මේ සරල දේ ඔප්පු කරන්න පුළුවන්ද බලන්න.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,664
    100,950
    113
    ඔය ප්‍රශ්නෙට ස්ථිරසාර පිළිතුරක් දෙන්න බැහැ නේද? කවුරු මොන justification ගෙනාවත් skeptic කෙනෙකුට ආයෙ ආයෙ ප්‍රශ්න කරලා justification එක බිඳලා දාන්න පුලුවන් යනුවෙන් හෙළෙ කියන මේ කතාව නිවැරදියි කියලා තමා ග්‍රීනුත් පිළිගන්නෙ. අපිට වඩා බොහොම උගත් බුද්ධිමත් පෙර-අපරදිග දාර්ශනිකයන් ඔය ප්‍රශ්නය එක්ක wrestle කරලා විසඳුම් දුන්න, නමුත් absolute විසඳුමක් දීගන්න බැරි වෙච්ච ප්‍රශ්නයක්ය කියනවනෙ ඕන නේ...

    මේ reply එක type කරනකොට මතක් උනා Jostein Gaarderගෙ Sophie's World කියන පොත. විවිද චින්තකයින් "දැනුම" කියන්නෙ මොකද්ද ? යථාර්තය කියන්නෙ මොකද්ද ? යනාදෑ ගැන හිතපු හැටි මේ පොතෙ කතානුසාරයෙන් සඳහන්. Young adults ලට recommend කෙරෙන පොතක් උනත් අපි හැමෝටම කියවීමට වටින පොතක් කියලා හිතුන නිසායි සඳහන් කලේ.
    ඒ පොතේ සිංහල පරිවඑතනයකුත් තියෙනවා.

    https://www.keheli.lk/product/sophige-lokaya-සොෆීගේ-ලෝකය/
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    I think, therefore I am
    ~ René Descartes



    ඩෙකාට්ස් ට බුදුදහමේ අනාත්මය අමතක වුනාද? නැත්නම් අමතක කලාද? නැත්නම් ඇත්තටම දැනගෙන හිටියේ නැද්ද?
    මෑන් ඉපදෙන්න අවුරුදු 2000 කට කලින් ගෞතම බුද්ධ කියල මනුස්සයෙක්, ඩෙකාට්ස්ගේ radical skepticism වල අන්තිම ස්ටෙප් එකට වඩා එහාට ගිහිල්ල තිබුනේ. ඒ ගැන දැන ගෙන හිටියනම් මිනිහ කියන එකක් නැහැ, I think, therefore I am කියල. එහෙනම් කියන්නේ දිට්ඨේ දිට්ඨ මත්තං කියල. හැබැයි එහෙම වුනානම් මිනිහට God exists කියල තියෙන මිනිහගේ proof එක කරගන්න බැරි වෙනවා.