🧠 සිහින හරහා අන්තර්ක්‍රියාකාරී සන්නිවේදනයෙහි යෙදීම - Interactive Dreaming 😴

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,941
    152,870
    113
    "Lucid dreaming" වල යෙදිලා ඉන්න පුද්ගලයෙකුයි, අවදියෙන් ඉන්න පුද්ගලයෙකුයි අතරෙ අන්තර්ක්‍රියාකාරී සන්නිවේදනය සිදු කරන්න යොදාගන්න සුවිශේෂී විද්‍යාත්මක ක්‍රමවේදය "Interactive dreaming" කියන නමින් තමයි හදුන්වන්නෙ."Lucid dreaming" වල යෙදිලා ඉන්න පුද්ගලයා තමන්ගෙ නිදන චක්‍රයේ "REM (Rapid Eye Movement) sleep" කියන අවධියට පත් වුණාම ඒ පුද්ගලයා එක්ක අවදියෙන් ඉන්න පුද්ගලයාට (පර්යේෂකයා) සන්නිවේදනය කරන්න මේ ක්‍රමවේදය ඔස්සේ හැකියාව ලැබිලා තියෙනවා.

    ඇමරිකාවෙ 'Illinois' ප්‍රාන්තෙ පිහිටලා තියෙන "Northwestern University" එකේ ස්නායු විද්‍යා විශේෂඥයො කණ්ඩායමක් විසින් "Interactive dreaming" පිළිබදව සිදු කරපු පුරෝගාමී ම පර්යේෂණේ ගැන තමයි මේ වීඩියෝස්වලින් කතා කරන්නෙ. 2021 අවුරුද්දෙ සිදු කරපු මේ සුවිශේෂී පර්යේෂණේ, මනෝ විද්‍යාව පිළිබද මහාචාර්යවරයෙක් වෙන වෛද්‍ය "Ken Paller" ගෙ මූලිකත්වයෙන් සිදු කරලා තියෙනවා. "Lucid dreaming" තත්ත්වයේ හිටපු පුද්ගලයන්ගෙ ඇස්වල, මාංශ පේෂිවල චලනයන් වගේ දේවල් තමයි මේ සන්නිවේදන කාර්යයෙදි ද්විපාර්ශවික විදිහට සන්නිවේදනේ යෙදෙමින් අදහස් හුවමාරු කරගන්න පර්යේෂකයන් විසින් භාවිතා කරලා තියෙන්නෙ. අදහස් විතරක් නෙවේ, ප්‍රෙහේලිකා පවා විසදන්න "Lucid dreaming" යෙදිලා හිටපු පුද්ගලයන්ට මේ පර්යේෂණේදි හැකිවෙලා තියෙනවා.






    මේ "Interactive dreaming" පිළිබද පර්යේෂණේ සිදු කරන්න දායක වුණු "Karen Konkoly" කියන පර්යේෂිකාව මේ පර්යේෂණේ පිළිබදව කරුණු පැහැදිලි කරපු වීඩියෝව





    පර්යේෂණේ කරන්න මූලිකත්වෙ ගත්තු මනෝ විද්‍යාව පිළිබද මහාචාර්ය වෛද්‍ය "Ken Paller" එක්ක කරපු 'interview' එකක්


     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,086
    4,414
    113
    Lucid Dream නිකමටවත් ට්‍රයි කරන්න නරකයි බන් . මම කාලයක් ට්‍රයි කරා.
    පස්ස පස්සේ නැගිටල ඉන්න වෙලාවට කරන සමහර දේවල් අමතක වීගෙන යන්න පටන් ගත්ත.
    උදාහරණයකට සමහර දවස් වල මම රෑට කාපුව උදේට කොහොමටවත් මතක නැති උනා. පස්සේ රෑට කාපුවා පොතේ ලියල නිදා ගත්ත. ඒ අමතක උන දවසට පොතේ ලියපු දේ බැලුවත් මට මතක නෑ ඒවා කාවද කියල.
    සමහර ගියපු තැන් මතක නැති වෙනව.
    ඕක කරන එක නවත්තල මාස දෙකක් විතර යනකොට හරි ගියා. නැත්නම් ඩොකෙක්ට පෙන්නන්න හිටිය.
     
    Last edited:
    • Wow
    Reactions: NRTG

    Similar threads