මේ ෆොටෝ එක සහ ඒකෙ ලකුණු කරල තියෙන තැන් පැහැදිලිව පේනව ඇති කියල මං හිතනව,
'මොකක්ද මේක?'
කෙනෙක්ට හිතෙන්න පුළුවන්,
මේකට කියන්නෙ 'සිංහ වික්‍රාන්ති ආරාම සැලැස්ම' කියල,
මං මීට කලින් මහින්දාගමනය ගැන ලියපු නිසා ආයෙමත් ඒ ගැන ලියන්න අදහසක් නෑ,
මහින්දාගමනයෙන් පස්සෙ අනුරාධපුර නගරයෙ සිදුවෙන ප්‍රධානතම වෙනස්කමක් තමයි 'මහාවිහාරය' බිහිවීම,
මහාවිහාරය නිර්මාණය වෙන්නෙ මුටසීව රජ්ජුරුවන්ගෙ කාලෙ නිර්මාණය වුණු මහමෙව්නා උයන තියෙන භූමියෙ,
මිහිඳු හාමුදුරුවො අනුරාධපුර නගරයේ තමන්ගෙ මුල්ම ධර්ම දේශනයෙන් පස්සෙ ආයෙමත් අම්බස්ථලයට, ඒ කියන්නෙ මිහින්තලේට වැඩම කරන්න හදනව,
එතනදි රජ්ජුරුවො උන්වහන්සේගෙන් අහන්නෙ "ඇයි නන්දන උයනෙ රාත්‍රිය ගතනොකරන්නෙ?" කියල,
ඒ වෙලාවෙ මිහිඳු හාමුදුරුවො කියනව තමන් සහ පිරිස එතැන රාත්‍රිය ගතනොකරන්නෙ නන්දන උයන සහ ඒ ආශ්‍රිත භූමිභාගය ජනාකීර්ණ නිසා ඒ වගෙ තැනක ඝෝෂාව එක්ක පැවිද්දන්ට වැඩවාසය කරන්න අපහසු වග,
ඔය කියන නන්දන උයන ආශ්‍රිත ඒරියා එක වටේ සල්පිල් අනංමනං තිබිල තියෙනව, ඇතුළු නුවර කැණීම්වලින් ඒ වෙළඳාම් ගැන සාක්ෂිසාධක හම්බුවෙලා තියෙනව, ඒ නිසා එහෙව් තැනක තියෙන ඝෝෂාව තේරුම්ගන්න පුළුවන්,
ඉතින් ඒක අහන දේවානම්පියතිස්ස රජ්ජුරුවො අවසානෙ මහාමේඝ උයන උන්වහන්සේට පූජාකරනව,
මේ වෙලාවෙ මහපොළොව කම්පා වුණු වග මහාවංස ටීකාවෙ සඳහන් වෙනව,
මහාමේඝ වනයෙ තමයි ලාංකේය බෞද්ධ සංස්කෘතියේ වැදගත්ම කොටසක් වුණු 'මහා විහාරය' නිර්මාණය වෙන්නෙ,
අද අපි අනුරාධපුර ගියහම දකින, වන්දනා කරන ශ්‍රී මහා බෝධිය, රුවන්වැලිසෑය වගෙ සිද්ධස්ථාන බොහොමයක් අයිති වෙන්නෙ මහාවිහාරයට,
මේ මහාවිහාර ආරාම සංකීර්ණය සැලසුම් කරල තියෙන්නෙ ටිකක් වෙනස් වාස්තු විද්‍යාත්මක ක්‍රමවේදයකට,
ඒක හඳුන්වන්නෙ 'සිංහ වික්‍රාන්තිය' කියල,
"සිංහ වික්‍රාන්තිය" කියන්නෙ සිංහයෙක් තමන්ගෙ දකුණු පැත්තට හැරිල බලනකොට උගෙ දෘෂ්ඨිය වැටෙන සහ ශරීරයේ විවිධ අංගෝපාංග පිහිටන ස්ථානවලට අනුව ගොඩනැගිලි සැලසුම් කිරීමේ ඓතිහාසික ක්‍රමවේදයක්,
