පාස්කු ප‍්‍රහාරය ගැන නැවත පරීක්ෂණ බෑ - FBI

TrashPanda

Junior member
  • Feb 23, 2026
    58
    51
    18
    2019 අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු දා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් නව හෝ අතිරේක ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම ඇමරිකානු රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අතිරේක පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම ඇමරිකානු රජය විසින් ප්‍රතික්ෂේප කරන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්තවාදයට එරෙහි කාර්යාංශයේ වැඩබලන ප්‍රධාන නියෝජ්‍ය සම්බන්ධීකාරක ක්‍රිස්ටෝපර් ඒ. ලෑන්ඩ්බර්ග් (Christopher A. Landberg) විසින් ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ වෙත නිල විද්‍යුත් ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.

    ඇමරිකානු රජය පෙන්වා දෙන්නේ ප්‍රහාරය එල්ල වූ මොහොතේ සිට ඒ සම්බන්ධ පරීක්ෂණ සහ නීතිමය කටයුතු සඳහා ඇමරිකාව උපරිම සහයෝගය ලබා දී ඇති බැවින්, තවත් අතිරේක පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

    ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය ලිපිය මගින්, ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවට ලබාදුන් පරීක්ෂණ සහයෝගීතාව පිළිබඳ දීර්ඝ විස්තරයක් කර තිබේ.

    ප්‍රහාරය සිදුවී සතියක් ඇතුළත ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) නිලධාරීන් 33 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කොළඹට පැමිණ ඇත. ඔවුන් ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සමඟ එක්ව සාක්ෂි එකතු කිරීම, වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කිරීම මෙන්ම ඩිජිටල් උපාංග විශ්ලේෂණය කිරීමේ කටයුතුවල නිරත වී තිබේ.

    ප්‍රහාරයෙන් පසු මාස කිහිපය තුළ ඇමරිකානු තානාපතිවරයා සහ FBI නීති අනුබද්ධ නිලධාරියා විසින් එවකට සිටි ජනාධිපති, අගමැති සහ ආරක්ෂක අමාත්‍යවරයා නිරන්තරයෙන් පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව දැනුවත් කර ඇත.

    මෙම ඒකාබද්ධ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස, ප්‍රහාරයෙන් ඇමරිකානු පුරවැසියන් පස්දෙනෙකු ඇතුළු 269 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් වගකිවයුතු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව 2021 ජනවාරි මාසයේදී ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් අපරාධ චෝදනා ගොනු කරනු ලැබීය.

    ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවලට අමතරව, ත්‍රස්තවාදයට එරෙහි නඩු පවරන ශ්‍රී ලංකාවේ රජයේ නීතිඥවරුන් සඳහා ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්තවාදයට එරෙහි කාර්යාංශය විසින් අඛණ්ඩව පුහුණුව සහ උපදේශනය ලබා දී ඇත. එසේම, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය සහ නීති බලාත්මක කිරීමේ කාර්යාංශය (INL) හරහාද වසර කිහිපයක් තිස්සේ අධිකරණ සහ අභිචෝදනා සහය ලබා දී තිබේ.

    ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ ත්‍රස්තවාදයට එරෙහි පුළුල් සහයෝගීතාවක් සඳහා වූ යෝජනාවලියක් 2022 පෙබරවාරි 08 වනදා ශ්‍රී ලංකා පාර්ශවය වෙත භාරදී ඇති බවයි.

    එසේම, ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා විසින් කරනු ලබන ඕනෑම අතිරේක සහය ඉල්ලීමක් සලකා බැලීමට සූදානම් බවත්, එම ලිපියේ දක්වා ඇත.

    පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවීම සහ ත්‍රස්තවාදයට එරෙහි සහයෝගීතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇමරිකාව තවදුරටත් කැපවන බව අවධාරණය කර තිබේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,254
    1
    57,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙම ඉල්ලීම NPP රජය විසින් කළ එකක් නොවේ.

    ඔබ අසා ඇත්තේ ඇමරිකානු රජය විසින් ප්‍රතික්ෂේප කළ අතිරේක ස්වාධීන පරීක්ෂණය සඳහා ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම ගැනයි. එම ඉල්ලීම සහ එයට පිළිතුරු වශයෙන් යැවුණු ක්‍රිස්ටෝපර් ඒ. ලෑන්ඩ්බර්ග්ගේ ලිපිය (2022 අප්‍රේල් 7) 2022 මාර්තු/අප්‍රේල් කාලයේදී සිදු වූ එකකි.එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිව සිටියේ ගෝඨාභය රාජපක්ෂ (SLPP රජය) වන අතර, එම ඉල්ලීම ඔහුගේ රජය විසින්ම කළ එකකි. (Public Security Ministry ඔස්සේ එම ඉල්ලීම ඇමරිකාවට යොමු කර ඇති බවත්, ගෝඨාභය රාජපක්ෂ පසුකාලීනව එය තමන්ගේ රජයේ ක්‍රියාවක් ලෙස සඳහන් කර ඇති බවත් වාර්තා වේ.)
     
    • Haha
    Reactions: wqe123 and deanXX

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,084
    1,538
    113
    2019 අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු දා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් නව හෝ අතිරේක ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම ඇමරිකානු රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අතිරේක පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම ඇමරිකානු රජය විසින් ප්‍රතික්ෂේප කරන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්තවාදයට එරෙහි කාර්යාංශයේ වැඩබලන ප්‍රධාන නියෝජ්‍ය සම්බන්ධීකාරක ක්‍රිස්ටෝපර් ඒ. ලෑන්ඩ්බර්ග් (Christopher A. Landberg) විසින් ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ වෙත නිල විද්‍යුත් ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.

    ඇමරිකානු රජය පෙන්වා දෙන්නේ ප්‍රහාරය එල්ල වූ මොහොතේ සිට ඒ සම්බන්ධ පරීක්ෂණ සහ නීතිමය කටයුතු සඳහා ඇමරිකාව උපරිම සහයෝගය ලබා දී ඇති බැවින්, තවත් අතිරේක පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

    ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය ලිපිය මගින්, ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවට ලබාදුන් පරීක්ෂණ සහයෝගීතාව පිළිබඳ දීර්ඝ විස්තරයක් කර තිබේ.

    ප්‍රහාරය සිදුවී සතියක් ඇතුළත ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) නිලධාරීන් 33 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කොළඹට පැමිණ ඇත. ඔවුන් ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සමඟ එක්ව සාක්ෂි එකතු කිරීම, වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කිරීම මෙන්ම ඩිජිටල් උපාංග විශ්ලේෂණය කිරීමේ කටයුතුවල නිරත වී තිබේ.

    ප්‍රහාරයෙන් පසු මාස කිහිපය තුළ ඇමරිකානු තානාපතිවරයා සහ FBI නීති අනුබද්ධ නිලධාරියා විසින් එවකට සිටි ජනාධිපති, අගමැති සහ ආරක්ෂක අමාත්‍යවරයා නිරන්තරයෙන් පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව දැනුවත් කර ඇත.

    මෙම ඒකාබද්ධ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස, ප්‍රහාරයෙන් ඇමරිකානු පුරවැසියන් පස්දෙනෙකු ඇතුළු 269 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් වගකිවයුතු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව 2021 ජනවාරි මාසයේදී ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් අපරාධ චෝදනා ගොනු කරනු ලැබීය.

    ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවලට අමතරව, ත්‍රස්තවාදයට එරෙහි නඩු පවරන ශ්‍රී ලංකාවේ රජයේ නීතිඥවරුන් සඳහා ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්තවාදයට එරෙහි කාර්යාංශය විසින් අඛණ්ඩව පුහුණුව සහ උපදේශනය ලබා දී ඇත. එසේම, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය සහ නීති බලාත්මක කිරීමේ කාර්යාංශය (INL) හරහාද වසර කිහිපයක් තිස්සේ අධිකරණ සහ අභිචෝදනා සහය ලබා දී තිබේ.

    ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ ත්‍රස්තවාදයට එරෙහි පුළුල් සහයෝගීතාවක් සඳහා වූ යෝජනාවලියක් 2022 පෙබරවාරි 08 වනදා ශ්‍රී ලංකා පාර්ශවය වෙත භාරදී ඇති බවයි.

    එසේම, ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා විසින් කරනු ලබන ඕනෑම අතිරේක සහය ඉල්ලීමක් සලකා බැලීමට සූදානම් බවත්, එම ලිපියේ දක්වා ඇත.

    පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවීම සහ ත්‍රස්තවාදයට එරෙහි සහයෝගීතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇමරිකාව තවදුරටත් කැපවන බව අවධාරණය කර තිබේ.

    උන්ගේ කලින් සිටිසන් කෙනෙක් මේ වගේ ගූ කෙස් එකකට ගෑවුන එක ගැන උන්ට දුක ඇති.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,254
    1
    57,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන්ගේ කලින් සිටිසන් කෙනෙක් මේ වගේ ගූ කෙස් එකකට ගෑවුන එක ගැන උන්ට දුක ඇති.
    අඩෝ බෝම්බ ගහනකොට ඌ ඇමරිකන් පුරවැසියෙක්. පස්සෙ අයින් කරගත්තෙ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,232
    27,635
    113
    2HNPHqF.jpeg

    The U.S. Department of Justice unsealed a criminal complaint in the U.S. District Court in Los Angeles charging three Sri Lankan nationals with conspiring to provide material support to ISIS. The charges were filed in response to the April 2019 Easter Sunday bombings, which killed 268 people, including five American citizens. [1, 2, 3]
    Details of the U.S. charges and judicial proceedings include:
    • The Defendants: The three men indicted are Mohamed Naufar, identified as an ISIS recruiter and trainer; Mohamed Anwar Mohamed Riskan, who allegedly helped manufacture the bombs; and Ahamed Milhan Hayathu Mohamed, who allegedly killed a police officer to steal his weapon and scouted attack locations. [1, 2]
    • The Charges: They are accused of conspiring to provide, providing, and attempting to provide material support to a designated foreign terrorist organization (ISIS). Naufar and Milhan are additionally charged with aiding and abetting the receipt of military-type training from ISIS. [1]
    • Status of Custody: All three defendants have remained in custody in Sri Lanka facing local prosecution. The U.S. maintains these charges to ensure they can be prosecuted or extradited if they ever attempt to evade Sri Lankan custody. [1]
    The U.S. case is being handled by the FBI-led Joint Terrorism Task Force and the Terrorism and Export Crimes Section in Los Angeles. You can review the initial U.S. Department of Justice Press Release for full background on the federal complaint. [1]

    Three Foreign Nationals Charged in Federal Court in Los Angeles with Conspiring to Provide Material Support to ISIS
    The men allegedly were members of a group of ISIS supporters that carried out terrorist attacks in Sri Lanka on Easter Day in 2019, killing 268 people
    - https://www.justice.gov/archives/op...rged-conspiring-provide-material-support-isis

    https://rohangunaratna.com/wp-conte...port_US_District_Court.pdf?ref=examiner.media

    [/QUOTE]
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,033
    16,722
    113
    පච ගහල බලේ ගත්ත කොටි ඩයස්පෝරාවේ ජෙප්පන්ගේ තවත් ඵක පචයක්..

    N7vKSwQ.png

    4nCUJkj.png
     
    NuwanHera

    Active member
  • Jul 6, 2014
    359
    94
    28
    මෙම ඒකාබද්ධ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස, ප්‍රහාරයෙන් ඇමරිකානු පුරවැසියන් පස්දෙනෙකු ඇතුළු 269 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් වගකිවයුතු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව 2021 ජනවාරි මාසයේදී ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් අපරාධ චෝදනා ගොනු කරනු ලැබීය.
    katada ban mun nadu pewaruwe ?