අඩෝ පව් නේද බන්...කන්න නැතුව බඩගින්නේ ඉන්නවා කියන්නේ මොන තරම් පව්ද?

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    අස්වැසුම, වැඩිහිටි දීමනා ඒව නොලැබෙනවනම් ග්‍රාම නිලධාරී, සමාජසේවා නිලධාරී සමුර්ධි නිලධාරී වගේ ඔය කට්ටිය මොකද කරන්නෙ?
    බෙහෙත් නම් 90% වගේ රෝහලින් දෙනව.
     
    Last edited:

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    849
    992
    93
    ගෑනියෙක් කුලී වැඩකට ගියත් දවසකට 1500-2000 හම්බ වෙනවා. (මදි තමයි. හොඳටම මදි.)
    ඒ වුනාට මේ ගෑනි දවසට රු. 500 ක් ගන්න කරනවා කියන රස්සාව මට තේරෙන්නෑ. ඉස්කෝලෙ ඇරෙන වෙලාවට විතරක් යනවා කියන්නෙ දවසෙ ඉතුරු පැය ගානම නිකං ඉන්නවද? (සම්පූර්ණ වීඩියෝ එක බැලුවෙ නෑ )

    ගෙදර මිරිස් පැලයක් වත් හිටවගෙන නැතුව ඇති. ඔහොම මිනිස්සු ඉන්නවා ඉතින්. ළමයි තමයි පව්.
    ------ Post added on Jun 21, 2026 at 11:05 AM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    සල්ලි නැත්තන් ඇයි ළමයි හැදුවෙ කියල අහන උන්ට දුප්පත්කම කියන එක ගැන හරි තේරුමක් නෑ.
    දුප්පත්කම කියන්නෙ නිකන් සල්ලි නැති වෙන එක නෙමෙයි.
    ඒ මනෝභාවය තේරුම් ගන්න ඕනෙ.
    උඹල හිතනවද මේ මේ සමාජ පන්තියෙ මිනිස්සු කසාඳ බැඳල දෙන්නත් එක්ක ළමයි හදන එකේ අවදානම වගේ topics කතා කරනව කියල?
    Social Issues කියන දේවල් එහෙම Isolate කරල කතා කරන්න බෑ. ඕවා සමාජ විද්‍යාවෙ basics.

    අනිත් අතට දුප්පත් නෙමෙයි ලෝකෙ ලොකුම සල්ලිකාරය උනත් ළමයෙක් හදනව කියන්නෙ ආත්මාර්තකාමී නොකල යුතු දෙයක්.
    කොච්චර සල්ලි තිබ්බත් ඉපදෙන ළමය ජිවිතේ දුක් විඳල ලෙඩ වෙලා මැරිල යන එක නවත්තන්න බෑ.
    එහෙම තියෙද්දි ඒවා අමතක කරල ඔන්න ඔහේ කමක් නෑ කියල උඹල ළමයි හදන විදිහටම තමයි උනුත් ළමයි හදන්නෙ.

    අසරණ තරුණ ගෑනියෙක්ව ගෙවල් ගානෙ කුලී වැඩ කරන්න යවන්න හිතන උන් නන් මේ ලෝකෙ ජීවත් වෙන උන් වෙන්න බෑ.
    ඔෆිස් එකකවත් ගෑනියෙක් බේරිල ඉන්නෙ හෙන අමාරුවෙන්.
     
    Last edited: