ලංකා ඉතිහාසයේ හදන අමාරුම අධිවේගී මාර්ගය අද පටන් ගන්නවා

chamindakk2

Active member
  • Apr 2, 2021
    112
    241
    43
    Canada
    1780126570371.png



    රඹුක්කන ගලගෙදර මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටස වැඩ ආරම්භ කරන උත්සවයේදී නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන මහතා කතා කරපු එකෙන් ටිකක් ඇහුනා..

    කාලෙකට ඉස්සෙල්ලා පන්සලක දහම් පාසල් උත්සවයකදී එතුමා කරපු කතාවක් ගැන හොඳ ලිව්වා කියලා මම අපේ යාළුවන්ගෙන් බැනුනුත් ඇහුවා..
    දැන් නම් සමහර වෙලාවට මට හිතෙනවා යාළුවො මට බැනපු එකත් හරි කියලා..

    අධිවේගී මාර්ගය හදන එක හොඳ වැඩක්..
    බොහොම හොඳයි...

    අපි ඒකෙ කිසිම නරකක් කියන්නේ නෑ..
    දක්ෂිණ අධිවේගී මාර්ගය හදනකොට ඇඹුල් තියල් මාළු ගේන්නද ඔය පාර හදන්නේ කියල ඇහුවට,
    මේ පැත්තෙ ගෙදර බල්ලට අනිත් පැත්තේ ගෙදරට යන්න විදියක් නෑ කියල කිව්වට,
    දඩ මස් එකතු කරලා පාර තියාගෙන උයාගෙන කන්න වෙයි කියලා කිව්වට,
    අපි නම් එහෙම කියන්නේ නෑ..

    මධ්‍යම අධිවේගී මාර්ගයෙන් නුවරට ඇවිල්ලා පිළිමතලාවෙන් පිත්තල බඩු ගේන්නද කියලා අපි අහන්නේ නෑ..
    මාතලේ පැත්තෙන් ම කුළුබඩු ගේන්නද කියලා අපි කියන්නේ නෑ..
    නුවර වැවේ බෝට්ටු පදින්නද කියලා අපි අහන්නේ නෑ...

    මේවා වෙන්න ඕන දේවල්..
    හැබැයි කිලෝ මීටර් විස්සක විතර පාරෙ කොටසක් හදන්න ගිහිල්ලා ,
    ලංකාවේ තියෙන අමාරුම අධිවේගී මාර්ගය හදනව කියල ,

    ඉස්සර කිලෝ මීටර දෙසීය තුන්සිය ගණන් හදපු අධිවේගී මාර්ග හදපු ඒවා දෙකේ කොළේට දාල වගේ කතා කරපු එක නං හරි නෑ..
    කොළඹ ඉඳන් ගාල්ලට හදලා ඊට පස්සේ මාතරට හදලා ඊට පස්සේ මත්තලට හදලා,
    ඒ වගේම කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හදලා,
    මීරිගම ඉඳලා කුරුණෑගලට හදලා ,

    (කඩවත මීරිගම හදනකොට පණ්ඩු කරද ගහක් අල්ලගෙන ඒක කඩාකප්පල් කරන්න හදලා)
    ඒවා නිකං අමාරු දේවල් නොවෙයි,

    රඹුක්කන ගලගෙදර කිලෝමීටර් 20 හදන එක ඒ ඔක්කොටම වැඩිය ලොකු වැඩක් වගේ කතා කරන එක නම් එච්චර හරි නෑ..

    ඒ වගේම ඒකට අවුරුදු තුනක් යනවා කියලා කිව්වා..

    තව ගොඩක් පාරවල් හදනවා කියලා කිව්වා..

    ඒ කරනවා කියන කතා මිසක් තාම වැඩ පටන් ගත්ත ඒවා නෙවෙයි..
    අපි ඉස්සර කතා නෙවෙයි වැඩ දැකලා තියෙන මිනිස්සු..

    ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන්ට එරෙහිව,
    අවුරුදු තිහකට ආසන්න කාලයක් ජයග්‍රහණය කරන්න බැරුව,
    මුළු රටම විනාශ කරමින් පැවතිච්ච යුද්ධයක්,
    ප්‍රථම වරට ස්ථිර ජයග්‍රහණයක් කරා මෙහෙයවමින්,

    ඒ යුද්ධය කරද්දිම අධිවේගී මාර්ග පටන් ගත්ත කාලයක් අපි දැකලා තියෙනවා..
    දැන් වගේ නෙවෙයි ඒ කාලේ සංවර්ධන වැඩක් කරනකොට ඒකට පට්ට බොරු කිය කිය විවේචනය කරපු ඒවත් අපි දැකලා තියෙනවා..

    අධිවේගී මාර්ගවල බිමට දාන්නේ රත්තරන් ද කියලා ඇහුවා..
    හැබැයි අද වියදම ඊට වඩා වැඩි නිසා අද හදන්නේ දියමන්ති වලින්ද කියලා අපි අහන්නේ නෑ.

    අධිවේගී මාර්ග විතරක් නෙවෙයි විදුලි බලාගාර විදුලි බල පද්ධතියට එක් කරනකොට,
    ආපු බාධා අපි දැකලා තියෙනවා..
    නොරච්චෝලේ හැදුවේ කොච්චර බාධා මැද්දිද මොනතරම් විවේචන උද්ඝෝෂණ කරාද ඒකට විරුද්ධව..
    මේ සියලුම බාධා මැද්දෙ ඒක නොකර නම් අද ලංකාවෙන් භාගයක් අඳුරේ..
    නොරච්චෝලේ විතරක් නෙවෙයි කොත්මලේ ජල විදුලි බලාගාරය හදනකොටත් එහෙමයි..
    උමා ඔය ව්‍යාපෘතියටත් එහෙමයි..

    ඒකේ හිලක් අල්ලගෙන දඟලපු දැඟලිල්ල ක් එසේ මෙසේ එකක් නෙවෙයි..

    අද රජයේ මැති ඇමතිවරුම ලංකාවේ අනාගත සංවර්ධනයේ හැරවුම් ලක්ෂයක් කියන මර්මස්ථානයක් කියන පෝර්ට් සිටි එක හදනකොට,
    ඒකට කියපු කතා අමතක වෙන්න තරම් තාම වැඩි කාලයක් ගියේ නෑ.
    පෝර්ට් සිටියත් හැදුනා.. ලෝක උරුමයක් වෙච්ච සීගිරි ගලත් තාම තියෙනවා..

    සාම්පූර් හදන්න දුන්නෙ නෑ..
    සාම්පූර් හදන්න හම්බුනා නම් අද වෙනකොට විදුලි බිලට ජනතාවට ලොකු සහනයක් ලැබෙනවා..
    ඒව කරපු මනුස්සය ඒ වැඩ කරගෙන ගිය මිසක් ඉස්සර හිටපු අයට බැන බැන හිටියේ නෑ..
    පරණ නායකයන්ගේ අඩුපාඩු කිය කිය හිටියේ නෑ..
    වැඩකාරයෝ කියන්නේ වැඩ කරනවා මිසක් අතීතය ගැන කිය කිය ඉන්න මිනිස්සු නෙමෙයි..

    දැන් එහෙම කිසිම කරදරයක් නෑ..
    බාධාවලින් තොරව සංවර්ධන වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්..
    අද නියෝජ්‍ය ඇමතිතුමා කිව්වා පුරාවිද්‍යාවට දෙන්න ඕන ඉදිකිරීමේ විස්තර සහිත පූරුවක් එතැන තියෙනවා කියලා..

