🔱 "ග්‍රීක පුරාවෘත්ත" (Greek Mythology) ඇසුරෙන් නිර්මාණය වුණු විශිෂ්ටම සිනමා නිර්මාණයක් - Iphigenia (1977) 🎬

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,931
    152,829
    113
    'Menelaus' කියන 'Sparta' හි රජතුමා ගෙ බිරිද වුණු 'Helen' ව 'Troy' හි රාජ කුමාරයා වෙච්ච 'Paris' විසින් පැහැරගෙන යනවා. මේ නිසා 'Menelaus' ගෙ සහෝදරයා වුණු 'Agamemnon', එහෙමත් නැත්නම් 'Argos' හි රජතුමාගෙ සේනාධිනායකත්වයෙන් ග්‍රීක හමුදාව රැස් කරනවා 'Troy' නගරය ආක්‍රමණය කරලා 'Helen' ව බේරගන්න. මේ විදිහට ග්‍රීක හමුදාවට අයත් වුණු දහස් ගණනක් වුණු සෙබළු පිරිස 'Aulis' නගරයේ තියෙන තොටුපොළට එකතු වෙනවා 'Troy' ආක්‍රමණය එහෙමත් නැත්නම් "ට්‍රෝජන් යුද්ධය" වෙනුවෙන් නැව් නගින්න.

    නමුත් ඒ වෙනකොට ඒ අවට ප්‍රදේශවල තිබ්බ හුගක් අඩු සුළං ප්‍රවාහය නිසා ඔවුන්ගෙ නෞකා දියත් කරගන්න බැරුව ඔවුන් සියළු දෙනාටම 'Aulis' නගරයේ දිගටම රැදිලා ඉන්න සිද්ධ වෙනවා. මේ විදිහට සුළං ප්‍රවාහය අඩුවෙලා ග්‍රීක හමුදාව විසින් සිදු කරන්න සූදානම් වුණු 'Troy' ආක්‍රමණයට බාධා පැමිණෙන්න මුල්වෙන්නෙ 'Artemis' කියන ග්‍රීක දේවතාවියගෙ එල්ල වුණු දේව කෝපයකුයි. 'Agamemnon' රජතුමා විසින් පූජනීයත්වයෙන් සලකපු මුවෙක් ව දඩයම් කරපු නිසයි වන සතුන්ගෙ ආරක්ෂාවට අධිපති වුණු 'Artemis' කියන ග්‍රීක දේවතාවිගෙ කෝපය මේ විදිහට ග්‍රීක හමුදාව වෙතට යොමු වෙන්නෙ. මේ නිසා ග්‍රීක හමුදාවෙ ප්‍රධාන පේන කියන්නා වුණු 'Calchas' විසින් 'Agamemnon' රජතුමාට උපදෙස් දෙනවා මේ දේව කෝපයෙන් ගැළවෙන්න නම් 'Agamemnon' ගෙ රජතුමාගෙ වැඩිමල් දියණිය වුණු වයස අවුරුදු 14 ක් විතර වෙච්ච 'Iphigenia' ව බිලි දෙන්න ඕන කියලා.

    මේ අනාවරණයත් එක්ක ග්‍රීක හමුදාවෙ ඉරණමත්, තමයි දියණියගෙ ජීවිතයත් කියන අන්ත දෙක අතරෙ දෝලනය වෙවී තීරණයක් ගන්න බැරුව ලත වෙන 'Agamemnon' රජතුමත්, ඔහුගෙ බිරිද වගේ ම 'Iphigenia' ගෙ මව වෙන 'Clytemnestra' තමන්ගෙ දියණියව මේ බිලි පූජාවෙන් ගළවගන්න දරන උත්සාහයත් තමයි මේ 1977 වසරෙ තිරගත කරපු මේ "Iphigenia" කියන චිත්‍රපටියෙ කතාවෙන් පෙන්වන්නෙ. Iphigenia, Clytemnestra, Agamemnon, Menelaus කියන ප්‍රධාන චරිතවලට අමතරව 'Homer' ගෙ 'Odyssey' සහ 'Iliad' කියන මහා ගද්‍ය කාව්‍යවල ඇතුළත් වුණු ප්‍රධාන චරිත වෙච්ච 'Odysseus' සහ 'Achilles' ත් මේ කතාවෙ කැපී පෙනෙන චරිත විදිහට දායක වෙනවා.






