2026-02-11 බදාදා : අද කොහෙ හරි යන්න හිතුනා. ඉතින් දැන් Work from Home (IT) වැඩ කරන නිසා, නිදහසත් තියනවා...ඉතින් මම ආස කරන නගරයක් වන මාතර පැත්තේ තියන ස්ථාන කීපයකට යන්න හිතුනා..ඉතින් උදේ 5 ට ගෙදරින් ඇවිත්, බස් එකේ 5.45 ට කිරිබත්ගොඩ ඇවිත්, පාර පැනලා හෝල්ට් ඉද්දි ආව බස් එකේ ගිහින් උදේ 6 ට කඩවත බැස්සා. හයිවේ බස් තියන බස් ටැන්ඩ් එකට ගියා. එතන කඩේකින් කෙටි කෑම කීපයක් අරන් කාලා, මාතර යන බස් නවත්තලා තිබ්බ තැනට ගිහින් මාතර බස් එකට නැගලා වාඩි උනා. බස් එක 6.30 ට පිට වුනා. 6.35 ට හයිවේ දැම්මා.රු.1080 ටිකට් ගත්තා. 8.20 ට නිල්වලා එක්සිට් එකෙන් බස් එක මාතර පාරට දැම්මා. උදේ 8.40 ට මාතර බස්ටැන්ඩ් ආවා. වොශ් රූම් (රු.20) ගිහින් ඇවිත්, 346/2- වැලිගම බස් එකේ නැගලා වාඩි උනා. උදේ 8.50 ට බස් එක පිටවුනා. මිරිස්සට රු.70 ටිකට් ගත්තා. මාතර බෝධිය ලග ටික වේලාවක් නවතන් ඉදලා ගිහින් බස් එක ආපහු ගියා. මම ගූගල් මැප් එක දාගෙනම ගිහින් උදේ 9.25 ට මිරිස්ස - කොකනට් ට්‍රී හිල් යන පාරට කලින් හෝල්ට් එකේ බැස්සා. ටිකක් දුර ඉස්සරහට පයින් ගිහින් වම්පස පාරකට හැරිලා තව ටිකක් දුර පයින් ගිහින් උදේ 9.30 ට කොකනට් ට්‍රී හිල්ස් පිවිසුම් පඩි පෙල ලගට ගිහින් පඩි නැග 9.35 ට කොකනට් ට්‍රී හිල්ස් අවා. ඇවිදමින්, පොටෝ වීඩියො ගත්තා. මම මීට වසර කීපයකට කලිනුත් මෙතනට ඇවිත් තිබුනා. දැන් ඒතන සංවර්ධනය කරලා තිබ්බා. ඒකයි ආපහු එන්න හිතුනෙ... එත් පොල් ගස් දැන් කලින් තිබුනට වඩා අඩුයි වගේ.. කොහොමත් ලස්සන තැනක්...(පහල ලින්ක් එකෙන් විනාඩි 4 ක කෙටි වීඩියෝව බලන්න).. විශේෂයෙන් විදේශිකයන් අතර ජනප්‍රිය තැනක්. මම ගිය වෙලාවෙත් ඇවිත් හිටියේ විදේශකයන් විතරයි. ලංකාවේ කෙනෙක්ට මම විතරයි හිටියේ.. ඉතින් විනාඩි 30 කටත් වැඩි කාලයක් එතන ඉදලා, එහෙන් පිටවෙලා ප්‍රධාන පාරට ඇවිත් වම් පසට හැරී (ගාල්ල පැත්තට) පයින් ගිහින් ලග තිබ්බ් මිරිස්ස බීච් එක පැත්තෙත් ගිහින් ඇවිද්දා..මම බිච් වලට ගොඩක් ආසයි..එතනත් යම් කාලයක් ගත කරලා ආපහු ප්‍රධාන පාරට ඇවිත්, මාතර යන බස් එකක නැගලා මාතරට ආවා. ඊට පස්සේ ගොඩක් කාලෙකට කලින් ගිය වෙහෙරහේන පන්සල වදින්නත්, මාතර බෝධියටත්, මීට කලින් ගිහින් තිබුනේ නැති, යන්න හිතාගෙන හිටිය "ගජමන් නෝනගේ" නිවස බලන්නත් ගියා... ඉතින් ඒවා ගැන වෙනම පෝස්ට්/ වීඩියෝ දානවා... ඉතින් මේ සියලුම ගමන් ගිහින්, මාතර ටවුමෙන් දවල්ටත් කාලා, මාතර බීච් එක පැත්තෙත් ටිකට් ඇවිද්දා.. මාතර එක්ක මගේ ජීවිතේ කිසිම සම්භන්ධයක් නැති උනත්.. මම මාතර යන්න මාර ආසයි. මොකද දන්නේ නෑ.. ඉතින් අන්තිමට හයිවේ බස් එකක ඇවිත් හවස් වෙද්දි කඩවතට ඇවිත්, බස් වල ඇවිත් ගෙදර ආවා... මේ සටහන මගදි හයිවේ බස් එකේ එද්දි ලිව්වා
.
* මේ ගමනේ විනාඩි 4 ක කෙටි වීඩියෝව බලන්න.. :
POV Video
.
• කඩවත - මාතර (හයිවේ බස්) : රු.1080/- | පැය 02 යි.
• මාතර - මිරිස්ස බස් : රු.70 යි | විනාඩි 35
* කොකනට් ට්‍රී හිල්ස් මීට වසර කීපයකට කලින් වැටවල් ගහලා අයිතිය පිලිබද ප්‍රශන්යක් නිසා කැත වෙලා තිබුනේ.. දැන්නම් ඒවා නිරාකරනය කරලා..ලස්සනට තියනවා..
.
* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් Index >>>
Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
Coconut Tree Hill - පොල් ගස් කන්ද
.
* මේ ගමනේ විනාඩි 4 ක කෙටි වීඩියෝව බලන්න.. :
POV Video
.
• කඩවත - මාතර (හයිවේ බස්) : රු.1080/- | පැය 02 යි.
• මාතර - මිරිස්ස බස් : රු.70 යි | විනාඩි 35
* කොකනට් ට්‍රී හිල්ස් මීට වසර කීපයකට කලින් වැටවල් ගහලා අයිතිය පිලිබද ප්‍රශන්යක් නිසා කැත වෙලා තිබුනේ.. දැන්නම් ඒවා නිරාකරනය කරලා..ලස්සනට තියනවා..
.
* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් Index >>>
Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
Coconut Tree Hill - පොල් ගස් කන්ද

