බෝගම්බර බන්ධනාගාරය සංචාරය

PASAN147

Well-known member
  • Oct 19, 2006
    794
    1,403
    93
    Heiyanthuduwa - Kelaniya
    * නැරඹීමේ ටිකට් පත් ගාස්තුව : රු.100/- යි.

    විනාඩි 8 ක කෙටි වීඩියෝව බලන්න



    * මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...
    පසුගිය සියලුම සංචාරයන් Index >>>

    -----
    2024-05-04 සෙනසුරාදා .
    අද උදේ 5.30 ට ගෙදරින් ඇවිත් බස් එකක නැගලා 6 ට කිරීබත්ගොඩ ආවා. 6.15 ට කොළඹ ඉදලා ආපු මහනුවර හරහා මාතලේ යන සීටීබී එකක් ආවා. බස් එකට නැගලා නුවරට රු.420 ටිකට් ගත්තා.[2024] මගදි තේ බොන්න නැවැත්තුවෙත් නෑ... එක දිගට බස් එක ගිහින් 9.00 ට නුවර ආවා. බස් එකෙන් බැහැලා ලග කඩේකින් උදේට ශොටීස් කාලා බිම බිව්වා. බෝගම්බරට යන පාරේ තිබ්බ වොශ් රූම් එකටත් ගියා. රු.40 ක් අය කරනවා. (බෝගම්බර ඇතුලේ වොශ් රූම් නැත ). ඊට පස්සෙ බොගම්බර බන්ධනාගාරයට පයින් ගියා. 9.15 වෙද්දි ඇතුල් වෙන තැනට ආවා. ටිකට් දෙන තැන දෙන්නෙක් මේසයක් තියන් හිටියා. රු.100 ටිකට් එකක් ගත්තා. ඇතුල් වෙලා පොටො වීඩියො කරමින් බන්ධනාගාරය පුරාම ඇවිද්දා. සිර කුටි , එල්ලුම්ගස තිබ්බ තැන. පඩිපෙල් නගිමින් මහල් 3 ම බැලුවා. බන්ධනාගාර ජීවිතයේ කටුක බව දැක්කා....ගොඩනැගිල්ලෙ සමහර තැන් අනතුරුදායක නිසා වහලා. ලී දිරලා. උලු බිමට වැටෙනවා. දැන් මේක නඩත්තු කරන්නෙ නෑ මම හිතන්නෙ.. වැඩි කාලයක් මේ ගොඩනැගිල්ල බලන්න දෙන එකක් නෑ.
     
    Last edited: