කතරගම සංචාරය | තනිවම එක දවසින්... ~ 2026-06-11

PASAN147

Well-known member
  • Oct 19, 2006
    778
    1,315
    93
    Heiyanthuduwa - Kelaniya
    මම සෑම වසරකට වරක්ම යන වන්දනා ගමන් 3 ක් තියනවා. ඒ දළදා මාළිගාව, අනුරාධපුර හා කතරගම. ඉතින් පසුගිය වසරේ ජනවාරි මාසයේ තමයි අන්තිමට කතරගම ගියේ. මේ වසරේ මේ සතියෙ කතරගම යන්න හිතා ගෙන (10) හවස 1315 lk මොබයිල් ඇප් එකෙන් දිනපතා උදේ 7 ට කඩවත-කතරගම හයිවේ එකේ යන සීටීබී බස් එකේ සීට් එකක් බුක් කලා. බස් ටිකට් එකේ මිල රු.2110 + සේවා ගාස්තුත් අතුලත්ව රු.2243.31/- මුදලක් මම බැංකු කාඩ්පතෙන් ගෙව්වා. ඉතින් අද (11) උදේ 5.15 ට ගෙදරින් ඇවිත් බස් එකක ඇවිත් කිරිබත්ගොඩ බැස්සා. කිරිබත්ගොඩින් උදේට කෙටි කෑමක් කෑවා. මගදි කන්නත් ගත්තා. බස් එකක ඇවිත් උදේ 6.15 ට කඩවත බැස්සා. හයිවේ බස් නවතන තැනට ගියා. කතරගම යන සීටීබී බස් එක උදේ 6.35 ට විතර ආවා. බස් එකට නැගලා මම වෙන් කරලා තිබ්බ අංක 20 සීට් එකේ වාඩි උනා. පැය 4 ක එක දිගට ගමන් කරන නිසා, බස් එකෙන් බැහැලා වොශ් රූම් පැත්තෙත් ගිහින් ආවා. රු.20 ක් අය කරනවා. බස් එක උදේ 7.05 ට පිටත් වුනා. උදේ 9.45 ට මාගම්පුරින් බස් එක හයිවේ එකෙන් එලියට ආවා. 9.55 ට හම්බන්තොට බස්ටැන්ඩ් එක, 10.30 ට තිස්සමහාරාම පහු කරන් බස් එක 10.55 ට කතරගම බස්ටැන්ඩ් එකට ආවා. මම පාර පැනලා පයින් ගිහින් 11.10 විතර දේවාල භූමියට ලගට ආවා. පාවහන් තබන ස්ථානයට මගේ සපත්තු බාර දුන්නා. දේවාල භූමියට ඇතුල් වෙලා අෂ්ටපල බෝදිධිය, දේවාලය වැද පුදා ගත්තා. ඊට පස්සේ කිරිවෙහෙර ට පයින් ගිහින් කිරිවෙහෙර වැන්දා. පඩුරු දැම්මා. ආධාරයකුත් කරලා ආපහු දේවාල භූමියට ගිහින් හිටියා. ඊට පස්සේ මැනික් ගග ලගට ආවා. එතනත් ටික වේලාවක් ගත කලා. ඊට පස්සෙ රස කැවිලි කඩ වෙත ගිහිල්ල ගෙදර අරන් යන්න රස කැවිලි කීපයකුත් මිලදී ගත්තා. ඊට පස්සේ එතන තිබ්බ අවන්හලකින් දවල්ට කෑවා. ටික වේලාවක් කතරගම අවට ඇවිද්දා. අද මම වැඩහිටි කන්ද හා සෙල්ල කතරගම පැත්තේ යන්නෙ නෑ. වසර කීපයකට වරක් තමයි ෆුල් ටුවර් එකක් යන්නේ. එහෙම ගිය ගමන් ගැන පේජ් එකේ තියනවා. නැත්නම් වසරක් පාසා කිරිවෙහෙර, බෝධිය හා දේවාලය විතරක් වැදලා දවසින් එන්න යන්නෙ... ඉතින් ඊට පස්සේ කතරගම බස් ටැන්ඩ් එකට ආවා. මාතර යන බස් එකක් තිබ්බා ඒකෙ නැග්ගා. රු.520 ක ටිකට් ගත්තා මාතරට. පැය 3 යි විනාඩි 30 ගමනකින් පසු බස් එක මාතර බස් ටැන්ඩ් ආවා. මම බැහැලා හයිවේ බස් නවත්වන තැනට ගියා. කඩවත යන බස් එකට නැගලා වාඩි උනා. බස් එක පිට වුනා. රු.1210 ක ටිකට් ගත්තා. රාත්‍රී 7.30 ට බස් එක කඩවතට අවා. බැහැලා තව බස් එකක ඇවිත් කිරිබත්ගොඩ බැහැලා තවත් බස් එකක් ඇවිත් රාත්‍රී 8 වෙද්දි ගෙදර ආවා. වෙනදා වගේ මේ සටහන බස් එකේදිම ලිව්වා.
    * මම ගොඩක්ම වේලාවට කතරගම ගිහින් තියෙන්නේ කඩවතින් හයිවේ හරහා මාතරට බස් එකක ඇවිත්, මාතර ඉදලා සාමාන්ය බස් එකක කතරගම ඇවිල්ලා තමයි. කතරගම පැත්තේ අනෙකුත් ස්ථානවලට යනව නම් මම කලින් දා රාත්‍රී කොළඹින් බස් එකක ඇවිත් පහුවදා පාන්දර කතරගමට ඇවිල්ලා තමයි ගිහින් තියෙන්නෙ.
    * දැන් කොළඹින් හා කඩවතින් කෙලින්ම හයිවේ යන කතරගම බස් තියනවා. ඉක්මනින් යන්න පුලුවන්. එහෙම කලින් ගිහින් නැති කෙනෙක් ඉන්නවනම් බස් එකේ වම් පැත්තෙ වාඩි වෙලා යන්න. මාතර පහු උනාම හයිවේ එක හරි ලස්සනයි. කුඹුරු යායවල්. කදු, කැලෑවල් ආදී ඉතාමත් ලස්සන පරිසරයක් බස් එකේ යද්දි බලා ගන්න පුලුවන්. කාර්, වෑන් වල යද්දි දකිනවට වඩා, හයිවේ එකේ යන බස් උස නිසා හොදට පේනවා.
    .
    * කඩවත - කතරගම Highway Bus : පැය 04 | ටිකට් රු.2110/-
    * කතරගම - මාතර Normal Bus : පැය 03 | රු.520/-
    * මාතර - කඩවත Highway Bus : පැය 02 | රු.1210/-
    * වියදම : රු.4700 ක් විතර
    .
    අධිවේගී හරහා යන කතරගම බස් කීපයක් ගැන..
    කඩවතින් උදේ 7 ට , හවස 3 ට (සීටීබී)
    කතරගමින් කඩවතට උදේ 6.55 හා හවස 3 ට (සීටීබී)
    මාකුඹුරෙන් උදේ 6 ට (සීටීබී)
    කතරගමින් මාකුඹුරට දවල් 12.30 හා සවස 3 ට (සීටීබී)
    කොළබින් රාත්‍රී 7.30 ට කතරගමට (ප්‍රයිවෙට් බස්)
    තවත් ප්‍රයිවෙට් බස් ඇත
    .
    * විනාඩි 4 ක කෙටි වීඩියෝව බලන්න :


    .
    * මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...
    පසුගිය සියලුම සංචාරයන් Index >>>>
    .

    .
    (C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
    Katharagama , Kataragama, Kirivehera,Ruhunu Maha Kataragama Dewalaya
    .
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,358
    113
    නියමයි. ! Solo Traveling කියන්නේ වෙනම ආතල් එකක්. මම බස් එකේ නම් ගිහින් නෑ. බයික් එකේ තමයි කැමතිම. කාර් එකේ යනවට වඩා බයික් එකේ යන එක වෙනම එකක් මටනම්.
     
    • Like
    Reactions: PASAN147 and NRTG

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,192
    10,409
    113
    නියමයි. ! Solo Traveling කියන්නේ වෙනම ආතල් එකක්. මම බස් එකේ නම් ගිහින් නෑ. බයික් එකේ තමයි කැමතිම. කාර් එකේ යනවට වඩා බයික් එකේ යන එක වෙනම එකක් මටනම්.
    whinwane
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,358
    113
    සමහරක් වැහි තියනවා මචං එපාම වෙන, ඒත් මාර ඒවා තියනවා. පාරවල් වල යද්දි, වැස්සට නතරවුනු පොඩි කඩ කෑලි මතක් වෙලා අයේ බලනවා. සමහර තැන් දැන් නැහැ. කාපු කඩවල් වැහිලා. ඒක වෙන එකක් මචං. වැස්සකට හදිසියකට ගොඩ වෙලා ගහපු කයියවල් දුර දිග ගිහින් තාමත් ඒ පාරවල් වල යද්දි ඒ කඩවල් වල මිනිස්සුන්ට කතා කරලා යනවා ඉතිං.
    වැස්සේ ගැහි ගැහි තෙමිලා නවතින තැනට ගිහින් හොඳට නාලා උණු කිරි කෝප්පයක් බොන කොට කොහොම ද, ඕකටම සෙට් වෙන කෙල්ලෙකුත් හිටියාම මාර එකක් බන්, වචනෙන් කියන්න බෑ ඉතිං. වැස්ස කරදරයක් වෙන තැනුත් තියනවා. ඒත් අපි වැස්සකට තෙමෙන්නෙත් කාලෙකින් නේ බන්.. :love2:
     

    Starboy101

    Active member
  • Aug 12, 2023
    174
    140
    43
    නියමයි. ! Solo Traveling කියන්නේ වෙනම ආතල් එකක්. මම බස් එකේ නම් ගිහින් නෑ. බයික් එකේ තමයි කැමතිම. කාර් එකේ යනවට වඩා බයික් එකේ යන එක වෙනම එකක් මටනම්.
    Konda ridenne nedda
     
    • Like
    Reactions: PASAN147 and NRTG