පාස්කු බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රාහිම් හිටියේ පොහොට්ටු ජාතික ලයිස්තුවේ.. තොරතුරු සැගවූ නිලධාරින්ට තනතුරු දුන්නේ මහින්ද..- නාමල් හෙලි කරයි..

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,301
    3,626
    113
    Maligawatta
    පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරුණු බෝම්බකරුගේ පියා වන මොහොමඩ් ඊබ්‍රහම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ජාතික ලැයිස්තුවේ සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අනාවරණය කළේය.

    අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ වලදී ලිපිගොනු සඟවා සිටි බවට චෝදනා එල්ල වන පොලිස් නිලධාරීන් දෙදෙනාට රහස් පොලිසියේ මුල් ධුරය සහ අමාත්‍යාංශ ලේකම් ධුරය වැනි ප්‍රධාන තනතුරු ලබා දුන්නේ තම පියා වන මහින්ද රාජපක්ෂ මහතා බවයි.

    එම නිලධාරීන් තමන් සමඟ වේදිකාවල පවා සිටි බව ඔහු පෙන්වා දුන්නේය.

    රාජපක්ෂවරුන්ට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, බෝම්බකරුගේ පියා තම පක්ෂයේ සිටීම සහ අදාළ නිලධාරීන්ට තම පියා විසින් තනතුරු ලබා දී තිබීම නිසා රාජපක්ෂවරුන්ට මේ සම්බන්ධයෙන් චෝදනා කිරීම වැරදි බවයි.

    මෙය "හොරාගෙන් පේන අහනවා" වැනි වැඩක් බවත්, හොරාටම හොරා සොයා එන්නැයි පවසන තත්ත්වයක් බවත් ඔහු උපහාසාත්මකව ප්‍රකාශ කළේය.

    වත්මන් රජයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ මන්ත්‍රීවරයා, ආණ්ඩුව ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටපත් කරමින් තම දේශපාලන උවමනාවන් ඉටුකර ගැනීමට උත්සාහ කරන බවට චෝදනා කළේය.

    මේ හේතුවෙන් කලකිරීමට පත් වූ ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ සභාපතිවරුන් වැනි උසස් නිලධාරීන් එකා පිට එකා ඉල්ලා අස්වෙමින් පවතින බව ඔහු පෙන්වා දුන්නේය.

    තවද, රජයට රටේ ආර්ථිකය නැංවීමට හෝ ආයෝජන ගෙන්වීමට නිසි සැලසුමක් නොමැති බවත්, උදෑසන අවදි වී සවසට කරන්නේ කුමක්දැයි සිතන මට්ටමට ආණ්ඩුව පත්ව ඇති බවත් ඔහු පැවසීය.

    ආයෝජන සම්බන්ධයෙන් විවිධ ගිවිසුම් අත්සන් කළද, ඒවා පිළිබඳව විපක්ෂය හෝ රටේ ජනතාව පමණක් නොව ආණ්ඩුව පවා නිසි තොරතුරු නොදන්නා බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය

    Source - Lankacnews.com
    https://www.lankacnews.com/2026/05/blog-post_542.html
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,254
    1
    57,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Reaction GIF
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,084
    1,538
    113
    දැන් නම් කොල්ලට රෙවිල වගේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ
    මහින්ද පිලිගත්තත් බයියෝ පිලිගන් නෑ
    අනුර කියන්නේ ඊබ්බ්‍රාහිම් නානා JVP List එකේ හිටියා කියලා😂
    මොඩ අනුරයට තාම මහා මොලකරු හොයාගන්න බැරි වෙලා ද😂😂

    IMG-4554.png
     
    • Haha
    Reactions: Inigo Montoya

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,301
    3,626
    113
    Maligawatta
    අනුර කියන්නේ ඊබ්බ්‍රාහිම් නානා JVP List එකේ හිටියා කියලා😂
    මොඩ අනුරයට තාම මහා මොලකරු හොයාගන්න බැරි වෙලා ද😂😂

    IMG-4554.png
    den Namal uth piligaththa pohottuweth hitiya kiyala, issara mada gehuwe Ibrahim kiyanne JVP porak kiyala, kiyaagena ne
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,847
    11,012
    113
    35
    Spain
    අනුර කියන්නේ ඊබ්බ්‍රාහිම් නානා JVP List එකේ හිටියා කියලා😂
    මොඩ අනුරයට තාම මහා මොලකරු හොයාගන්න බැරි වෙලා ද😂😂

    IMG-4554.png
    සිරසේ කිව්වත් මේ ජෙප්පෝ හේදිල්ල නවත්තන්නේ නැහැ. කැරි කොටාගේ පක්ෂයට ලොකු ඩෝනේෂන් එකකුත් දෙන්න ඇති ඔය ත්‍රස්තවාදියා.
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ
    සිරසේ කිව්වත් මේ ජෙප්පෝ හේදිල්ල නවත්තන්නේ නැහැ. කැරි කොටාගේ පක්ෂයට ලොකු ඩෝනේෂන් එකකුත් දෙන්න ඇති ඔය ත්‍රස්තවාදියා.
    අනුරලාට හොරාකන්න මුන් තාමත් වහල්කමි කරනවා😂😂
    මොන ජාතියේ හරක් ද මංදා මුන්🤮
     
    • Haha
    Reactions: Inigo Montoya