මේ කතා දෙකම එකම පවුලෙ. Main story එකත් එකම පවුලට සම්බන්ධයි. අවුරුදු 7 8කට කලින් ඔය කියන පවුලෙ එක ළමයෙක් O/L කරා. results ආපු දවසෙ ඒ ගෙදර කෙනෙක් අපේ ගෙදරට ආව results බලාගෙන යන්න. සරලවම ඒ ළමයට උගන්නපු විදිහට හැමෝම වගේ හිතුවෙ 9As දායි කියල සහ ගෙදර කට්ටිය ඉතින් ඕක ලොකුවෙන් පෙන්නගෙන තමා හිටියෙ මම හිතන්නෙ 5 scholarship එක pass උනා ඒකයි. හැබැයි මම එදා උදේ results බැලුවහම එකම A එකක්වත් තිබ්බෙ නෑ. මටත් පොඩ්ඩක් විස්වාස කරන්න බැරුව ගියා ඉතින් හිටපු විදිහට එක A එකක්වත් නැතුව ගියහම. කොහොමහරි results අහගෙන ගියා. ඊට ටික වෙලාවකට පස්සෙ ආයෙ ඒ ළමයගෙ අම්ම ආව අපේ ගෙදර ඇවිල්ල ඉතින් ඕක ගැන පොඩ්ඩක් විස්තර අහල මට කියනව "අපි මේ results හරිද කියල හරියට බලනකන් කාවටත් කියන්න එපා ඈ" කියල ගියා. මන් හා කිවුව. මොකද හිටපු විදිහට මිනිස්සුන්ට මූණ දෙන්න ලැජ්ජයි වගේ හිතෙන්න ඇති. ඔන්න එදාම හවස ඒ ගෙදර ළමයගෙ ආච්චි එනව ඇවිල්ල විස්තර කතා කර කර ඉදල කියනව අපෙ ලමයට නං A5ක් ද කොහෙද තියනව කිවුව කියල කිවුව. මගෙන්ම result අහගෙන අපිටම බොරු කියනකොට මාර ආතල්. මන් හිතන්නෙ ආච්චි දන්නෙ නෑ මගෙන් results බැලුවෙ කියල. ආච්චි කියන්නෙ හෙන වයස කෙනෙක් නෙමේ ඈ අපිට නැන්ද අවුරුදු 60ක විතර.
ඕක තමා පළවෙනි කතාව ඊළග එක තමා අද උන සිද්ධිය. අපේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නෙ OIC පොරක්. එයාගෙ Wife A/L වලට classes එහෙම කරන කෙනෙක්. පොර දවස් දෙකකට වගේ කලින් vezel එකක් බැස්සුව. ඔන්න අර මුලින් කතාවෙ O/L ළමයගෙ තාත්ත අද අපේ ගෙදර ආව පොඩි වැඩක් කරගන්න ඒ එක්කම වාහන ගැන අනන් මනන් විස්තර කතා කළා එතකොට එහා ගෙදර OIC vezel එකක් ගෙනල්ල නේහ් කියල මට කිවුව මම කිවුව ඔව් මම දැක්ක කියල. ඔන්න පටන් ගත්ත සුපුරුදු ජානමය ගතිය. මට කියනව මිනිහගෙ business යටින් යනවලු, ice seen ලු. එයා දවසක් කෙනෙක් එක්ක කතා කර කර ඉන්නකොට මිනිහෙක් bike එකකින් ඇවිල්ල මිනිහගෙ මල්ලි එක්ක business කරනව කිවුවලු. ඕවගෙ රටේ නැති සීන්.
දැන් මේ කතා කරපු OIC පවුලයි අනිත් fake ol results කියපු පවුලයි පවුල් දෙකම නෑදෑයො.
මං කල්පනා කරන්නෙ අපිට අපි නැති තැන මේ මිනිස්සු මොනවගෙ දේවල් කියනව ඇද්ද
ඉතින් මේ මිනිස්සුන්ගෙ ඉරිසියාව කියන එක කොහොම ඇගට පත්තියන් වෙලාද. තව එකෙක් තමන්ට වඩා උඩට යනව දකින්න කැමතිම නෑ. ඊට වඩා පහළින් ඉන්නවට තමා කැමති. Negative පැත්තකින්මයි හිතන්නෙ. හරි ඔය කියන ඇත්තටම business තියනව නං ඒක අපේ ප්‍රශ්නයක් නෙමේ. ඒක ඒ මිනිස්සු කියන කරන දේවල් අරන් යනව. හැබැයි ඇයි හිතන්න බැරි අර ගෙදර දෙන්නගෙම ආදායමෙන් වාහනේ ගන්න ඇති කියල positive vibe එකකින්. මම දැක්ක විදිහට ඒ අක්ක තමා වාහනේ ගත්තෙ අතට. ඒ කියන්නෙ OIC ගෙ wife. එයා ටිකක් ලොකුවට class කරන කෙනෙක්. එයා class කරන විදිහට vezel එකක් කියන්නෙ ලොකු දේකුත් නෙමේ. අනික ඉතින් OIC කෙනෙක් උනහම salary එකකුත් හම්බ වෙන්වනෙ ඉතින් දෙන්නගෙම ආදායමෙන් ගත්ත කියල positive විදිහට හිතල පැත්තකට වෙන්න ගොඩක් උන්ගෙ හිත නැවෙන්නෙම නෑ. මට බං අලුත් වාහනේ දැක්කහම හොද සතුටක් ආව මරුනෙ කියල.
මේක ලියාගෙන යනකොට තව සීන් එකක් මතක් උනා. ඔය කලින් කිවුව family එකේ ළමයෙගෙ අම්ම අපිට නෑදෑ කමට අක්ක කෙනෙක් තමා. මම 2nd shy A/L කරල ඉන්නකොට දවසක් වෙන ගෙදරකදි හම්බ වෙලා මගෙන් අහනව මේ පාර exam කොහොමද කියල. මන් කිවුව මට අවුලක් නෑ කියල. එතකොට මට නිකන් නෝන්ඩියට හික් හික් ගාල හිනා වෙවී කියනව "උබ කලින් පාරත් ඔහොමනෙ කිවුවෙ" කියල ඉතින් ඒකෙන් කියන්නෙ, එයා සතුටු වෙන්නෙ මම 2nd shy ත් fail උනොත් තමා නැත්තං මම මේ පාරත් අමාරුයි අනේ වගේ එකක් කිවුව නං එවලෙම සතුටු වෙයි.
ඊළගට ඒ කට්ටියම ඔය onmax DT ආපු කාලෙ ඉඩමක් විකුණපු සල්ලි ඕකට දාල ලක්ෂ ගාණක් නැති කරගත්ත කියල ආරංචි උනා. ඒක ඇත්ත වෙන්න ඕන. මොකද මගෙන් ඒ ගැන විස්තර අනන් මනන් අහල තියනව ඒ කාලේ. ඒ නිසා ඉරිසියා කරනව කියන්නෙ බන් කොහෙන් හරි නැති වෙන්න තියන chance එක වැඩී.
මිනිස්සු කියන්නෙ බන් එක පැත්තක් බලල කොයි වගේද කියල හොයාගන්න බැරි ජාතියක්.

එළ