ඔය ෆොටෝ එකේ තියෙන්නෙ ආං ඒ සිංහ වික්‍රාන්තිය, මේක මම ගත්තෙ ප්‍රොෆෙසර් ටී.ජී කුලතුංග ගෙ 'අනුරාධපුර මහා විහාරය' කියන පර්‍යේෂණ ග්‍රන්ථයෙන්,
මේක පැහැදිලිව බැලුවොත් සිංහයගෙ අදාළ ස්ථාන එක්ක ඒ ඒ තැන්වල පිහිටන ගොඩනැගිලි ආදිය දැකබලාගන්න පුළුවන්,
1) ශ්‍රී මහා බෝධිය – සිංහයාගේ වල්ගය අග
2) ලෝවාමහාපාය – පසුපස දකුණු පාදය
3) සන්නිපාත ශාලාව (ලහබත්ගෙය) – පසුපස වම් පාදය
4) ධාතුඝරය – නාභිය
5) රංසිමාලිකය – පපුවේ වම්පස තියෙන තැන
6) දාන ශාලාව – ඉදිරි දකුණු පය
7) ස්වර්ණමාලී මහා සෑය – ඉදිරි වම් පය
8) කණ්ඨ පොකුණ – උගුර
9) පිළිමගෙය – දෘෂ්ඨිය වැටෙන තැන
අපි අහල තියෙනව දේවානම්පියතිස්ස රජ්ජුරුවො මිහිඳු මහරහතන්වහන්සේගෙ උපදෙස් පරිදි ගාමණී අභය කියල පසුකාලීනව එන රජ කෙනෙක් ස්වර්ණමාලි මහාසෑය නිර්මාණය කරන වග සඳහන් සෙල්ලිපියක් පිහිටවපු කතාවක්,
මහරජ ගැමුණු ෆිල්ම් එකෙත් මේ ගැන සඳහන් කෙරෙනව, සහ ඒකෙ නම් එළාර රජ්ජුරුවො ඒ සෙල්ලිපිය ගැන අහන්න ලැබිලා ඒක හොයාගෙන යනව, ඉතිහාසයෙ නම් එහෙම කතාවක් නෑ, ඒත් එළාර ඒ ප්‍රොෆසිය ට,අනාවැකියට බයවුණු විදිහ ඒකෙ පෙන්නල තිබුණු විදිහ මරු,
ඉතින් පාලි මහා බෝධිවංශය වගෙ ඓතිහාසික මූලාශ්‍රවල තියෙනව දේවානම්පියතිස්ස රජ්ජුරුවො මහා විහාරයේ ගොඩනැගිලි ආදිය මෙන්න මේ කියන සිංහ වික්‍රාන්ති සැලැස්මට අනුව සැලසුම් කරපු බව, සහ තමන්ගෙන් පසුව එන රජවරුන්ට ඒ ඒ තැන් වෙනුවෙන් ඉඩ වෙන්කරපු බව,
මේ විදිහෙ සත්ව ශරීර හැඩයන් ඉන්ස්පයර් කරගත්තු ගොඩනැගිලි නිර්මාණයන් වාස්තු විද්‍යාවෙ හඳුන්වන්නෙ Zoomorphic urbanism කියල,
ඉන්කාවරුන්ගෙ අගනුවර වුණු පීරූවල කුස්කෝ කියන්නෙ මේ වගේම, හැබැයි පූමා කෙනෙක්ගෙ හැඩයට නිර්මාණය වුණු සැලැස්මක්,
පූමා කියන්නෙ ඉන්කාවරුන්ගෙ ශුද්ධ වූ සත්වයෙක්, ඒ නිසා ඔවුන් මේ නගරය නිර්මාණය කරන්නෙ පූමා කෙනෙක්ගෙ හැඩේට,
සිංහ වික්‍රාන්තිය ගැන කතන්දරේ එපමණයි,
තවත් මේ වගෙම සටහනකින් මුණගැහෙමු!
.
~
.
.
.
.
.
#WIKUM #HISTORY