ඩෙංගු වලට පැපොල් යුශ බීම

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,696
    2,503
    113
    මං දන් නෑ ඇයි හැමෝම පට්ටිකා ඉහළ නංවන්න පැපොල් යුශ හොදයි කිය කිය වන්නම් නටන්නේ කියලා. යකුනේ පට්ටිකා වැඩි කරන්න ඕනේ නම් ඒකට බෙහෙත් දොස්තරලා ගාව තියෙනවා. දොස්තරලා ඒවා දීලා පට්ටිකා වැඩි කරන් නැත්තේ පට්ටිකා අඩුවීම ලෙඩේ නොවන නිසා. පට්ටිකා අඩු වෙනවා කියන්නේ ලෙඩේ එක කොටසක් විතරයි.

    ඔය පිළිකා ලෙඩ්ඩුන්ට එහෙම දෙන බෙහෙත් තියෙනවා ඒ වයින් පැය කීපයක් ඇතුලත පට්ටිකා ප්‍රමාණය සෑහෙන්න ඉහළට ගේන්න පුළුවන්. ඒවා දෙන් නැත්තේ ඒකෙන් වැඩක් වෙන් නැති නිසා. ඇඟ ඇතුලේ වෛරස් එක තියෙනවා නම් පට්ටිකා වැඩි උනා කියලා වැඩක් වෙන් නෑ. පට්ටිකා වැඩි වෙන්න එක එක මඟුල් බීලා පට්ටිකා වැඩි උනාම දොස්තරලා ටිකට් කපලා ගෙදර යවනවා. ඊට පස්සේ ගෙදර ගිහින් ලෙඩා ආයි මැරෙනවා.

    මෝඩ වැඩ නොකර දොස්තරලා දෙන බෙහෙත් අරගෙන ඒ විදියට පාවිච්චි වෙයල්ලා.
     
    • Like
    Reactions: Feedback.