නේවසඤ්ඤානාසඤ්ඤායතනය නිවන නොවන බව තේරුම් ගත්ත විදිය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,511
    100,682
    113
    අන්තිමට දාපු මේ නූලෙ තිබ්බ මෙහෙම කොටසක් https://elakiri.com/threads/බුදුන්-වහන්සේ-වැඩසිටි-සමයේ-සෝවාන්-වූ-පුද්ගලයන්-වැඩි-වීමට-භාශාව-බලපෑවාද.2244487/
    අපි භවාග්‍රය කියලා සලකන , නේවසංඥානාසංඥායතනය කියන හතර වෙනි අසංඥ තලය වෙනකල් විමුක්තිය ලැබිය හැකි භාවනා ක්‍රම ඒ වෙද්දි දියුණු වෙලා තිබුණා...

    උද්දක රාම පුත්‍රගේ ඉගැන්වීම් වලින් සිදුහත් තවුසා නේවසංඥානාසංඥායතනය තෙක් විමුක්තිය ඉගෙනගෙන, එතනට එහා යන විමුක්තියක් සොයමින් සිටියා...
    ඔය අන්තිම අසංඥ තලයේ සුවය නිවනට ආසන්නයි කියලා සඳහන් වෙන්නෙ.
    බුදු හමුදුරුවො ඕක කොහොමද වෙන් කරගන්න ඇත්තෙ කියල හොයනකොට මේක ලැබුනෙ.

    @greenthunder @ek_rosh @nipund @Blair Solari මේක මෙහෙමද වෙලා තියෙන්නෙ?

    බුදුරජාණන් වහන්සේ බුදුවීමට පෙර (බෝධිසත්ත්ව අවධියේදී) ආලාර කාලාම සහ උද්දකරාමපුත්ත යන ගුරුවරුන් වෙතින් "නේවසඤ්ඤානාසඤ්ඤායතනය" වැනි ඉහළම රූපාවචර සහ අරූපාවචර ධ්‍යාන සමාපත්ති ප්‍රගුණ කළා.
    එය නිවන නොවන බව උන්වහන්සේ තේරුම් ගත්තේ ඉතාම තාර්කික සහ ප්‍රායෝගික කරුණු කිහිපයක් පදනම් කරගෙනයි:

    1. තවදුරටත් ඉතිරිව පවතින "සංස්කාර"
    "නේවසඤ්ඤානාසඤ්ඤායතනය" යනු සඤ්ඤාව (හැඟීම) ඇත්තෙත් නැති, නැත්තෙත් නැති ඉතාම සියුම් අවස්ථාවක්. නමුත් එහිත් ඉතාම සියුම් මට්ටමකින් සංස්කාර ඉතිරි වී පවතින බව බෝධිසත්ත්වයන් වහන්සේ දුටුවා. නිවන යනු සියලු සංස්කාරයන්ගෙන් මිදීම (අසංඛත) වුවත්, මේ තත්ත්වය තවමත් ශක්තියක් මත පදනම් වූවක්.

    2. අනිත්‍ය බව වටහා ගැනීම
    මෙම ඉහළම සමාධියට පත් වූ විට ලැබෙන සාමය තාවකාලිකයි. එම සමාධියෙන් නැගී සිටි පසු නැවත සාමාන්‍ය කෙලෙස් සිතුවිලි ඇති විය හැකි බවත්, එම තත්ත්වය පවත්වා ගැනීමට දැඩි වෙහෙසක් (ආයූහනයක්) අවශ්‍ය බවත් උන්වහන්සේට වැටහුණා. යමක් ඇති වූවා නම් එය නැති විය යුතුමයි (අනිත්‍යයි). ඒ නිසා මෙය සදාකාලික මෝක්ෂය විය නොහැකි බව උන්වහන්සේ තීරණය කළා.

    3. පුනර්භවය වැළැක්වීමට නොහැකි වීම
    මෙම ධ්‍යාන මට්ටම්වලින් කෙලෙස් යටපත් කිරීම (විෂ්කම්භන ප්‍රහාණය) පමණක් සිදු වන අතර, කෙලෙස් මුල් පිටින්ම උදුරා දැමීම (සමුච්ඡේද ප්‍රහාණය) සිදු නොවන බව බෝධිසත්ත්වයන් වහන්සේ වටහා ගත්තා. එම ධ්‍යාන බලය අවසන් වූ පසු නැවතත් සත්වයා උත්පත්තිය කරා (සංසාරයට) ඇදී යන බව උන්වහන්සේ දුටුවා.

    4. ප්‍රඥාවට ඉඩක් නොමැති වීම
    නේවසඤ්ඤානාසඤ්ඤායතනයේදී සිත කෙතරම් සියුම්ද යත්, එතැනදී "විදර්ශනා ඥානය" හෝ චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට අවශ්‍ය කරන අවදිමත් මනසක් (Active Consciousness) ක්‍රියාත්මක වන්නේ නැහැ. නිවන සඳහා ප්‍රඥාව අත්‍යවශ්‍ය වුවත්, මෙම ධ්‍යානය තුළ ඇත්තේ ඒකාග්‍රතාවය (Concentration) පමණක් බව උන්වහන්සේ අවබෝධ කරගත්තා.

    "නායං ධම්මෝ නිබ්බිදාය, න විරාගාය, න නිරෝධාය, න උපසමාය, න අභිඤ්ඤාය, න සම්බෝධාය, න නිබ්බානාය සංවත්තති."
    (මෙම ධර්මය කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරුද්ධ වීම පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස හෝ නිවන පිණිස පවතින්නේ නැත.)

    මෙම කරුණු නිසා උන්වහන්සේ එම ගුරුවරුන් අත්හැර තමන් වහන්සේම ස්වාධීනව "මධ්‍යම ප්‍රතිපදාව" සොයා යාමට තීරණය කළා.

    වීණාවක හඬ මිහිරි වීමට නම් එහි තත් සකස් විය යුතු ආකාරය අනුව මධ්‍යම ප්‍රතිපදාව මෙසේ පැහැදිලි කළ හැකියි:
    1. තත් තද වැඩි වූ විට: වීණාවක තත් ඕනෑවට වඩා තද කළහොත්, එය වැයීමට උත්සාහ කරන විට තත කැඩී යයි. එසේත් නැත්නම් ඉන් නිකුත් වන්නේ රළු, අමිහිරි ශබ්දයකි. මෙය අත්තකිලමථානුයෝගයට (ශරීරයට දැඩි ලෙස දුක් දීම) සමානයි.

    2. තත් බුරුල් වැඩි වූ විට: වීණාවේ තත් ඕනෑවට වඩා බුරුල් වූ විට, එයින් කිසිදු හඬක් නිකුත් නොවේ. එය වැයිය නොහැකි උපකරණයක් බවට පත්වේ. මෙය කාමසුඛල්ලිකානුයෝගයට (සැප සම්පත්වලම ගැලී සිටීම) සමානයි.

    3. තත් නිසි පරිදි සකස් වූ විට: තත් තද වැඩිත් නැති, බුරුල් වැඩිත් නැති මධ්‍යම ප්‍රමාණයට තබා ඇති විට පමණක් වීණාවෙන් මිහිරි සංගීතයක් නිකුත් වේ. මධ්‍යම ප්‍රතිපදාව යනු මෙයයි.

    බෝධිසත්ත්වයන් වහන්සේ ලැබූ අවබෝධය
    මෙම උපමාවත් සමඟ උන්වහන්සේ කරුණු තුනක් වටහා ගත්තා:

    • ශරීරයේ වැදගත්කම: අධ්‍යාත්මික අවබෝධය සඳහා නිරෝගී මනසක් අවශ්‍ය බවත්, ඒ සඳහා ශරීරය පණ ගැන්වීමට අවශ්‍ය අවම ආහාරය (ප්‍රත්‍ය පහසුකම්) ගත යුතු බවත් උන්වහන්සේ තීරණය කළා.

    • වීර්යය සමබර කිරීම: වීර්යය වැඩි වූ විට සිත නොසන්සුන් (උද්ධච්ච) වන බවත්, වීර්යය අඩු වූ විට සිත අලස (ථීනමිද්ධ) වන බවත් උන්වහන්සේ දුටුවා.

