පැතූ වෙනස... 👍👍

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,857
    28,743
    113



    අද 2025/09/01 කලින් වෙන්කරවා ගත් පරිදි උදේ 09.00 ට මම ආවා වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට මගේ රියදුරු බලපත්‍රය අලුත් කරගන්න.
    ඇවිත් අදාල කවුළු සඳහා පිලිවෙලින් ගොස් අවසාන කවුළුවට ප්‍රථම මුදල් ගෙවීමේ කවුළුවට යන්න කලින් එතන හිටය නිලධාරිණියගෙන් ඇහුව card payment පුළුවන්ද කියල. ඇය ඔවු පුළුවන් කිව්ව නිසා මම මුදල් ගෙවන්න පෝළිමේ හිටියා. ඒ වෙද්දි පෝලිමේ තව 20ක් විතර හිටිය. ඔන්න මගේ වාරය ආවා විනාඩි 45කට විතර පස්සෙ. ඒත් එතනට ගිහින් ගෙවන්න card එක දෙද්දි එතන නිළධාරියා කියපි card බෑ එලියට ගිහින් අරන් එන්න කියලා. කලින් අහල පුලුවන් කියල දැන් බෑ කියනකොට හිතට කේන්ති ආවත් ඉවසගෙන ආවා පාරට මුදල් ගන්න. එතනත් පෝලිම පිරිල ඉතිරිල.
    පෝලිමේ ඉන්න ගමන් google search කරල හොයාගත්ත ප්‍රවාහන ඇමති *බිමල් රත්නායක* සහෝදරයාගේ ජංගම දුරකථන අංකය. කෝල් එකක් ගත්ත ගමන් ප්‍රතිචාර දැක්වුවා.
    මම කියුව අපහසුතාවය එතුමා ඉතාම සාවදානයෙන් අහන් ඉඳල කියුව "හරි මහත්මයා මම බලන්නම් කියල". මමත් හිතුවා මම call එක ගත්තට පිලිතුරු දුන්න වෙන්න ඇති කියල. හැබැයි එහෙම උනේ නෑ. මම call එක දීල විනාඩි 11ක් යද්දි එතුමා මට නැවත දුරකථන ඇමතුමක් ගත්ත. එවෙලෙ මම මුදල් ගෙවමින් සිටි නිසා answer කරන්න බැරි උනා. නමුත් අදාල කාර්ය ඉවර⁣වෙලා මම නැවත ගත්තම එතුමා "ඔබතුමා නේද මට කතා කලේ" කියල කතා කරල, යන්ත්‍ර මඟින් ගෙවන්න බැරි හේතුව අදාල බලධාරින්ගෙන් විමසල මට තත්ත්වය ඉතාම හොඳින් පැහැදිලි කලා. තව දෙයක් කියුව "ඔබතුමා කතා කලාට ස්තූතියි. මේ ගැන සහ සිදුවන තවත් අපහසුතා බලල අද නැත්නම් හෙටම නැවත card payment කරන්න පහසුකම් සපයන්න අදාල බලධාරින්ට දැනුම් දුන්නා" යැයි පවසා සිටියා...
    අප පැතූ වෙනස සහ මහජන සේවය සහ වගවීම මෙයයි. වසර ගණනක් මහන්සි වී පත්කර ගත් ජනතා පාලනය ගැන ඇත්තටම සතුටුයි...
    *හැබැයි තව දෙයක් ඇමතිට තියන වගවීම සහ තේරුම් කිරීම ප්‍රවාහන ආයතනයේ කවුළු වල නිලධාරීන්ට නම් නැත. 90% පමණ දෙනා තවම වෙනස් වී නැත. ඔවුන් මහජන බදු මුදලින් මහජන සේවය සඳහා ඉන්න අය බව එයාලට තවම තේරිලා නැත*
    රජයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙක් වගේම පාර්ලිමේන්තුවේ සභානායකට පුළුවන් නම් මහජනයා වෙනුවෙන් සේවයට කැපවෙන්න වගේම වගවෙන්න කරුණාකරල රජයේ නිලධාරී මහත්වරුනි,
    සඳලුතලවලින් බැහැල මේ වෙනසට හුරුවෙන්න
    ඔබගේ නිහතමානි භාවයට ස්තූතියි බිමල් අයියෙ...
    ❤️
    🫡
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,858
    21,095
    113
    hire yana dawata thama wenasa itu wenne
    waiting for 2028


    images
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,854
    40,592
    113
    වැඩේ හොඳයි.
    ඒක නෙවෙයි, බිමල් දිහා බැලුවම නිකන් කොටි හිතවාදි පෙනුමක් තියෙනව කියල හිතෙන්නෙ මට විතරද?
     
    • Haha
    Reactions: Rick Sanchezz

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,990
    34,414
    113
    හැම දේටම නෑ බෑ සිස්ටම් අවුට් කියන මේ කම්මැලි රාජ්‍ය සේවක හැත්ත එක්ක නම් ලේසි වෙන්නේ නෑ මාලිමාවේ සහෝදරයින්ට
     
    • Haha
    Reactions: dayt0na

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    හැල්ලක් ලිව්වට බිමල්ට කෝල් කරලත් අන්තිමට වැඩේ වෙලා නෑ නේද?

    දැන් මොකක්ද පැතු වෙනස. කලින් උන් වඩේ කරන්නෙත් නැ මුන් කරන්නෙත් නැ.

    ඇමතිට කෝල් එකක් ගත්තා කියලා මෝඩ චුන් එකක් ලැබුනා විතරයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    දාර Drama එකක්😂😂

    මේවාට රැවටුන කාලේ ගියා බන්😂😂

    ජෙබයියෝ නම් ඔන්න පොඩ්ඩක් වගේ තෙත් වෙනවා මේවා ගේ Drama දැකලා😂😂

    මාලිමාවේ Page කාරයෙක් ට හොඳ ගානක් සෙට් වෙලා ඇති මේ මාර්කටින් පාරෙන්😂😂
     
    • Haha
    Reactions: dayt0na

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,606
    1
    5,894
    113
    මෙහෙමනෙ ආණ්ඩු කරන්නෙ... අදුනන කෙනෙක්ගෙ වැඩක් විනාඩි 11 න් ඇමතිම මැදිහත් වෙලා කරල දෙනව කියන්නෙ ලොකු දෙයක්... :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: dayt0na