වයස අවුරුදු 14ක බාලවයස්කාර දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සහ අධිකරණයට භාර වූ සැකකරුවන් දෙදෙනෙකු ලබන මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන 21 හැවිරිදි මවුලවීවරයා අපරාධයෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස් සිට ඇති අතර, පසුව ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණය වෙත භාර වී ඇත. ඔහු අම්පාර, එරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය තහවුරු කර තිබේ.
මේ අතර, අදාළ අපරාධය සිදුකිරීම සඳහා ආධාර සහ අනුබල දීමේ චෝදනාව මත එම ප්‍රදේශයේම පදිංචි 21 හැවිරිදි තවත් තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් එම සැකකරු ද අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබයි.