෙන විශාල පැල්මක් (Rima Ariadaeus කියලා internet එකේ හොයලා බලන්න) සොයාගත්තා ඒකෙන් ඔප්පු වෙනවා හඳ අතීතයේ කවදා හරි දෙකට වෙන් වෙලා ආයෙත් එකතු වුණු බව කියලා. මේක අමූලික බොරුවක්. හඳේ තියෙන එවැනි පැල්මක ස්වරූපය ඇති ව්‍යුහයන් පෘථිවියේ තියෙන මහා නිම්න වගේ, වසර බිලියන ගණනාවකට කලින් සිදුවෙච්ච ගිනිකඳු ක්‍රියාකාරකම් සහ භූ තැටි චලන නිසා ඇතිවුණු සාමාන්‍ය ස්වාභාවික පිපිරීම් විතරයි. ඒවා හඳ වටේටම යන ඉරිත් නෙමෙයි.
හඳ කියන්නේ විශාල ස්කන්ධයක් තියෙන, සැතපුම් දහස් ගණනක දැවැන්ත ආකාශ වස්තුවක්. මෙච්චර විශාල වස්තුවක් එකපාරටම දෙකට මැදින් වෙන් වුනොත් ඒකෙන් ඇතිවෙන මහා ගුරුත්වාකර්ෂණ කම්පනය මුළු සෞරග්‍රහ මණ්ඩලයටම බලපානවා. අනික හඳක් දෙකට කැඩෙද්දී ඒකෙන් අතිවිශාල පාෂාණ කැබලි සහ ධූලි ප්‍රමාණයක් අභ්‍යවකාශයට මුදා හැරෙනවා. ඒවා පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට අහුවෙලා උල්කාපාත වර්ෂාවක් වගේ පෘථිවියට කඩා වැටිලා මුළු පෘථිවි ජීවයම වඳ වෙලා යන්න පවා පුලුවන්. ඔය ඔක්කොටම හා කියමුකො හැබැයි ඊටත් හපං දෙකට කැඩුණු හඳක් ආයෙත් සංස්ථා සිමෙන්ති දාලද අලවන්නෙ?
හඳ කියන්නේ මක්කම මිනිස්සුන්ට විතරක් පෙනෙන CFL විදුලි බුබුලක් නෙවෙයිනේ. මුහම්මද් හඳ කැඩුවා කියන වෙලාවේ ලෝකයේ අනෙක් පැතිවල හිටපු ශිෂ්ටාචාරවලටත් මේක පෙනෙන්න ඕනේ. ඒ කාලේ චීනය, ඉන්දියාව, ග්‍රීසිය, රෝමය, පර්සියාව සහ මායා ශිෂ්ටාචාරයේ මිනිස්සු අහස දෙස ඉතාම සූක්ෂ්මව බලාගෙන, තාරකා විද්‍යාත්මක සිදුවීම් පොත්පත් වල ලේඛනගත කරපු අය. හඳ දෙකට පලු වෙලා අහසේ දෙපැත්තට යනවා වගේ මහා විශ්වීය පෙරළියක් වුණා නම්, ලෝකයේ එකම එක විදේශීය ඉතිහාස පොතකවත් ඒ ගැන ලියවිලා නැත්තේ ඇයි? චීන රාජකීය තාරකා විද්‍යාඥයෝ නිදාගෙනද හිටියේ? ඇයි එතකොට නකෂත්‍රය මුල් කරගෙනම වැඩ කරන ඉන්දියාව, අපේ රට එහෙම…
ඔන්න ඔය ගැනම පසුකාලීනව මුස්ලිම්වරු ඉන්දියාවේ චේරමාන් පෙරුමාල් රජතුමා මේ සංසිද්ධිය දැකලා පුදුම වෙලා හින්දු ආගමත් අතඇරලා මක්කමට ගිහිං ඉස්ලාම් භක්තිකයෙක් වුණා කියලා කතාවක් හැදුවත් ඉන්දියානු ඉතිහාස ලේඛන පරීක්ෂා කරද්දී මේක පට්ට කෙප්පයක, 16 වන සියවසේදී අරාබි වෙළෙන්දන් විසින් ගොතන ලද පදනමක් නැති ප්‍රබන්ධයක් කියලා දැනගන්න පුලුවන් වෙනවා. හොදම වැඩේ කියන්නේ මේ ප්‍රබන්ධය තවමත් ප්‍රචාරය කරන අය මේ තොරතුරු වල නිරවද්‍යතාවය හොයන්න පෙලබෙන්නෙ නැති එකයි.
මහාචාර්ය ශ්‍රීධර මෙනන් A Survey of Kerala History පොතේ පෙන්වලා දෙනවා චේරමාන් පෙරුමාල් කියන පාලන සමය ආරම්භ වෙන්නේම ක්‍රි.ව. 800 දී සහ අවසාන චේරමාන් පෙරුමාල් රජු ඉන්නේ ව. 1102 වෙනකම් කියලා. මේ එක රජතුමෙක් නෙමෙයි රාජ වංශයක් කියන එක තමයි අදහස. මේ අදහසම Malabar Manual කියලා පොතක් ආශ්‍රයෙන් බ්‍රිතාන්‍ය ලේඛනාගාර නිලධාරියෙක් සහ ඉතිහාසඥයෙක් වන විලියම් ලෝගන් සිහි කැදවනවා තවත් ඓතිහාසික චරිතයකට ආදලා හැබැයි එයත් මැරිලා තියෙන්නෙ වර්ශ 827දී. මුහම්මද් මැරුනේ 632 නම් මේ කියන ඉන්දියානුවා අවුරුදු 200ක් විතර ජීවත් වෙච්ච චරිතයක් වෙන්න ඕනෙ මේ ඔක්කොම බයිලා ගැලපෙන්න නම්.
ඉතිං දැන් අපි මොකද කරන්නෙ? මේ එදා හිටපු නූගත් කාන්තාර වැසියන්ව මුලා කරන්න මුහම්මද් කරපු ඇස්බැන්දුමක්ද නැත්තං සාමාන්‍ය චන්ද්‍රග්‍රහණයක් පසුකාලීන අනුගාමිකයන් විසින් මහා හාස්කමක් විදිහට අතිශයෝක්තියෙන් ලිව්වා වත්ද? මොකද පැහැදිලිවම හඳ නං දෙකඩ කැඩිලා නෑ - ඒ වගේම මේක කියවලා අපේ මුස්ල්ම් සහෝදරයින් හද කම්පා කරගන්නෑ කියලත් අපි දන්නවා.
ස්තූතියි
stolen from Ceylon Atheist