කඩේ ගිය උන් මෙන්න කෙඳිරි ගානවා 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,468
    75,197
    113


    මේ චාර්ට් එකෙන් පැහැදිලිවම පේනවා VAT රෙජිස්ටර් වෙන්න වෙන සීමාව (Threshold) පහු කරපු ගමන් ලංකාවේ කුඩා ව්‍යාපාර සම්පූර්ණයෙන්ම අනාථ වෙන්නේ ඇයි කියලා.
    න්‍යායාත්මකව (In theory) VAT කියන්නේ පාරිභෝගිකයා මත පැටවෙන බද්දක් වුණත්, ප්‍රායෝගිකව තියෙන දැඩි මිල තරඟකාරිත්වය නිසා ඒක එහෙම වෙන්නේ නැහැ. මොකද VAT ගෙවන්න ඕන නැති කුඩා ව්‍යාපාරිකයෝ එක්ක මිල තරඟ කරන්න නම්, VAT රෙජිස්ටර් වුණු කෙනාට තමන්ගේ ලාභාංශය සම්පූර්ණයෙන්ම කපලා, ලොකු ඩිස්කවුන්ට් එකක් දීලා, ඒ මදිවට ඒ ඩිස්කවුන්ට් එක මතත් VAT බද්ද තමන්ගේ අතින්ම පියවන්න සිද්ධ වෙනවා. අන්තිමට ලාභය රුපියල් බිංදුවයි!
    දැන් ඉතින් පොතේ තියරි විතරක් කතා කරන අය කියන්න පුළුවන් "ඉතින් Input VAT claim කරාම ඕක වෙන්නැහැනේ" කියලා. හැබැයි ලංකාවේ මිලියන 6ට අඩු ටර්න්ඕවර් තියෙන ව්‍යාපාරිකයන්ට එහෙම Input VAT claim කරන්න පුළුවන් සප්ලයි චේන් එකක් නැහැ. එයාලා අමුද්‍රව්‍ය ගන්නේ පිටකොටුව වගේ තොග වෙළෙඳපොළවල් වලින්. ඒ තොග මුදලාලිලා කවදාවත් VAT බිල් දෙන්නේ නැහැ; දෙන්නේ "On Approval" බිල්. ඉතින් Input VAT claim කරන්නේ කොහොමද?
    මුළු import process එකම handle කරන මහ පරිමාණ පිරිසට ගැටලුවක් නෑ. එයාලට input VAT claim කරන්න පුළුවන්. මෙතැන පීඩාවට පත්වෙන්නේ treshold එක ආසන්නයේ ඊට උඩින් ඉන්න SME විතරයි.
    VAT කියන්නේ ඉතාම හොඳ බදු ක්‍රමයක්. හැබැයි ලංකාවේ මුළු සප්ලයි චේන් එකම බදු නොගෙවා, cash වලින් විතරක් දුවන හොර ගුහාවක්. රජයක් විදිහට ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඒ හැමෝම VAT දැල ඇතුළට ගන්න එක. ඊට පස්සේ බදු සීමාව (Threshold) බිංදුවටම බස්සන්න ඕනේ. එහෙම නැතුව මුළු රටේම එක කොටසක් විතරක් නීත්‍යානුකූලව බදු ගෙවද්දී, මුළු බදු බරම ඒ මිනිස්සු පිට පටවලා ප්‍රශ්න විසඳන්න හදන එක හරියට "ළමයා හදලා, ඊට පස්සේ වෙලාවක් තිබුණොත් කසාද බඳිමු" කියනවා වගේ වැඩක්.


    ------ Post added on Jun 21, 2026 at 1:56 PM