    p49689_p_v8_aa.jpg


    ග්‍රීක ජාතික ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වුණු "Michael Cacoyannis" විසින් අධ්‍යක්ෂණය කරපු මේ "Iphigenia (1977)" චිත්‍රපටිය ඛේදාන්තයන් ඇතුළත් කතා නිර්මාණය කරන්න සුප්‍රසිද්ධියක් උසුලපු පුරාණ ග්‍රීක නාට්‍ය රචකයෙක් වුණු 'Euripides' ගෙ "phigenia at Aulis" කියන නාට්‍ය රචනය ඇසුරු කරගෙන තමයි නිර්මාණය වුණේ. සම්පූර්ණයෙන් ම ග්‍රීක නළු නිලීයො දායක කරගෙන නිර්මාණය කරපු මේ චිත්‍රපටියට Irene Papas, Tatiana Papamoschou, Kostas Kazakos, Costas Carras, Christos Tsagas, Panos Mihalopoulos, Dimitri Aronis කියන ප්‍රවීණ වගේම ප්‍රසිද්ධ ග්‍රීක නළු නිළියන් ඇතුළුව තවත් ග්‍රීක නළු නිළියන් රැසක් ම රංගන දායකත්වය සැපයුවා.

    මේ අතරින් 'Clytemnestra' චරිතයට පණ පොවපු "Irene Papas" කියන ප්‍රවීණ රංගන ශිල්පිනියගෙ විශිෂ්ට රංගනය වගේම, 'Agamemnon' චරිතයට පණ පොවපු "Kostas Kazakos" කියන ප්‍රවීණ රංගන ශිල්පියගෙ සහ 'Iphigenia' චරිතයට පණ පොවපු "Tatiana Papamoschou" කියන තරුණ රංගන ශිල්පිනියගෙ විශිෂ්ට රංගනයත් මේ චිත්‍රපටියෙදි දැකගන්න පුළුවන්. පුරාණ ග්‍රීසිය පැවති කාලයට ප්‍රේක්ෂකයව අරන් යන විදිහට කැමරාකරණය, පසුබිම් සංගීතය, පසුතළ, ඇදුම් පැළදුම් නිර්මාණය කරන්න විතරක් නෙවේ චිත්‍රපටියෙ දෙබස් පවා රචනා කරන්න අධ්‍යක්ෂ "Michael Cacoyannis" ඇතුළු කණ්ඩායම ලොකු උත්සාහයක් මේ චිත්‍රපටියෙදි අරන් තියෙනවා.



    ZMPHD2-iphigenia-1977_dx.jpg


    iphigenia-1977-dir-michael-cacoyannis-v0-ititng6i7zoc1.png

    MV5BOTliNzE3ZTAtMDQ1MS00Nzk3LTk1YzYtNjkyNDU4ZDc3MGM0XkEyXkFqcGc@._V1_.jpg

    images


    1464058782_3.png

    66528_632fff3d15eb9c126455e6d4.jpg

    iphigenia-1977-dir-michael-cacoyannis-v0-e0s0twmk7zoc1.png

    MV5BMDBjMGYxMTItMGEwOC00ZTRlLWIyYmUtMDVlZjc2MmZhMzIzXkEyXkFqcGc@._V1_.jpg

    2602fbd74f5c9d777f30add68befae6f.jpg


    MV5BMzk0Nzc5MTYtMTA3OS00MzRlLTlkYWItZTQyNTk3ZjY0OGIyXkEyXkFqcGc@._V1_.jpg


    MV5BNTQzNGNjOTQtOGU2NS00ZDQ5LTg0ZDUtYjhhMmI4N2IxMDMxXkEyXkFqcGc@._V1_.jpg


    ග්‍රීක පුරාවෘත්ත ආශ්‍රය කරගෙන දැවැන්ත පසුතල, ක්‍රියාදාම ජවනිකා ඇතුළත්ව නිර්මාණය වෙන හොලිවුඩ් චිත්‍රපටිවලට වඩා හාත්පසින්ම වෙනස් මගක යන මේ චිත්‍රපටියෙන් "Iphigenia" කතාවෙ තියෙන ඛේදාන්තය නාට්‍යානුසාරයයෙන් හුගක් සංවේදී විදිහට නිර්මාණය කරන්න, එහෙමත් නැත්නම් "tragic human drama" එකක් විදිහට නිර්මාණය කරන්නයි උත්සාහ අරන් තියෙන්නෙ. මේ හේතුවත්, 'Euripides' මුල් නාට්‍ය රචනයකට ලොකු සාධාරණයක් ඉටු කරපු විදිහට නිර්මාණය කරපු චිත්‍රපටියක් වීමත් නිසා මේ "Iphigenia (1977)" චිත්‍රපටිය ග්‍රීක පුරාවෘත්ත ආශ්‍රය කරගෙන සිනමා ඉතිහාසය තුළ නිර්මාණය කරපු හොදම චිත්‍රපටියක් විදිහට සිනමා විචාරකයන් සහ සිනමා ප්‍රේක්ෂකයන් විසින් හුගක් ඉහළින්ම සලකනු ලබනවා.