    • ආර්ය අෂ්ටාංගික මාර්ගය: මෙම මැද මාවත අවසානයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙස උන්වහන්සේ ලෝකයට දේශනා කළා.

    "ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන න සේවිතබ්බා.
    යෝ චායං කාමේසු කාමසුඛල්ලිකානුයෝගෝ, හීනෝ ගම්මෝ පෝථුජ්ජනිකෝ අනරියෝ අනත්ථසංහිතෝ;
    යෝ චායං අත්තකිලමථානුයෝගෝ, දුක්ඛෝ අනරියෝ අනත්ථසංහිතෝ.

    ඒතේ තේ භික්ඛවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති."

    සරල සිංහල තේරුම
    • ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන න සේවිතබ්බා: මහණෙනි, පැවිද්දකු විසින් සේවනය නොකළ යුතු අන්ත දෙකක් තිබේ.
    • කාමසුඛල්ලිකානුයෝගෝ: පංච කාම සැපයෙහි ඇලී ගැලී සිටීම (මෙය හීන වූ, ග්‍රාම්‍ය වූ, පෘථග්ජනයන්ට අයිති, ආර්ය නොවූ, අනර්ථයක්ම ගෙන දෙන දෙයකි).
    • අත්තකිලමථානුයෝගෝ: ශරීරයට දැඩි ලෙස දුක් දීම (මෙය දුක් උපදවන, ආර්ය නොවූ, අනර්ථයක්ම ගෙන දෙන දෙයකි).
    • ඒතේ තේ භික්ඛවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා: මහණෙනි, මේ අන්ත දෙකටම නොගොස් තථාගතයන් වහන්සේ විසින් "මධ්‍යම ප්‍රතිපදාව" අවබෝධ කරගන්නා ලදී.
    • චක්ඛුකරණී ඤාණකරණී...: එය නුවණැස ලබා දෙන, ඥානය ලබා දෙන, කෙලෙස් සංසිඳුවන, විශිෂ්ට අවබෝධය පිණිස සහ නිවන පිණිසම පවතියි.
    🙏🏻🪷
    මධ්‍යම ප්‍රතිපදාව හා බෝධිසත්ත්වයන්ගේ අවබෝධය
    ඉහලම ධ්‍යානය විදහා පෙන්නුම් කරන ආකාරය සහසිතාගෙන් සිත සමග සම්බන්ධ වී තිබෙන්නේ කෙසේද? #Buddhism #Meditation #Mindfulness
    Keywords: මධ්‍යම ප්‍රතිපදාව,බෝධිසත්ත්වයන්ගේ අවබෝධය,උපදේශන මාර්ගය,නේවාසඤ්ඤානාසඤ්ඤායතනය,සමධි සමාපත්ති,උපදේශන ධ්‍යානය,සංසාරය හා නිවන,සමාධි අවබෝධය,අසංඛත වෙනස,ක්ෂේම අවබෝධය

    https://www.tiktok.com/@innerglow93/photo/7608909088398789895
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,909
    17,139
    113
    Kottawa
    Tom Cruise What GIF
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,682
    113
    ඔය අන්තිමටම බුදු හාමුදුරුවො බුදු වෙන්න කලින් ඉගෙන ගත්ත ගුරුවරයගෙන් නිවනට ඉතාම ආසන්න අවස්ථාවක් වෙනකන් ඉගෙන ගත්ත කියනවනෙ. එතකොට ගොඩක් අය ඒ තමා අන්තිම අවස්ථාව කියල එතනින් එහාට ගිහින් නෑ කියනවනෙ. ඒත් බුදුහමුදුරුවො නෑ මේ නිවන නෙවෙයි කියල දැන ගත්ත විදියක් තියෙනවනෙ අන්න ඒක ගැන මේ කියන්නෙ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    3. පුනර්භවය වැළැක්වීමට නොහැකි වීම
    මෙම ධ්‍යාන මට්ටම්වලින් කෙලෙස් යටපත් කිරීම (විෂ්කම්භන ප්‍රහාණය) පමණක් සිදු වන අතර, කෙලෙස් මුල් පිටින්ම උදුරා දැමීම (සමුච්ඡේද ප්‍රහාණය) සිදු නොවන බව බෝධිසත්ත්වයන් වහන්සේ වටහා ගත්තා. එම ධ්‍යාන බලය අවසන් වූ පසු නැවතත් සත්වයා උත්පත්තිය කරා (සංසාරයට) ඇදී යන බව උන්වහන්සේ දුටුවා.

    ඒ කියන්නේ චුතූපපාත ඥානය කලිනුත් ලබලා තිබුනා ද? 🤔
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,620
    2,062
    113
    මේක මෙහෙමද වෙලා තියෙන්නෙ?

    imho,
    afaik, චුතිය උප්පත්තිය දකින්න පුලුවන් හෝ පෙර බවයන් දකින්න පුලුවන් ඤාණ බෝසත්තුමන්ට අෂ්ඨ සමාපත්ති ලබපු කාලේ තිබ්බේ නැහැ. ඒ නිසා අසංඤ තලයේ සත්වයෝ කල්ප 84 000 කින් ආයේ ඉපදෙනවා කියලා දැනගන්නවත්, කලින් අසංඤ තල වල ඉදලා තියෙනවනම් ඒ බවය ආවර්ජනය කරලා ආයේ ඉපදිලා සතර අපාගත වෙනවා කියලා මතක් කර ගන්නවත් පුලුවන්කමක් තියෙන්නැතුව ඇති.
    ඔතෙන්දි එන්නැත්තේ, අෂ්ඨ සමාපත්තියෙන් එහාට වෙන මොනවත් නැද්ද.. කියලා සත්‍ය සොයන්න තිබ්බ සංසාරගත පුරුද්ද එක්කම එන උවමනාව. ගුරුවරු එතනින් එහාට දෙයක් දන්නැති නිසා තමයි හොයන් ගියේ.

    අනිත්‍ය ප්‍රඤා ගෝචර වෙන්න විදිහක් නැ. එහෙනම් එවෙලේ බුදු වෙන්න ඕනේ.

    සංස්කරණය කියන්නේ ආයේම පටිච්ච සමුප්පාදය. ඒක අවබෝධ වෙන්නේ ආයේම බුද්ධත්වයේදී.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,682
    113
    ඒ කියන්නේ චුතූපපාත ඥානය කලිනුත් ලබලා තිබුනා ද? 🤔
    මට තේරෙන්නේ නෑ ඒ ටික, එකයි මේ අහලා බැලුවේ title එකේ නන් question Mark එක නෑ.
     
    • Like
    Reactions: ozykolla

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,620
    2,062
    113
    . ප්‍රඥාවට ඉඩක් නොමැති වීම
    නේවසඤ්ඤානාසඤ්ඤායතනයේදී සිත කෙතරම් සියුම්ද යත්, එතැනදී "විදර්ශනා ඥානය" හෝ චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට අවශ්‍ය කරන අවදිමත් මනසක් (Active Consciousness) ක්‍රියාත්මක වන්නේ නැහැ. නිවන සඳහා ප්‍රඥාව අත්‍යවශ්‍ය වුවත්, මෙම ධ්‍යානය තුළ ඇත්තේ ඒකාග්‍රතාවය (Concentration) පමණක් බව උන්වහන්සේ අවබෝධ කරගත්තා.

