මම මේ දවස්වල අපේ ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට (Schools, Institutes, Tuition Classes) ගැලපෙන System එකක් ගැන study කරගෙන යනවා. මේක පාවිච්චි කරන අයගෙම අදහස් ටිකක් දැනගන්නයි මේ thread එක දැම්මේ. මෙතන ඉන්න ගුරුවරු, ක්ලාස් කරන අය, නැත්නම් ආයතන කරන අය ඉන්නවා නම් මේ ප්‍රශ්න ටිකට පොඩි අදහසක් දීගෙන යන්න පුළුවන්ද?
- දැනට පාවිච්චි කරන්නේ මොනවාද? ළමයි මැනේජ් කරන්න, නෝට්ස්/වීඩියෝ දෙන්න ඔයාලා දැනට පාවිච්චි කරන්නේ මොන වගේ tools ද? (උදා: Moodle, Zoom + WhatsApp, නැත්නම් වෙනම Custom LMS එකක්ද?)
- දැනට තියෙන ලොකුම ප්‍රශ්න (Pain Points) මොනවාද? ඔයාලා පාවිච්චි කරන ක්‍රමයේ තියෙන අමාරුම දේවල් මොනවාද? (උදා: ළමයින්ගේ Payments මැනේජ් කරන එකද, සිස්ටම් එකේ ස්ලෝ ගතියද, නැත්නම් පාවිච්චි කරන්න තියෙන අමාරුවද?)
- අලුතෙන් LMS එකක් ගන්නවා නම් මොනවාද බලාපොරොත්තු වෙන්නේ? සිස්ටම් එකක "මේ දේවල් නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ" කියලා ඔයාලා හිතන විශේෂ දේවල් මොනවාද?