මුස්ලිම් මිනිස්සු එලුවො හදන්නෙ ඇයි?

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,795
    7,093
    113
    Galaha
    එලු කිරි - සෙමට හොඳයි කියනව.
    එළුවො ගෙවල් ඇතුලෙ තියාගෙන හිටියම අපිට ලෙඩ රෝග නැති වෙනව කියනව.

    ඇත්ත නැත්ත දන්නෙ නෑ ඉතින්...
    ඇදුම තියෙන අයට එලි ගඳ හොඳයි කියල අහලතියෙයි. :yes:
     
    • Wow
    Reactions: Inigo Montoya

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,821
    898
    113
    අපේ පැත්තේ ඉස්සර හරක් හැදුව, හැමදාම උදේ හවස උන් ගෙවල් වලට තනියම යනවා එනවා. ඒ අතරේ ටවුම පුරාම පාරවල්වල ඇවිදලා වැටවල් කඩාගෙන කන එක කලේ. මේ 80' 90' කාලේ. පස්සේ ඒවා අඩු වුනා. දැන් හරකෙක් දකින්නවත් නැහැ. අතුරුපාරවල් වල කලාතුරෙකින් එළුවෝ ඉන්නවා. හැබැයි හැමදාම ලෑන්ඩ්මාස්ටර් යනවා කොස් කොළ පුරවාගෙන. ඒවා එළුවන්ට කන්න දෙන්න.
    ඉස්සර එහෙම හැදුවා. දැන් ගම්වල ෆාම් දාගෙන ඉන්නේ. බොහෝ අයගේ ඒවා ගම ඇතුලේ කැරකෙනවා. කුකුළු වගේ බෙහෙත් ගහලා හදන ඒවා නෙවෙයිනේ. ස්වාභාවික මස්
    ROI වැඩිම හාවා.
    සූ ගාලා පැටව් ගහනවා.
    වේගයෙන් හැදෙනවා.
    හා මස් එච්චර ප්‍රසිද්ධ නැහැනේ. හරක් එළු ඉක්මනට විකුණගන්න පුළුවන්.