තමන්ගෙ වැඩේ විතරක් කරගන්න කාලකන්නි http ල
අද (15) උදෑසන 7.00 ත් 7.30 ත් අතර කාලයේදී, මාතලේ රයිතලාවල වැහිගල පාරේ කඩුවෙල ලක්ෂ්මන් මෝල අසලදී ලී කඳන් තොගයක් පටවාගෙන ආ බූම් ට්‍රක් රථයක් එම මෝලට ලී බෑම සිදුකර තිබෙනවා. අනතුරුව රථය ඉහළට ගැනීමට යාමේදී එය ලිස්සා ගොස් ඇති අතර, එය ගොඩගැනීම සඳහා ප්‍රධාන මාර්ගය හරහා අනාරක්ෂිත ලෙස බූම් රථයේ කේබලය ඇද තිබෙනවා. එම අවස්ථාවේදී පාසල් යෑම සඳහා ළමයින් දෙදෙනෙකුද තබාගෙන පැමිණි යතුරුපැදියක් මෙම කේබලයේ දැවටී අනතුරට පත්වු අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා. අනතුරින් යතුරුපැදිකරුගේ ගෙල සිදුරුවී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර පාසල් ළමයින් දෙදෙනා සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇතිබව වාර්තා වනවා.
මෙහිදී, පොදු මාර්ගයක් සම්පූර්ණයෙන්ම අවහිර වන සේ මාරක කේබලයක් ඇදීමේදී කිසිදු පූර්ව අනතුරු ඇඟවීමක්, මාර්ග බාධක හෝ සංඥා යෙදීමට මෝලේ සේවකයන් හෝ රථයේ රියදුරු කටයුතු කර නැත. ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් මහජනතාවගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව සිතා බැලීම පැහැර හැරීම නිසා, අහිංසක පියෙකුට ජීවිතය අහිමි වී ඇති අතර දරුණු මානසික කැලඹීමකට ලක්වෙමින් දරුවන් දෙදෙනෙකුද අනූනවයෙන් ජීවිතය බේරාගෙන ඇත. මෙය ආයතනයක සහ සේවකයන්ගේ උත්කෘෂ්ට නොසැලකිලිමත්කම (Gross Negligence) නිසා සිදුවූ සාපරාධී අපරාධයකි.
ජායාරූප ලබාදුන් සොයුරාට අපගේ ස්තුතිය.
#Accident1st #