    afaik,
    නේව-සංඤා-නා-සංඤායතනයෙත් සතිපට්ඨානය වැඩිලා නිවන් දකිනවා මාර්ගඵල ලබපු කෙනෙක් ඉපදුනොත්. ප්‍රඤාවට ඉඩ නැහැ කියන්න බැහැ. ඕවගේ අවුල ප්‍රථග්ජනයෙක් ගියොත් කල්ප ගානක් 84 000 කදි බුදුවරුන් ගොඩක් පහළ වුනත් බනක්වත් අහන්න බැරි කම.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    imho,
    afaik, චුතිය උප්පත්තිය දකින්න පුලුවන් හෝ පෙර බවයන් දකින්න පුලුවන් ඤාණ බෝසත්තුමන්ට අෂ්ඨ සමාපත්ති ලබපු කාලේ තිබ්බේ නැහැ. ඒ නිසා අසංඤ තලයේ සත්වයෝ කල්ප 84 000 කින් ආයේ ඉපදෙනවා කියලා දැනගන්නවත්, කලින් අසංඤ තල වල ඉදලා තියෙනවනම් ඒ බවය ආවර්ජනය කරලා ආයේ ඉපදිලා සතර අපාගත වෙනවා කියලා මතක් කර ගන්නවත් පුලුවන්කමක් තියෙන්නැතුව ඇති.
    ඔතෙන්දි එන්නැත්තේ, අෂ්ඨ සමාපත්තියෙන් එහාට වෙන මොනවත් නැද්ද.. කියලා සත්‍ය සොයන්න තිබ්බ සංසාරගත පුරුද්ද එක්කම එන උවමනාව. ගුරුවරු එතනින් එහාට දෙයක් දන්නැති නිසා තමයි හොයන් ගියේ.

    අනිත්‍ය ප්‍රඤා ගෝචර වෙන්න විදිහක් නැ. එහෙනම් එවෙලේ බුදු වෙන්න ඕනේ.

    සංස්කරණය කියන්නේ ආයේම පටිච්ච සමුප්පාදය. ඒක අවබෝධ වෙන්නේ ආයේම බුද්ධත්වයේදී.

    අන්න ඒකයි.
    සිද්ධාර්ථ දුක නැතිකරවාට වඩා දෙයක් හෙව්වා.
    සච්ච ගවේෂී සීන් එකේ හිටියේ.
    එයා සංසාරෙ පුරා හොයපු විශ්වය ගැන පරීපූර්ණ දැනුම ලැබුනේ නෑ ඔය ගුරුවරුන්ගෙන්.
    තෘප්තිමත් විග්‍රහයක් ලෝකය වැඩකරන හැටි ගැන.
    ඒක නිසා ඔය පැක්ටිස් අතහැරලා දැම්මා කියලා හිතනවා.
    අපිට ඉගැන්නුවෙත් අවබෝධ කරපු පරමාර්ථ ධර්ම 60න් 4ක් විතරයි.
    දුක නැතිකිරීම අතුරුඵලයක් විතරයි.
    Imho 😌
     
    nipund

    Well-known member
  • May 17, 2007
    817
    1,135
    93
    අන්තිමට දාපු මේ නූලෙ තිබ්බ මෙහෙම කොටසක් https://elakiri.com/threads/බුදුන්-වහන්සේ-වැඩසිටි-සමයේ-සෝවාන්-වූ-පුද්ගලයන්-වැඩි-වීමට-භාශාව-බලපෑවාද.2244487/

    බුදු හමුදුරුවො ඕක කොහොමද වෙන් කරගන්න ඇත්තෙ කියල හොයනකොට මේක ලැබුනෙ.

    [
    වැලි කැටයක් තියෙනවා නම් විශ්වයම තියෙනවා කියලා zen කියමනක්
    IMHO
    හොයාගෙන යනකොට ගොඩාක් සියුම් හින්දා වැලි කැටය තියෙනවා කියලා මිස් වෙනවා.
    හරි කියලා හිතෙනවා. හරි කියලා හිතෙන බව තුළ වැලි කැටය තියෙනවා
    ඇත්තටම මිස් වෙන්නේ වැලි කැටය දකින බව .
    අපිට හිතෙන්නේ සිතුවිලි තමා අවුල කියලා. මුලින් ලොබ , ද්වේෂ ,මෝහ
    පස්සේ අලෝභ, අද්වේෂ වුණත් අවුල් කියලා තේරෙනවා
    සිතුවිලි හිස් කරාම හරි කියලා හිතෙනවා
    සිතුවිලි නැති හිත නැත්නම් නිර්ගුණ බ්‍රහ්ම ප්‍රත්‍යක්ෂය කියලා ගන්නවා.

    ඒත් සිදුහත් තාපසතුමා දැන ගන්නවා එකේ පොඩි අවුලක් තියෙනවා සිතුවිලි නෑ කියන එකත් සිතක් . සිත් හදන යාන්ත්‍රණය එහෙන්ම පිටින්ම තාම තියෙනවා කියලා.