    ✨විශේෂ කරුණක්: අධ්‍යක්ෂ "Michael Cacoyannis" නිර්මාණය කරපු "Greek Tragedy trilogy" කියන ග්‍රීක පුරාවෘත්ත ආශ්‍රයෙන් නිර්මාණය කරපු චිත්‍රපටි ත්‍රිත්වයේ තුන්වැනි චිත්‍රපටිය තමයි මේ "Iphigenia (1977)" චිත්‍රපටිය. මේ චිත්‍රපටි ත්‍රිත්වයේ මුල් චිත්‍රපටි දෙක වුණු "Electra (1962)" සහ "The Trojan Women (1971)" කියන චිත්‍රපටි දෙකත් ඉහළ විචාරක සහ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගන්න සමත් වෙලා තියෙනවා.



    images
    images


    ✍️ ලිපිය සැකසුම: @Stimulus mind 🎞️

     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,894
    3,686
    113
    ඔය නම් ටික ඉංග්‍රීසි අකුරෙන් දැම්මෙ කියවන්න දන්නෙ නැති නිසා ද ? මම ලියල දෙන්න ද ?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,829
    113
    :love::love:
    brother, Greek history එක ගැන තියෙන movies ටිකක් දානවද?
    මං දාල තියෙන ෆිල්ම්ස් 3 ඇරුනම

    Medea (1969)
    Oedipus Rex (1967)

    වගේ ෆිල්ම්ස් තමයි රේටින්ග්ස් හොද ෆිල්ම්ස්වලට කියලා තියෙන්නෙ. පරණ හොලිවුඩ් ෆිල්ම්ස් නම් "Ulysses (1954)" වගේ ෆිල්ම්ස් තමයි. හොලිවුඩ්වලින් ගහන කතාවල ගොඩක් වෙලාවල් මුල් කතාවෙ තියෙන දේවල්වලට ලොකු වෙනස්කම් කරනවා. ඒ නිසා ග්‍රීසියෙ, ඉතාලියෙ වගේ හදන "greek mythology" ෆිල්ම්ස් තමයි හුගක් වෙලාවට "source material" එකට සාධාරණයක් කරන්නෙ.


    "Jason and the Argonauts (1963)" නම් බලලා තියෙනවා නේද?
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,814
    4,238
    113
    මං දාල තියෙන ෆිල්ම්ස් 3 ඇරුනම

    Medea (1969)
    Oedipus Rex (1967)

    වගේ ෆිල්ම්ස් තමයි රේටින්ග්ස් හොද ෆිල්ම්ස්වලට කියලා තියෙන්නෙ. පරණ හොලිවුඩ් ෆිල්ම්ස් නම් "Ulysses (1954)" වගේ ෆිල්ම්ස් තමයි. හොලිවුඩ්වලින් ගහන කතාවල ගොඩක් වෙලාවල් මුල් කතාවෙ තියෙන දේවල්වලට ලොකු වෙනස්කම් කරනවා. ඒ නිසා ග්‍රීසියෙ, ඉතාලියෙ වගේ හදන "greek mythology" ෆිල්ම්ස් තමයි හුගක් වෙලාවට "source material" එකට සාධාරණයක් කරන්නෙ.


    "Jason and the Argonauts (1963)" නම් බලලා තියෙනවා නේද?
    Gods of Egypt, Hercules, Troy බලලා තියෙනවා. මම ඒ වගේ ඒවට තමයි ආස.

    මාත් ආසම කතා තමයි මේ වගේ පරණ දේව කතා.
    අම්බානක movies තියෙනව බන්. කරුමෙට අපිට මිස් වෙනව.
    ------ Post added on Jul 10, 2026 at 1:08 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,829
    113
    Gods of Egypt, Hercules, Troy බලලා තියෙනවා. මම ඒ වගේ ඒවට තමයි ආස.