    ඒ පුවරුව දැකපු එතුමා,
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අදියර තුන,
    ගාල්ල මාතර මත්තල දක්වා.. සහ
    කොළඹ කටුනායක අධිවේගී මාර්ගය...
    මීරිගම කුරුණෑගල අධිවේගී මාර්ගය..
    නැගෙනහිර පළාතේ කිලෝමීටර සිය ගණනක දැවැන්ත මාර්ග ප්‍රතිසංස්කරණ...
    ලංකාවේ දිගම පාලම සහිතව නැගෙනහිර පළාතේ සම්පූර්ණයෙන් අළුතින්ම ඉදිකරපු පාලම් පද්ධතිය...
    මහියංගනය මහනුවර මාර්ගයේ දැවැන්ත මාර්ග සංවර්ධනයක් වූ දහ අට වංගුව කොටස.
    ඒ තැන්වල තියෙන පුවරුත් දැක්කේ නැද්ද දන්නෙ නෑ...
    ප්‍රධාන නගර නෙවෙයි ගම්බද අතුරු මාර්ග පවා කාපට් දාලා සංවර්ධනය කරලා තියෙන බව දැකලාත් නැතුව ඇති...
    තමන් කරන වැඩේ පැත්තකින් තියලා,

    අනුන්ට හින්ට් හරින්න ගියහම තමන්ගේම තත්වෙ එළියට එනවා කියන එක සමහර මහත්වරුන්ට තේරෙන්නෙ නෑ..
    පහුගිය ගංවතුර සහ නාය යෑම්වලින් නැවතුනු උඩරට දුම්රිය තවම රඹුක්කනින් එහාට අඩියක් ගත් ගිහිල්ල නෑ කියලත් මතක් වෙනවා..
    යාපනය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තාම මැච් එකක් ගහන්නත් බැරි උනා නේද කියලා හිතෙනවා....

    උතුරු දුම්රිය මාර්ගය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් වවුනියාවෙන් එහාට කිලෝමීටර සිය ගණනක් සම්පූර්ණයෙන්ම විනාශ කරලා තිබිලා යුද ජයග්‍රහණයෙන් වසර දෙකක් යනකොට විනාශ කරපු පාලම් ද සහිතව සම්පූර්ණයෙන්ම ඉදිකරා කියන එකත් අපිට මතකයි...
    මේ වැඩේ හොඳ එකක්..
    ඒ වගේම අතීතයේ හොඳ දේවල් තුට්ටුවට දෙකට දාන්නෙ නැතුව අගය කරන්න පුළුවන් නං ඒකත් හොඳ වැඩක්..
    කොහොම වුනත් අපේ ප්‍රාර්ථනය ඉතාමත් ඉක්මනින් අපට අධිවේගී මාර්ගයෙන් මත්තල ඉදල මහනුවරටම යන්න ලැබෙන්න කියලයි...
    එතකොට කැමති කෙනෙකුට ඕන නම්,
    මත්තලින් කිරි හට්ටියක් අරගෙන ,
    මාතරින් එළියට දාලා කෙලවල්ලා මාළු කුරියකුත් අරගෙන ,
    මහනුවරට ගෙනිහිල්ල දීල,
    නුවර වැවේ බෝට්ටු සංචාරයකුත් ගිහිල්ලා,
    පිළිමතලාවෙන් පිත්තල පහනකුත් අරගෙන ආපහු එන්න පුළුවන්.
    ගම්පහ හරියෙන් යනකොට දේවානිගේ පඬුකරද ගහත් බලාගෙන යන්න පුළුවන්..
    " කූඹියාගේ හුලිජ්ජ ඌට ගංගාවක් "..
    කියල කියපු මනුස්සයා මොනතරම් ඉස්සරහ ගැන හිතලා ඒ කතාව කිව්වද කියලා හිතෙනවා..

    ලාල් ද අල්විස්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,556
    48,786
    113
    සේදවත්ත
    ලේකම් අස් උනා නේද 😜


    මුන්ට ජන්දේ දුන්න නේ අපේ උන් . කරන්න දෙයක් නෑ දෙන්න එකෙක් නෑනේ වෙන 🤣🤣🤣. මාර වැඩේ ලංකාවට උනේ. දැන් අරන් කරගන්න බෑ කොනහනව
    ------ Post added on May 30, 2026 at 1:21 PM