    එක නිකං අපි අත්දකින සියල්ල stage එක උඩ drama එකක් බලන කෙනත් ඇතුළුව.
    Stage එකේ මුකුත් නෑ කියලා board එකක් ගහලා තියෙන්නේ. ආයේ ඕනේ නැටුමක් නටන්න පුළුවන්.
    ගලවනවා නම් stage එකයි ප්‍රේක්ෂකාගාරය ඔක්කොම ගලවන්න ඕන
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,389
    2,961
    113
    මාතර

    දුෂ්කරක්‍රියා කලේ ඊට පස්සෙ නේ .

    මම නම් හිතන්නේ ඔය හෙළයෙක් කියපු දෙවෙනි කරුණට කිට්ටු දෙයක් (අනිත්‍ය කතාව ඇරුනම). හැබැයි එච්චර ගැඹුරු කතා ඕන නෑ, මොකද ඒ වෙද්දී සත්‍යාවබෝධය කිට්ටුවටවත් ඇවිත් නැහැනේ. mostly common sense සහ ප්‍රශ්න කරන්න බය නැති කම. ඔය කියන ධ්‍යාන වලට සමවැදිලා ඉන්නකම් සැපයි, ඒවායින් නැගිටපු ගමන් ආයිත් අර ප්‍රශ්න සහ දුක තියෙනවා.
    අනිත් උන් ඕව ප්‍රශ්න කරන්නේ නෑ, එහෙයි කියාගෙන ඉන්නවා. (එක්කෝ උන්ට තිබුණු ප්‍රශ්න වෙනස්). සිද්ධාර්ථ ඒවා ප්‍රශ්න කළා, ඒකයි වෙනස. ලොකු theory ඕන නෑ කියල මට හිතෙන්නේ .
     
    • Like
    Reactions: nipund and ek_rosh

    මේක මටත් මේ හම්බ උන එකක්
     
    • Like
    Reactions: MrFrog

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,135
    3,990
    113
    මේවා දකිද්දි තමයි හිතෙන්නෙ වැරදිලාවත් බුදුහාමුදුරුවො ආපහු ආවොත් ලංකාවට එන්න වෙනව බුද්ධාගම ඉගෙන ගන්න. "අපේ කාලෙ මෙහෙම බරපතල සීන් තිබ්බෙ නැහැනෙ කොල්ලො" කියයි. 😅
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,682
    113
    මේවා දකිද්දි තමයි හිතෙන්නෙ වැරදිලාවත් බුදුහාමුදුරුවො ආපහු ආවොත් ලංකාවට එන්න වෙනව බුද්ධාගම ඉගෙන ගන්න. "අපේ කාලෙ මෙහෙම බරපතල සීන් තිබ්බෙ නැහැනෙ කොල්ලො" කියයි. 😅
    ඒ ප්‍රශ්නෙ හිතෙන්නේ නැද්ද? කොහොමද එහෙම හිතුවේ කියලා
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,352
    2,224
    113
    “මහණෙනි, ඒ මට මෙසේ සිත් විය. මේ ධර්මයතෙම කලකිරීම පිණිස, නො ඇල්ම පිණිස, කෙලෙස් නැති කිරීම පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, දැනගැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන් පිණිස, නොපවතියි. නෙවසඤ්ඤා නාසඤ්ඤායතන බඹලොව ඉපදීම පිණිස පමණක් පවතියි.
    “මහණෙනි, ඒ මම ඒ ධර්මය ප්‍රමාණ නොකොට ඒ ධර්මයෙහි කලකිරී ඉවත්ව ගියෙමි.

    සිද්දාර්ත ඒ වෙනකොට, සන්කාර වල තතුස්වාභවය, අනිච්ච බව දැන ගෙන හිටියෙ නැ.. පරිච්චසමුපාදය දැන ගෙන හිටියෙත් නැ...හැබය්, නේ/නා වලින් එලියට ආවම මුකුත් වෙලා නැ කියල දැක්ක...කලින් තිබුන කෙලෙස් එහෙමමයි කියල දැක්ක...