    අම්බානක movies තියෙනව බන්. කරුමෙට අපිට මිස් වෙනව.
    ------ Post added on Jul 10, 2026 at 1:08 PM
    රෝමන් ඉතිහාසෙ සම්බන්ධ ෆිල්ම්ස් නම් බර තොගයක් තියෙනවා හොලිවුඩ්වල ගහපු. ඒ අතින් බැලුව ග්‍රීක් ෆිල්ම්ස් ප්‍රමාණෙ අඩුයි. මං නම් ඉතිහාස කතා සම්බන්ධ පරණ චිත්‍රපටිවලට හුගක් කැමති ඒවයෙ තිබ්බ ප්‍රඩක්ෂන් කොලිටියෙ තිබ්බ හොදකම නිසා. ඇදුම් පැළදුම්, පසුතල හදන දේවලවලට පට්ට මහන්සියක් අරන් තියෙනවා ඒ කාලෙ මිනිස්සු. ඒකට දැන් ඒකෙ අනිත් පැත්ත. මේ නෝලන්කාරයගෙ ඔඩිසිවල ඉමේජ් එකක්. 'Iphigenia' ෆිල්ම් එකේ 'costumes' එක්ක මේක තියලා බැලුවම නෝලන්කාරයගෙ ඔඩිසිවල නළු නිළි සෙට් එක විකට ඇදුම් තරගෙකට ගිහින් වගේ. ඒ තරම් අජූතයි. :LOL:

    HMuDrnHW4AAmDxQ






     
    Last edited:

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,814
    4,238
    113
    රෝමන් ඉතිහාසෙ සම්බන්ධ ෆිල්ම්ස් නම් බර තොගයක් තියෙනවා හොලිවුඩ්වල ගහපු. ඒ අතින් බැලුව ග්‍රීක් ෆිල්ම්ස් ප්‍රමාණෙ අඩුයි. මං නම් ඉතිහාස කතා සම්බන්ධ පරණ චිත්‍රපටිවලට අලුතෙන් හදන ඒවට හුගක් කැමති ඒවයෙ තිබ්බ ප්‍රඩක්ෂන් කොලිටියෙ තිබ්බ හොදකම නිසා. ඇදුම් පැළදුම්, පසුතල හදන දේවලවලට පට්ට මහන්සියක් අරන් තියෙනවා ඒ කාලෙ මිනිස්සු. ඒකට දැන් ඒකෙ අනිත් පැත්ත. මේ නෝලන්කාරයගෙ ඔඩිසිවල ඉමේජ් එකක්. 'Iphigenia' ෆිල්ම් එකේ 'costumes' එක්ක මේක තියලා බැලුවම නෝලන්කාරයගෙ ඔඩිසිවල නළු නිළි සෙට් එක විකට ඇදුම් තරගෙකට ගිහින් වගේ. ඒ තරම් අජූතයි. :LOL:

    HMuDrnHW4AAmDxQ







    gladiator1,2 මරු. මම ටිකක් දෙගිඩියාවෙන් වගේ gladiator 2 බලන්න පටන්ගත්තේ. ඒ වුනාට ඒක පට්ට.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,274
    11,999
    113
    35
    Spain
    gladiator1,2 මරු. මම ටිකක් දෙගිඩියාවෙන් වගේ gladiator 2 බලන්න පටන්ගත්තේ. ඒ වුනාට ඒක පට්ට.
    මන් 1 බලල තියෙනවා. රෑට නිතරම වගේ මේකේ සින්දුව අහනවා. දෙවෙනි එකත් බලන්නම් එහෙනම්
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,814
    4,238
    113
    මන් 1 බලල තියෙනවා. රෑට නිතරම වගේ මේකේ සින්දුව අහනවා. දෙවෙනි එකත් බලන්නම් එහෙනම්
    ඒකත් මරු බන්. බලපන්. මම මගෙ ring tone එක විදිහට දාගෙන ඉන්නෙත් gladiator 1 එකේ the battle tone එක. evergreen movies තමයි ඉතිං ඒවා. :love:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    One of the good old movies that deserved much more recognition. Michael Cacoyannis is quite well known for his Oscar-winning film “Zorba the Greek”.
    He directed an Euripedean trilogy where "Iphiginia" was the third followed by “Electra” and “The Trojan Women.” It was nominated for some awards including an Oscar.
     

    Similar threads