අඩු කුලේ වලි

monson

Well-known member
  • May 7, 2007
    24,885
    26,919
    113

    16 හැවිරිදි අයෙකුට පහර දුන් එකම පවුලේ සිව්දෙනෙක් අත්අඩංගුවට​

    June 4, 2026 07:16 am

    පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වු වීඩියෝවට අදාළව කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
    ගාල්ල ප්‍රදේශයේ දේපල සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය විය.
    ගාල්ල පොලීසියට ලද තොරතුරකට අනුව දේපළ සොරකම් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් 16 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
    අදාළ සැකකරුට පැමිණිලිකාර පාර්ශවය විසින් අමානුෂික ලෙස පහරදී ඇති බවට ඔහුගේ මව විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව එම පහරදීම සම්බන්ධයෙන් එකම පවුලේ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
    වයස අවුරුදු 47ක් වන කාන්තාවක්, ඇයගේ සැමියා සහ ඔවුන් දෙදෙනාගේ 17 හැවිරිදි දියණිය සහ පුත්‍රයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
    අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (04) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
    මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ විඩියෝවකට අදාළව සිසුන් පිරිසක් විසින් තවත් සිසුන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට අදාළව සිසුන් හත් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
    ඉරට්ටපෙරියකුලම වැව ආසන්නයේදී සිසුන් දෙදෙනෙකුට තවත් සිසුන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදීමේ වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබුණි.
    මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ ඉරට්ටපෙරියකුලම පොලීසිය විසින් අදාළ පහරදීමට සම්බන්ධ සිසුන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
    සැකකරුවන් අවුරුදු 14ත් 17ත් අතර වයසැති සිසුන් පිරිසක් බව පොලීසිය සඳහන් කළේය.
    අත්අඩංගුවට ගත් සිසුන් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 වන දින දක්වා කැබිතිගොල්ලෑව පරිවාස භාරයට පත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
    පහරකෑමට ලක්වූ සිසුන් දෙදෙනා මේ වන විට වව්නියාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.

    - https://sinhala.adaderana.lk/news/226584
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,831
    6,241
    113
    East Blue (Goa Kingdom)
    ලොල් ඕවට අඩුවෙන් දඬුවම් හම්බ උනොත් තියෙන නීතියෙන් දෙන්න පුළුවන් ඒවා උපරිම නොදී ,
    එකට විරුද්දව කතා කරොත් ප්‍රජා අයිතිය නැතුව හිරේ යන්න වේවි .

    මුලින්ම නීති ඕන අවම දඬුවම් වැඩි , හෝ අඩු වෙන්න ,
    අධිකරණ තීන්දු විවේචනය කරන්න බැරි වෙන්න තියෙන නීති අහෝසි කරන්න ඕන .
    අනිත් එක මොන තීන්දුව දුන්නත් එකටට පැහැදිලි හේතු සහ , guide ලිනේ වගේ නීති ඕන ,


    ඕව වෙනස් කරන්න රටේ මිනිස්සු දැන ගන්න ඕන ඡන්දෙන් යවන 225+1 ට කියන .

    රක්ෂිත බන්ධනාගාර ගත කරන එක උනත් කරන්න බැරි අවස්ථා etc පැහැදිලිව දීර්ගාව නීතියේ තියෙන්න ඕන ලියල .

    ලංකාවේ හොඳටම මදි එහෙම ලිමිට් ලියලා තියෙන .