මගේ වයස අවුරුදු 43. මම Software Engneer කෙනෙක් නිදහස් අධ්‍යාපනයෙන් බිහි උන . wife private company එකක වැඩ . මගේ දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ඔවුන් පෞද්ගලික පාසල් වලට යනවා.
මගේ මාසික වැටුප රු. ලක්ෂ 3.5 . බිරිඳගේ වැටුප රු. 2 ලක්ෂ පමණ. අපි පොඩි Alto එකක් භාවිතා කරනවා.
මගේ තාත්තා එක තැන් වෙලා . ඔහුගේ කකුල් ප්‍රශ්නයක් නිසා. අම්මාත් රෝහලේ ඉන්නවා.මාස දෙකකට් විතර කලින් හදිසි රෝගී තත්වයක් නිසා . අම්මා ගාව ස්ථිර සේවකයෙක් තියෙනවා. කෑම බීම , toilet යන ඒවා ඔක්කොම ඇඳේ ඉදන් තමයි. එයාට දවසකට 4500ක්. බෙහෙත් හේත් අනෙක් වියදම් ගත්තම ඊටත් වැඩියි.
මට Inland Revenue එකෙන් එන්න කියලා තිබුණා මාසයකට කලින්. ඒකේ තිබුණේ මගේ ඉඩමක් විකිණීමක් ගැන. ඒකට Capital Gain Tax එකක් එකතු කරන්න හදනවා. ඒ ඉඩම මට තාත්තාගෙන් උරුමය ලෙස ලැබුණු එකක්. මට මුදල් අවශ්‍ය වූ නිසා ඒ ඉඩම විකිණුවා ලක්ෂ 40කට. ඒකට 2017 වසරේ අගයත් දැන් අගයත් අතර වෙනස බලලා 30%ක් දක්වා බදු අය කළ හැකි බව Inland Revenue එකේ එක්කෙනා කිව්වා . මට හිතෙන විදිහට ලක්ෂ 3ක් වත් ගෙවන්න වෙයි .
මගේ වැටුපෙන් මම මාසිකව රු. 80,000ක් පමණ tax ගෙවනවා . බිරිඳත් රු. 60,000ක් පමණ ගෙවනවා . Bonus, Leave encash වගේ දේවල් වලින් 36%ක බදු අය වෙනවා. මගේ Fixed Deposit එකක් තබා තිබුණා. ඒකෙන් පොලී ලැබෙන විට 36%ක බදු ගෙවන්න වෙනවා. උදාහරණයක් ලෙස පොලිය අව්රුද්දට ලක්ෂයක් නම්, ඒකට රු. 36,000ක් බදු ගෙවන්න වෙනවා.
මම මේ කල්පනා කලේ , අපි පොඩි කාලේ ඉදන් ඉගෙනගෙන , රස්සාවල් හොයාගෙන, දුක් විදලා , ජීවිතයෙන් බාගයක් කැප කරලා , හෙම්බත් වෙන්න වැඩ කරලා, අවුරුදු 16ක අත්දැකීමක් තිබුණත් මට ලැබෙන වැටුප අඩුයි. එහෙමත් වෙලා මෙහෙම අපෙන් විතරක් tax ගහන එක කොච්චර සහ ගහන අපරාදයක් ද ?
මම දන්නා අය ඉන්නවා , tution ගුරුවරු, ව්‍යාපාරිකයෝ — දවසකට ලක්ෂ 10–15ක් හම්බ කරන මිනිස්සු. එක සතයක් බදු ගෙවන්නේ නැහැ .
මට හරි කලකිරීමක් ආවා. එක්කෝ රජය මේ බදු අනෙක් අයටත් apply වෙන්න හදලා බෙල්ල මුලින්ම අපිව මිරිකලා සාරය උරා බොන එක නවත්තන්න ඕනේ . නැත්නම් අපි මේ දේවල් සේරම නවත්තල කුබුරු කොටන්න ඕනේ .
හරිම අසාදාරණ , ජරා tax system එකක් . මෙහෙම උනාම කොහොමද Professional category එකේ මිනිස්සු ජීවත් වෙන්නේ.
දරුවන්ගේ අධ්‍යාපනය, අම්මා-තාත්තා ගේ වියදම් , පවුලේ වියදම් — මේ හැමදේම කරගන්නේ කොහොමද ? අපිට ජීවිතයක් නැත්ද ? ට්‍රිප් එකක් යන්න , හොඳ වාහනයක් එලවන්න . අපේ සල්ලි අරගෙන කරන්නේ pension එකයි , අස්වසුමයි දෙන එක . අපි වයසට ගියාම කව්ද බලා ගන්නේ ? ආණ්ඩුවද ?
මම හිතුව අඩුම ගානේ මේ දේවල් හදයි කියල මේ ආණ්ඩුවෙන් .
මේ දේවල් ටික මම දැම්මේ රස්සාවල් කරන අයටත් උදව්වක් වෙයි කියල. මේවා දැනගෙන ඉන්න.
වැදගත් :
ඔයාගේ වැටුප මාසයට රු.ලක්ෂ 1.5 ට වැඩි නම් Fixed Deposit දාන්න එපා. ඒකට interest එකට 36%ක බදු අය වෙනවා. normally අය කරන්නේ withholding tax එක..ඒක 15%
ඉඩමක් විකිණුවා නම්, උරුමයෙන් ලැබුණු එකක් උනත් , විකිණීමේ අගය මත 30% වෙනකන් එයාලට බදු එකතු කරන්න පුළුවන් . ඒක මතක තියාගන්න. විකුනනකොට ගාන කියන්න වෙන්නේ ඒකත් එක්ක .
හොදම දේ business එකක් side එකෙන් කරන එක . මොකද business එකක බදු ගහන්නේ ලාභයට . නමුත් අපෙන් tax ගහන්නේ income එකට. ඒකට අපේ මිනිය ගෙදර තිබ්බත් , කොච්චර කෙල උනත් අදාල නැහැ .
මේ මට හිතුන දේවල් ටික. මොනවහරි තියනවනම් comment කරන්න .

Last edited: