අදටත් ශ්‍රී ලංකාවේ වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් කෙනෙක් ඉන්නෙ ඇයි කියල දන්නවද?
2025 ජූනි මාසෙ මේ ආණ්ඩුව සීඅයිඩී එකයි (නැවතත් ශානි අබේසේකර) දිලීප පීරිස් එක්ක එකතු වෙලා දින 28ක් කොමසාරිස්ව බන්ධනාගාර ගත කරලා නාට්‍යයක් පෙන්නුවා.
මෙතුමා ගිහින් මානව හිමිකම් නඩුවක් දැම්මා. අවසානයේ ඔවුන් තීන්දුවක් දුන්නා මෙතුමගෙ වැඩ තහනම් කිරීම සහ අත්අඩංගුවට ගැනීම නීති විරෝධීයි කියල.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, 2026 අප්‍රේල් 30ට කලින් කරන්න කියල නිර්දේශ කරපු දේවල්:
1) ඉදිරියේදී මෙවැනි අනීතික අත්අඩංගුවට ගැනීම් වැලැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම සහ සීඅයිඩීය මේ අත්අඩංගුවට ගැනීමේදී ක්‍රියා කළ ආකාරය ගැන පොලිස්පතිතුමා සම්බන්ධ වී විමර්ශනයක් කිරීම.
2) තුෂාර උපුල්දෙනිය මහතාගේ වැඩ තහනම් කිරීම මගින් ඔහුගේ මානව හිමිකම් කඩවී ඇති බැවින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන කොමිසම වෙත දැනුන් දිය යුතු බවත්.
අද වෙනකල් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා නෑ.
බන්ධනාගාර කොමසාරිස්ව අදටත් නැවත සේවයේ පිහිටුවල නෑ. ඔහු ගෙදර.
ආණ්ඩුව ගත්ත දවසෙ ඉදන් සියලුම දේ නිළදාරීන්ගෙ පිටින් යවනවා මේ ආණ්ඩුව.
ඒකයි අර නිළදාරියා ඇමති ඉස්සරහ අඬන්නෙ "ඒ නිළදාරියව බේරල දෙන්න සර්" කියල.
ඔවුන්ගේ වෘත්තීමයභාවය, ශක්තිය, සහ තීරණ ගැනීමේ හැකියාව සියල්ල සුනු විසුනු කරල ඉවරයි.
රටක අරාජිකත්වය විදහා දක්වන මූලික ලක්ෂණ මේ.
කවදහරි මුන්ට ගෙදර යන්න වෙන දවසටත් ලියල තියාගන්න මේ සියලු දේ පටවන්නෙ නිළදාරීන් පිටින්.