කාලෙන් කාලෙට සිරහත වුනාම / රඳවාගෙන ප්‍රශ්න කරන කාලෙට පොලිසියෙන් හිරිහැර කරා කියල කතා යනවා... ඇත්තද බොරුද දන්නේ නෑ.. ඒත් කවදාවත් එහෙම වෙලා තියෙනවා කියල වාර්තා වුනාට පොලිස් නිලධාරින් වරදකරු බවට ඔප්පු වෙලා දඬුවම් විඳින කතා අහල තියෙනව ද?
මම නම් අහල තියෙන්නේ එක කතාවක් විතරයි... රූකාන්තලට හිරිහැර කරපු අය දඬුවම් විඳපු එක.. ඒ සිද්දිය නම් රූකාන්ත ඇතුලු පිරිස ගෙදර ඉන්නකොට.. හිරේ ඉන්න කොට නෙවෙයි..
සේයා ඝාතන සිද්දියෙදි කොන්ඩය, අසල්වැසි ළමය කියන දෙන්නටත් හිරිහැර වුනා කියල කතාවක් ගියා ප්‍රශ්න කරන කාලේ... ඒත් ඊට පස්සේ මොකො උනේ කියල නම් දන්නේ නෑ.