අක්කා මල්ලී පවුල් දෙක අතර මුදල් ආරවුලක්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,047
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගම්පොළ, දවුලගල ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණ පාසල් සිසුවියක් පැහැර ගැනීමේ සිදුවීම පසුගිය දිනවල ආන්දෝලනයට ලක්වූයේ සීසීටීවී දර්ශන මගින්ද එයට අදාළ දර්ශන ප්‍රචාරය වෙමිනි.
    මෙම සිසුවිය හා පැහැරගැනීම කළ තරුණයා අම්පාර බස් නැවතුමකදී අත්අඩංගුවට ගන්නට පොලිසිය සමත්වූ අතර එයින් පසු සිසුවියගේ පියා මාධ්‍ය වෙත කියා සිටියේ මෙය කප්පම් සිද්ධියක් බවත් මෙම තරුණයා හා තම දියණිය අතර කිසිදු ආදර සම්බන්ධයක් නොපැවති බවත්ය. නමුත් තරුණයාගේ මව එනම් සිසුවියගේ පියාගේ වැඩිමල් සොයුරිය පවසන්නේ දෙන්නා අතර සම්බන්ධයක් තිබූ බවය.
    මේ අතර තරුණයා හසුවූ පසු පොලිසියට දන්වා සිටියේ තමා හා පාසල් සිසුවිය අතර පෙම් සබඳතාවක් පැවති බවත් තමා ජපානයේ ගොස් රැකියා කර මුදල් එවා එම පවුලට උදව් කළ බවත්ය. තමා ඉල්ලා සිටියේ එම මුදල් බවත් එය නොදුන් තැන පැහැරගැනීම කළ බවත්ය.
    සිසුවියගේ පියාද පිළිගත් පරිදි මෙම තරුණයා ඔහුගේ අක්කාගේ පුතාය.

    තරුණයා හා සිසුවිය අතර කිසිදු සම්බන්ධයක් මින් ඉහත නොපැවති බව කියා සිටි නමුත් සිදුවීමෙන් අනතුරුව පොලිසිය කළ විමර්ශන වලදී සිසුවිය පැහැරගෙන ගිය වෑන් රථයේ රියදුරු කියා ඇත්තේ සිසුවියගෙන් කිසිදු විරෝධයක් මෙම පැහැරගැනීමෙන් පසු නොදුටු බවය. එසේම සිසුවිය හා තරුණයා රාත්‍රී දෙකක් කුඩා හෝටල්වල ගත කර තිබූ අතර ඒවාට ඔවුන් පෙම්වතුන් සේ ඇතුළුවන අයුරුත් ත්‍රීරෝද රථවලින් ඒවාට පැමිණෙද්දී පවා සාමාන්‍ය ලෙස හැසිරී ඇති අයුරුත් පොලිසියට හදුනාගන්නට ලැබී ඇත.
    සිසුවියගේ පියා කියා සිටියේ දැරිය කාමරයක සිර කර තැබූ බවත් දෙන්නා අතර කිසිදු සමීපතාවක් පැහැරගත් කාලයේ සිදු නොවූ බවත්ය. නමුත් ළැගුම්හල් හා කුඩා හෝටල් වල ඔවුන් රාත්‍රී ගත කළ සාක්ෂි ඔස්සේ මේ කතාව පොලිසිය විශ්වාස නොකරයි. මේ වනවිට සිසුවිය වෛද්‍ය පරීක්ෂණයකට ලක්කර ඇති අතර එහි ප්‍රතිඵල ඉදිරි අධිකණ දිනයේදී ඉදිරිපත් කරන්නට නියමිතය.
    මේ වනවිට තරුණයා හා ඊට අනුබල දුන් තවත් සැකකරුවෙකු මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු 14 දින අත්අඩංගුවට ගැනීමට ද පොලීසියට හැකිවිය.
    මෙම පැහැරගැනීම සඳහා සැකකරුවන් පැමිණි වෑන් රථයද පොලිස් භාරයට ගෙන තිබූ අතර, පසුව එහි රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
    මේ වනවිට පැහැරගැනීමට ලක් වූ දැරිය අධිකරණ වෛද්‍යවරයාගේ පරීක්ෂාවෙන් පසු, දෙමාපිය භාරයට පත් කර තිබෙයි.



    මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැහැරගත් දැරියගේ පියා තරයේ සඳහන් කළේ තම දියණිය සහ සැකකරු අතර කිසිදු ප්‍රේම සම්බන්ධයක් නොමැති බවයි.
    දැරියගේ පියා තවදුරටත් චෝදනා කළේ මෙම පැහැර ගැනීම සිදු කර ඇත්තේ මුදල් කප්පම් ගැනීමේ කුමන්ත්‍රණයක පියවරක් ලෙස පමණක් බවයි.
    18 හැවිරිදි පාසල් සිසුවිය සහ 31 හැවිරිදි මොහොමඩ් නසාර් අම්පාර බස් නැවතුම්පොළ අසල තිබූ මහනුවර බලා පිටත් වීමට නියමිත සුඛෝපභෝගී බස් රථයක සිටියදී හසුවූයේ ජීපීඑස් ඔස්සේ පොලිසිය කළ විමර්ශන අනුවයි.
    සැකකරු සහ දැරිය පොළොන්නරුවේ සිට වාලච්චේන දක්වා ගමන් කර පසුව අම්පාර දක්වා ත්‍රිරෝද රථයකින් ගමන් කර ඇති බවත්, එහිදී ඔවුන් පෞද්ගලික නවාතැනක රාත්‍රිය ගත කර ඇති බවත් පරීක්ෂණවලින් හෙළි වී තිබුණි.
    මූලික ප්‍රකාශයන්ට අනුව, පැහැර ගැනීම පවුල් ආරවුලක් හේතුවෙන් සිදු වූවක් බව සැකකරු ප්‍රකාශ කර තිබේ.
    ඔහු මීට පෙර ජපානයේ වසර දෙකක් විදේශගතව සේවය කර ඇති බවත්, ඔහුගේ මාමා වන දැරියගේ පියාට මුදල් ලබා දී ඇති බවත් එම මුදල් ආපසු ලබා දී නොමැති බවත් ඔහු චෝදනා කර තිබේ. මෙම සිදුවීම ඔවුන්ගේ යෝජිත විවාහය පිළිබඳ ගැටලු මතු කර ඇති බවටද වාර්තා වේ.

    සිසුවිය පැහැර ගැනීමට උපයෝගි කර ගත් වෑන් රථය පොළොන්නරුව ප්‍රදේශයේ අත්හැර දමා ගොස් තිබියදී පොලීසිය පෙරේදා (12) දහවල් සොයා ගනු ලැබිණි.වාහනයේ රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා පොළොන්නරුවේ සිට මහනුවර බලා පැමිණෙමින් සිටියදී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහුගේ ප්‍රකාශ අනුව සිසුවිය කිසිදු විරෝධයක් නොදක්වා සැකකරු සමඟ ගොස් තිබෙන බව හෙළිව ඇත.

    පොළොන්නරුවේ සිට මොවුන් කල්කුඩා ප්‍රදේශයට ගොස් තිබෙන බවට ලද තොරතුරු මත සිදු කළ පරීක්ෂාවකදී සිසුවිය සහ සැකකරු ත්‍රිරෝද රථයකින් පැමිණ එම ප්‍රදේශයේ හෝටලයකට ඇතුළු වන අයුරු හෝටලයේ සීසීටීවී කැමරා පද්ධතියේ පටිගතව තිබී සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.



    එම දර්ශනවලට අනුව සැකකරුට කිසිදු විරෝධයක් නොදක්වා සිසුවිය ඔහු හා හෝටලයට ඇතුළු වන බවක් දක්නට ලැබෙන බව පොලීසිය පවසයි.
    සැකකරු පොලිසියට මෙසේ ප්‍රකාශ කර තිබේ.

