එක එක්කෙනාට සෙට් වෙන රස වෙනස් බං. මම ඕකේ මිල්ක් ටී එක නැතිව අනික්වා සෑහෙන්න බීලා තියෙනවා. මට නම් ඔය කියන තරම් අවුලක් නෑ ඒ ප්‍රයිස් එකේ හැටියට. අයිස් වලින් තමයි උන් ගේම ගහන්නේ. ඒ නිසා ටිකක් දියාරු ගතිය වැඩියි බීම එකේ. හැබැයි ඕකුන්ගේ චොක්ලට් මිල්ක්ශේක් එකට වඩා Bing Yu එකේ ඒවා රසයි. හැබැයි ඉතින් ඔය මිලේ හැටියට තමයි කොලිටි එකත්. උඹලට කොලිටි එකට බොන්න ඕන නම් Bubble Me වගේ එකකින් බීපන්. හැබැයි ඒකේ Bubble Tea එක 2200ක් වගේ වෙනවා එකක් බෝබා එක්ක. ඒකේ ටී එක වෙනමයි බෝබා වෙනමයි ඇඩ් කරගන්න ඕන. වෙනම බොබා ඇඩ් කරන්න ඕනේ ඒකට 600ක් ගන්නවා. ඒකේ අයිස් කැට එන්නේ නෑ. කෙලින්ම කූල් කරපු අදාල පානය විතරයි. අනික ප්‍රිමියම් ඉන්ග්‍රීඩියන්ට්. Bing chun එකේ ඔය මිලට ඉතින් මම හිතන්නේ නෑ ඔයිට වඩා දෙයක් දෙන්න පුලුවන් කියලා.