රිලව් කීපය ගාණෙ අල්ලලා පරිසරවේදීන්ගෙ ගෙවල්වලට ගෙනත් දාමුද? ඩිලාන් පුතාගෙ සුපිරි අයිඩියා එකට අ‍ැමරිකාවෙ migrant උදාහරණයකුත් දාල හදල ගත්තා. 😁😁

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,631
    1
    15,337
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්. ඩිලාන් පුතා දාපු මේ සුපිරි අයිඩියා එක මම කාටත් අ‍ාස හිතෙන විදිහට ලස්සනට හදලා ගත්තා.

    උදාහරණයට ගත්තෙ Ron DeSantis උන්නැහේ Martha's Vineyard එකට migrants ලා 100 ක් යවපු සීන් එක. වැඩේ හිතපු විදිහටම වුණානෙ එ‍්කෙනුත්. 🤣🤣

    අඩෝ ගමේ උන්ට රිලව් 50ක් විතර අල්ලලා ලොරියක දාගෙන ඇවිත් කොලබට ගෙනල්ලා අත අරින්න වගේ අයිඩියා එකක් දුන්නොත් කොහොමද . :lol:

    Original idea එකට @dilann ට thanks. 😍 මෙන්න එහෙනම් වර නගලා ලියපු එක.

    Fb යන්න කම්මැලි / embed එක පේන් නැති උන්ට.
    👇👇

    මේ පින්තූරය බලන්න.

    අ‍ැමරිකාවෙ මෙක්සිකානු දේශ සීමාව බයිඩන් පාලනය යටතේ විවෘත කිරීමත් එක්ක එ‍් අ‍ාසන්නයේ නගර බොහොමයක් අනවසර සංක්‍රමණිකයන් දාස් ගණන් පැමිණීම නිසා ප්‍රශ්න රැසකට මුහුණ දුන්නා. හැබැයි තීන්දු තීරණ ගන්න ඉහළ පෙළේ අය ඉන්න ප්‍රදේශවල ගැටලුවක් නොතිබුණු නිසා කවුරුත් එයාලාගෙ ඉල්ලීම්, දුක් ගැනවිලි ගැන අ‍ැහුවෙ නෑ. එ‍් වෙනුවට සංක්‍රමණිකයන්ට "මානුෂිකව සලකන්න, ඔවුන්ට ඉන්න තමන්ගෙ ගෙවත්තෙ ඉඩ වෙන් කරන්න" කියල තමයි ලොකු ලොකු අය කවුරුත් කිව්වෙ.

    හැබැයි ෆ්ලොරිඩා ප්‍රාන්තයේ අ‍ාණ්ඩුකාර ඩිසැන්ටිස් මහතා එ‍්කට අපූරු පිළියමක් කරා. එ‍් තමයි බස් කීපයක දාලා සංක්‍රමණිකයන් සීයක විතර පිරිසක් හිටපු ජනාධිපති බැරැක් ඔබාමා අ‍ැතුළු ඩිමොක්‍රැට් පක්ෂයේ දේශපාලන, ව්‍යාපාරික ප්‍රබලයන් බොහොමයකගෙ සුපිරි නිවාස තියෙන ප්‍රදේශයකට ගිහින් අ‍ැරලවීම. එ‍් හරහා ඔවුන්ට තමන් අනුන්ට කරන්න කියල කියන දේවල් තමන්ම කරලා පෙන්නන්න අවස්ථාවක් ලැබුණා.

    හැබැයි ඩිමොක්‍රැට් පක්ෂ ප්‍රබලයන් සංක්‍රමණිකයන්ට මානුෂිකව ඉන්න තමන්ගෙ සුවිසල් ගෙවතුවල ඉඩ වෙන් කරේ නෑ. අ‍ාරක්ෂක සේනාංක ගෙන්වලා ඔවුන්ව පැයකින් ඉවත් කරලා දැම්මා. අනිත් නගරවල සංක්‍රමණිකයන් දාස් ගණන් ඉඳලා අ‍ැති කරන ප්‍රශ්නය එයාලට හොඳට තේරෙන්න එ‍්ක අපූරු ක්‍රමයක් වුණා.

    එ‍් විතරක් නෙවෙයි, දේශ සීමාවට විතරක් සීමා වෙලා තිබ්බ නිසා ලොකු ලොකු උදවිය වැඩිය ගණන් නොගත්ත, ලිබරල් මාධ්‍යවලින් හංගන්න උත්සාහ කරන ප්‍රශ්නය මුළු රටේම කතාබහට ලක් වුණා. අන්තිමේ බයිඩන් පාලනය පවා සංක්‍රමණිකයන් පැමිණීම පාලනය කරන්න පියවර ගත්තා.

    ඉතින් රිලා ප්‍රශ්නය විසඳන්නත් මේකෙන් අපිට හොඳ පාඩමක් ගන්න පුළුවන්. කොළඹ සීතල කාමරවල ඉන්න අයට තාම මේක දුර පළාතක තියෙන ප්‍රශ්නයක් විතරයි. පරිසරවේදීන්ටත් මානුෂිකව බලන්න අ‍ාස හිතෙන්නෙ එ‍්ක පිට පළාතක තියෙන ප්‍රශ්නයක් නිසා.

    ඉතින් රිලා ප්‍රශ්නයෙන් බැට කන ප්‍රදේශවල ජනතාවට තියෙන හොඳ විසඳුමක් තමයි ඔය කරුමයක් වුණ රිලව් ටිකක් අල්ලලා, ඔය මානුෂිකව සලකන්න කියන උදවියගෙ, ලොකු ලොකු අ‍ැමතිලාගෙ ගෙවල්වලට ගෙනිහින් අත අරින එක. අන්න එතකොට බලන්න පුළුවන් එයාලා රිළවුන්ට මානුෂිකව සළකන හැටි.

    ප්‍රශ්නය තමාගෙ නොවන තාක් දෙන දාර්ශනික විසඳුම් රෝල් කරලා කොහෙ හරි ගහගෙන හරි හමන් විසඳුමක් දෙන්න එතකොට එයාලා පියවර ගනියි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තේරුමක් නෑනේ..මොකෝ රිලවා උගේ වත්තේ විතරක් ඉන්නවද? අන්තිමට රිලව් නැති පලාත් වලටත් කරදරේ බෝ වෙන එක විතරයි වෙන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,646
    165,070
    113
    එකමත් එක රටක
    තේරුමක් නෑනේ..මොකෝ රිලවා උගේ වත්තේ විතරක් ඉන්නවද? අන්තිමට රිලව් නැති පලාත් වලටත් කරදරේ බෝ වෙන එක විතරයි වෙන්නේ.
    කොලබ රිලව් 100ක 200ක රංචුවක් ඉද්දි පොඩි ආතල් එකක් තියෙයි හැබැයි..
    අන්තිමටම පුනරුදයෙන් කොලබටත් රිලව් කියලා කියයි . ඒවා අතුරු ප්‍රතිපල 🥱
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අවුරුදු කිහිපයකට පසු...

    කොළඹ රිලව් සොයා ලාල්කාන්ත මෙහෙයුමක් ආරම්භ කරයි.
     
    • Haha
    Reactions: Asmodeus

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මං නං කියන්නේ ඕකුං ව මරල මට ගෙනැත් දියන්. මං ඔක්කොම කන්නන්.
    ප්‍රෝටීන් නැතුව ඉන්නෙ

    තව ඕනනම් ශ්‍රී ලංකා කායවර්ධන කණ්ඩායමේ. National pool එකේ සෙට් එකට okun roast කරල දීපන්.
    සතියෙන් ඔක්කොම ඉවර කරයි 💪
    හොඳ international මීට් එකකට යවන්න පුළුවන් ayomaya purushayo ටික. :rofl:

    බිත්තර වෙනුවට වඳුරු මොටය්යො :P නරක නෑ 😜
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113

    එහෙම කරන්න එපා
    පරිසර වේදියෝ පව් නේ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,631
    1
    15,337
    113
    මං නං කියන්නේ ඕකුං ව මරල මට ගෙනැත් දියන්. මං ඔක්කොම කන්නන්.
    ප්‍රෝටීන් නැතුව ඉන්නෙ

    තව ඕනනම් ශ්‍රී ලංකා කායවර්ධන කණ්ඩායමේ. National pool එකේ සෙට් එකට okun roast කරල දීපන්.
    සතියෙන් ඔක්කොම ඉවර කරයි 💪
    හොඳ international මීට් එකකට යවන්න පුළුවන් ayomaya purushayo ටික. :rofl:

    බිත්තර වෙනුවට වඳුරු මොටය්යො :P නරක නෑ 😜
    කන එක තමයි කරන්න ඕනෙ අනිවා. මම කලිනුත් කිව්වනෙ. සත්තු පාලනය කරන්න tried and tested හොඳම ක්‍රමය. අනික රිලා මස් පට්ට රසයිලු යකෝ. වැද්දොන්ගෙ එහෙම favorite එකක්. ගොඩක් උන් මුවාට ගෝනාට පස්සෙ අ‍ාසම රිලා මස්ලු.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කන එක තමයි කරන්න ඕනෙ අනිවා. මම කලිනුත් කිව්වනෙ. සත්තු පාලනය කරන්න tried and tested හොඳම ක්‍රමය. අනික රිලා මස් පට්ට රසයිලු යකෝ. වැද්දොන්ගෙ එහෙම favorite එකක්. ගොඩක් උන් මුවාට ගෝනාට පස්සෙ අ‍ාසම රිලා මස්ලු.
    Adeeeee
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,703
    4,112
    113
    නියම අදහස. ටික දවසකින් අහල පහල උන් එකතු වෙලා පරිසරවේදියොත් එලවලා දායි :ROFLMAO:

    කන එක තමයි කරන්න ඕනෙ අනිවා. මම කලිනුත් කිව්වනෙ. සත්තු පාලනය කරන්න tried and tested හොඳම ක්‍රමය. අනික රිලා මස් පට්ට රසයිලු යකෝ. වැද්දොන්ගෙ එහෙම favorite එකක්. ගොඩක් උන් මුවාට ගෝනාට පස්සෙ අ‍ාසම රිලා මස්ලු.
    අපේ පැත්තෙත් රිළව්/වඳුරො/දඬුලේන්නු ඉන්නව බන්. ඒත් දඩයම් කරන උන් රිලව් වඳුරො දඬුලේන්නු මරනව අඩුයි.නෑ වගේ. හේතුව නං දන්නෙ නෑ. එයා රයිෆල් තියෙන උනුත් දුර තියන්නෙ. මැරෙන්නෙ නැති වෙන විදියට. රසයි නං උන් කනවනෙ.
    ------ Post added on Dec 13, 2024 at 8:50 AM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,631
    1
    15,337
    113
    නියම අදහස. ටික දවසකින් අහල පහල උන් එකතු වෙලා පරිසරවේදියොත් එලවලා දායි :ROFLMAO:

    අපේ පැත්තෙත් රිළව්/වඳුරො/දඬුලේන්නු ඉන්නව බන්. ඒත් දඩයම් කරන උන් රිලව් වඳුරො දඬුලේන්නු මරනව අඩුයි.නෑ වගේ. හේතුව නං දන්නෙ නෑ. එයා රයිෆල් තියෙන උනුත් දුර තියන්නෙ. මැරෙන්නෙ නැති වෙන විදියට. රසයි නං උන් කනවනෙ.
    ------ Post added on Dec 13, 2024 at 8:50 AM
    සිරාවටම
     
    • Like
    Reactions: Udee KJ