    "මේ තරුණිය මම විවාහ කර ගැනීමට සිටියේ. ඒකට තරුණියගේ මවුපියන් කැමැත්තෙන් සිටියා. මම ජපානයේ රැකියාවක් කළා. එහිදී හම්බ කළ සල්ලි මේ පවුල වෙනුවෙන් වියදම් කළා. පස්සෙ මේ මවුපියන් තරුණිය විවාහ කරදීමට අකමැති වූ නිසා මේ වගේ තීරණයක් ගත්තා. මේ පවුල වෙනුවෙන් මම හම්බ කළ රුපියල් ලක්ෂ 50ක් විතර වියදම් කළා. මගේ බැංකු කාඩ් එක පවා භාවිත කළේ මේ තරුණිය විසින්. එයට අවශ්‍ය සාක්ෂි මම සතුව තියෙනවා."

    අදාළ සිසුවිය අම්පාර පොලිස් ස්ථානයේ කාන්තා කාර්යාංශයට පවසා ඇත්තේ පෙරේදා (12) රාත්‍රී අම්පාර නගරයේ නවාතැන් පොළක සිටි බවත්, ඊට පෙර දිනයේ පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයක සිටි බවත්, තමන්ගේ මස්සිනාගෙන් තමන්ට කිසිම ලිංගික හිරිහැරයක් නොවූ බවත්ය.

    පසුව සිසුවිය අම්පාර පොලිස් ස්ථානයේ කාන්තා කාර්යංශයේ නිලධාරීන් විසින් වෛද්‍ය පරීක්ෂණයකට අම්පාර මහ රෝහලට ගෙන යනු ලැබීය.

    මහනුවර - අඹරපොල ප්‍රදේශයේදී පාසල් සිසුවියක් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ මව කියා ඇත්තේ සිසුවිය තම සහෝදරයාගේ දියණියක් බවත්, තම පුතා තම සහෝදරයාගේ පවුලේ අය විසින් රවටා ඇති බවත්ය.
    තම පුතා විදේශගතව සේවය කර රුපියල් ලක්ෂ 32කට ආසන්න මුදලක් තම සොහොයුරාට ලබාදීමෙන් පසු සොයුරා එම මුදලින් වාහන මිලදී ගෙන තම ඔහුගේ සියලු අවශ්‍යතා සපුරා ගත් බවද ඒ කාලයේ තම සොහොයුරාගේ දියණියට සහ තම පුතාට විවාහ වීමට පවුලේ උදවිය කතා කරමින් සිටියත් පසුව වෙනස්වූ ඔහු පුතා නිවසින් එළවා දැමූ බවත් අතිවිශාල මුදලක් ලබාගෙන එයද ලබා නොදුන් බවත් මව චෝදනා කර තිබේ.
    ඇය පැහැරගෙන යන විට කෑ ගසා දිවි ගලවා ගැනීමට සිසුවිය උත්සාහ නොකළේ ඇගේ පියා වරදක් ඛළ නිසා බවත්
    සිසුවිය නිහඩව ගියේ පියාගේ වරද තමන්ට වැටහුණු නිසා බවත් තරුණයාගේ මව වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

    මෙම තරුණයාට එරෙහිව කප්පම් ගැනීම හා බලහත්කාර පැහැරගැනීම යටතේ චෝදනා එල්ලවී තිබේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,629
    25,992
    113
    පල්ලියෙන් කියන දෙයක් තමයි.... අපරාදේ පොලිසියේ මහන්සිය, අපේ බදු මුදල්..... ඔය මොන පර්යේෂණ කලත් පල්ලියෙන් බැඳපන් කිව්වොත් බඳිනවා.... 1
     
    • Like
    Reactions: Naughtykolla48

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,063
    113
    හිච්චි ජෙනරාල් ඔත්තු සේවය මගින් මෙම ගැටලුව විසඳීම සම්බන්ධයෙන් අපගේ ස්තූතිය
    එලකිරි හිච්චි ඉස්සකෝලේ බුඤ්ඤි අංශය
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    දැන් අර පැහැරගන්න යන කොට බේර ගන්න ආපු කොල්ලට මොනවා හිතෙනවා ඇද්ද?