ජනතා නියෝජිතයො.

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,516
    113
    Redhat lab - Aukland
    අත්තිඩියේ කීල්ස් එකට ගිය වෙලාවේ එලියට එනකොට අහම්බෙන් දැකපු හුරු පුරුදු මූනක් නිසා බැලුවේ. එතකොට තමා දැක්කෙ ශ්‍රී ලංකා රජයේ අධිකරණ ඇමති හර්ශණ නානායක්කාර මහතා කියලා. කලින් දැනන් හිටියෙ නැති නමුත් පාර්ලිමේන්තුවේ කතා කරන විලාසය ටිකක් විතර ආකර්ෂණීය නිසාම Follow කරන්න ගත්ත පුද්ගලයෙක්
    මතක ඇති කාලේ ඉදන් ආපු හැම ආණ්ඩුවකම අපි දැකපු අපේ බදු සල්ලිවලින් නඩත්තු වුණු වාහන පෝලිමයි පොලීසියයි STF එකයි , වටේ හෙංචයියොයි නැතුව ගේට්ටුවෙන් එලියට බැහැපු නැති පලාත් සභා මන්ත්‍රීලා ඇමතිලා හිටිය කාලේ ඉවර වෙලා රජයේ ඇමති කම මංත්‍රී කම මහජන චන්දයෙන් පත්වෙන සාමාන්‍ය රජයේ රැකියාවක් බවට පත් කරලා අපි දියුනු රටවල් වල දැකලා තියෙනවා වගේ ජනතාවට වග කියන ජනතාව එක්ක ඉන්න ජනතා නියෝජිතයා ලංකාවෙත් බිහි වෙලා ඉන්නවා දකින්න ලැබීමත් එක අතකට සතුටක්.
    ආණ්ඩුව සම්බන්ධ විවේචන මටත් ගොඩක් තිබුණත් හරි දේ හරි කියනවා වගේම වැරදි දේට වැරදී කියන්නත් දෙපාරක් හිතන්නෙ නෑ.
    එලියට එනකොටම ඉස්සරහට හම්බුණාම Good Evening Sir කියලා මම කියපු එකට කට පුරා හිනාවෙලා Good Evening කියලා ගිහිල්ලා එතුමාට අවශ්‍ය බඩු අරගෙන එතුමාම බිල ගෙවලා ගියා.
    ඇවිත් තිබුණේ අනිත් photo එකේ තියෙන සාමාන්‍ය ප්‍රාදේශිය සභා මන්ත්‍රී වරයෙක් පවා පාවිච්චි කරන සාමාන්‍ය cab එකක.අඩුම ආරක්ෂක නිලධාරියෙක් වත් නැතුව.
    එයාලා බලයට එනකොට ආවේ බස් එකේ යනවා කියලා කවුරු හරි කියනවා නං අපි මෙච්චර කල් දැක්කෙ ගිරිය කඩාගෙන ජනතාවට සේවය කරනවා කියලා ඇවිත් අපේ බදු සල්ලි කෝටි ගනන් හොරකන් කරලා අපිටම ඒවාගෙන් ලොකු කම පෙන්නපු ජනතා නියෝජිතයො.
    මොන ආණ්ඩු ආවත් වෙනස් නොවෙයි කියල හිතපු දේවල් මේ විදියට වෙනස් කරනවට මාලිමා ආණ්ඩුවේ ජනතා නියෝජිතයන්ට ස්තූති කරනවා. ඒ වගේම රටේ අති විශේශ හා ආන්දෝලනාත්මක ඇමති දූරයක් හොබවන එතුමාට මීට වඩා ටිකක් හරි ආරක්ශාව තිබුණානම් හොදයි කියලා හිතුනා.
    හැබැයි මේකෙන් කියන්නේ මාලිමා ආණ්ඩුව සුපිරී කියලා වරදවා වටහා ගන්ඩ එපා. විය යුතු දේ වෙනවා දැක්කාම ඒක හරී කිව්වා විතරයි



    May be an image of text
    May be an image of car and text that says Kee
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,476
    1
    5,535
    113
    හිගන්නො චුන් උනාට, අධිකරණ ඇමතිගෙ වර්ණනා කරන්න ඕනැ ඒ මිනිහා රටේ නීති පද්ධතිය වඩා හිතකර කරන්න, දියුණු කරන්න කරන වැඩ මිසක් ඌ කඩේ යන හැටි නෙමෙයි. ගෙදර වැඩ කාරයෙක් යවල කරන්න ඕනැ වැඩෙටත් තමන්ගෙ කාලය යොදනව කියන්නෙ හෙන ගෝතයෙක් නෙ

    ආරක්ෂාව ඕනැ නන් වාහන 5 අරගෙන ගියත් කමක් නැ තමන්ගේ රාජකාරිය කරන කෙනෙක්.

    මු මොකක්ද අධිකරන ඇමති වෙලා මේ අවුරුදු දෙකට කලේ.. ගොන් කතා කියකියා පාර්ලිමේන්තුවෙ මැද ඇගිල්ල ඉස්සුවා ඇර.....

    විජේදාස රනිල්ගේ අවුරුදු දෙකේ දුෂණ විරෝධි පනත හැදුවා. උගේ පුතාට නඩු වැටෙන්නෙ යන්නෙත් එකෙන්ම උනාට ඒක රාජ්‍යය පාලනයට කරපු හොද නීති ප්‍රතිසංස්කරණයක්.
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,908
    4,111
    113
    මේ සබන් කැල්ල නම් ටිකක් සුවදයි.. සන්ලයිට් නෙවෙයි නේද?
     
    • Haha
    Reactions: KDH

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    598
    1,849
    93
    33
    විජේදාස රනිල්ගේ අවුරුදු දෙකේ දුෂණ විරෝධි පනත හැදුවා. උගේ පුතාට නඩු වැටෙන්නෙ යන්නෙත් එකෙන්ම උනාට ඒක රාජ්‍යය පාලනයට කරපු හොද නීති ප්‍රතිසංස්කරණයක්.
    හැදුවා කිව්වට IMF කියපු නිසා හදන්න වුණානේ. නැත්නම් IMF bailout එක දෙන්නේ නෑ. First review එකේදිත් හදලා තිබ්බේ නෑ. Second review එකේදි තමා හදලා තිබ්බේ.
    Screenshot-20260702-094815.jpg


    IMG-20260702-094950.jpg