තමන්ගෙ වැඩේ විතරක් කරගන්න කාලකන්නි httpල

Myth

Well-known member
  • Jul 9, 2009
    18,953
    12,295
    113
    Behind u :p
    තමන්ගෙ වැඩේ විතරක් කරගන්න කාලකන්නි http ල


    අද (15) උදෑසන 7.00 ත් 7.30 ත් අතර කාලයේදී, මාතලේ රයිතලාවල වැහිගල පාරේ කඩුවෙල ලක්ෂ්මන් මෝල අසලදී ලී කඳන් තොගයක් පටවාගෙන ආ බූම් ට්‍රක් රථයක් එම මෝලට ලී බෑම සිදුකර තිබෙනවා. අනතුරුව රථය ඉහළට ගැනීමට යාමේදී එය ලිස්සා ගොස් ඇති අතර, එය ගොඩගැනීම සඳහා ප්‍රධාන මාර්ගය හරහා අනාරක්ෂිත ලෙස බූම් රථයේ කේබලය ඇද තිබෙනවා. එම අවස්ථාවේදී පාසල් යෑම සඳහා ළමයින් දෙදෙනෙකුද තබාගෙන පැමිණි යතුරුපැදියක් මෙම කේබලයේ දැවටී අනතුරට පත්වු අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා. අනතුරින් යතුරුපැදිකරුගේ ගෙල සිදුරුවී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර පාසල් ළමයින් දෙදෙනා සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇතිබව වාර්තා වනවා.

    මෙහිදී, පොදු මාර්ගයක් සම්පූර්ණයෙන්ම අවහිර වන සේ මාරක කේබලයක් ඇදීමේදී කිසිදු පූර්ව අනතුරු ඇඟවීමක්, මාර්ග බාධක හෝ සංඥා යෙදීමට මෝලේ සේවකයන් හෝ රථයේ රියදුරු කටයුතු කර නැත. ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් මහජනතාවගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව සිතා බැලීම පැහැර හැරීම නිසා, අහිංසක පියෙකුට ජීවිතය අහිමි වී ඇති අතර දරුණු මානසික කැලඹීමකට ලක්වෙමින් දරුවන් දෙදෙනෙකුද අනූනවයෙන් ජීවිතය බේරාගෙන ඇත. මෙය ආයතනයක සහ සේවකයන්ගේ උත්කෘෂ්ට නොසැලකිලිමත්කම (Gross Negligence) නිසා සිදුවූ සාපරාධී අපරාධයකි.

    ජායාරූප ලබාදුන් සොයුරාට අපගේ ස්තුතිය.
    #Accident1st #

     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,124
    4,485
    113
    @fxmoney කියන බැල්ලිගෙ පුතත් ඔය වගේ. ත්‍රෙඩ් දානව උදවු ඉල්ලලා. උදවු අරගෙන පැත්ත පළාතේ එන්නේ නැ ත්‍රෙඩ් එකේ. රිප්ලයි කරන්නෙත් නෑ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,588
    12,707
    113
    35
    Spain
    මී හරක් බන්. මිනිස්සු ගැන තැකීමක් නැති, ජීවිතේ වටිනාකමක් තේරෙන්නේ නැති මන්ද බුද්ධික මී හරක්. පාරේ යද්දී කොහොමටවත් ඔය වගේ කේබල් එකක් පේන්නේ නැහැ. පොඩි උන් බලන් ඉන්දෙද්දී උන්ගේ තාත්තා ලේ ගිහින් මැරුණම පොඩි උන්ට ඇමෝන තරම දරුණු ෂොක් එකක්ද.