අනුරගේ අපරාධ රාජ්‍යය කියලා පොත් ලියවෙයි ද ?

monson

Well-known member
  • May 7, 2007
    25,583
    28,517
    113
    :lol: 🤌



    සිරගෙදර මරණ සහ වධහිංසා සම්බන්ධ පරීක්ෂණවලට කෙරෙන බාධා ගැන විදෙස් ඇස යොමුවේ


    මේ වනවිට මිනිස් ජීවිත 31 ක් බිලිගෙන ඇති ප්‍රචණ්ඩතාවලට බන්ධනාගාර තුලදී ගොදුරු වුවන් සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා මානව හිමිකම් ක්‍රියාධාරීන් දිගටම විරෝධතා පවත්වද්දී,

    මීගමුවෙන් වෙනත් රැඳවුම් ස්ථාන වලට මාරුකර යවන ලද සිරකරුවන්ගේ මරණ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වන ලෙස එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන විසින් ඉල්ලා තිබේ.

    මීගමුව බන්ධනාගාරයේ ප්‍රචණ්ඩතාවෙන් ගැලවී වෙනත් තැන්වලට යවනු ලැබූ රැඳවියන්ට වධහිංසා පමුණුවනු ලබන බවට එල්ලවන චෝදනා විභාග කිරීමට වැලිකඩ හිරගෙදරට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඇතුල්වීම වැලැක්වීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බව කොමිසම දැනුම් දී ඇත.

    මියගිය බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් පළිගැනීමේ චේතනාවෙන් වැලිකඩ සිරගෙදර නිලධාරීන් විසින් වධහිංසා පමුණුවා අවිශ්ක ගයාන් මරා දමා ඇතැයි චෝදනා කරන සිරකරුවන්ගේ අයිතිවාසිකම් සඳහා වන කමිටුව බන්ධනාගාරය නිරීක්ෂණය සඳහා ඇතුල්වීමෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වලක්වා ඇති බවට කළ හෙළිදරව්ව එමගින් තහවුරු වෙයි.

    සිරකරුවන් මාරුකර යවන ලද ස්ථානවල සිදුකෙරෙන බවට චෝදනා කෙරෙන පළිගැනීමේ ඝාතන හා වධහිංසා පිළිබඳව සොයා බැලීම සඳහා බාධාවකින් තොරව රැඳවුම් මධ්‍යස්ථානවලට යාමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ඉඩ දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශිකා රවීනා ශම්දසානි ජිනීවා නුවරින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසන පරිදි වැලිකඩ නිරීක්ෂණය වලක්වා ඇත්තේ එහි ප්‍රධාන බන්ධනාගාර නියාමක නිලධාරියාය.

    ඇම්නස්ටි සංවිධානයේ ඉල්ලීම

    මීගමුව හිරගෙදර ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අනතුරුව වෙනත් බන්ධනාගාරවලට මාරුකර යවන ලද සිරකරුවන්ගේ මරණ පිලිබඳ වහාම පරීක්ෂණ පවත්වන ලෙස ඇම්නස්ටි ජාත්‍යන්තරය ඉල්ලා සිටී.

    කලක් තිස්සේ හඳුනාගෙන තිබුණු ගැටළු සම්බන්ධයෙන් පියවර ගැනීමට ආණ්ඩු අසමත් වීම රැඳවියන්ගේත් කාර්ය මණ්ඩලයේත් ජීවිත අනතුරේ හෙලීමට තුඩු දෙන බව අවධාරණය කරන ඇම්නස්ටියේ දකුණු ආසියානු කලාපීය නියෝජ්‍ය අධ්‍යක්ෂ බාබු රාම් පන්ට්, වදහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව ඇතුළු ආයතන විසින් කලක් තිස්සේ පෙන්වා දී තිබු ගැටළු සම්බන්ධයෙන් පියවර ගැනීමට ආණ්ඩු අසමත් වීම රැඳවියන්ගේත් කාර්ය මණ්ඩලයේත් ජීවිත අනතුරේ හෙලීමට තුඩු දෙන බව අවධාරණය කරයි.

    නඩු විභාගවලට පෙර දීර්ඝ කාලයක් රඳවා තැබීම, අධික තදබදය සහ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා යවනු වෙනුවට සිරකොට තැබීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයෙන් පෙන්වා දී ඇති ගැටළු සමහරකි.

    දිවයිනේ දසදින සංචාරයක් නිමා කළ වධහිංසාව වැලැක්වීම සඳහා වන එක්සත් ජාතීන්ගේ අනුකමිටුව තම නිර්දේශ සහිතව හත් වසරකට පෙර රජයට ලබාදුන් වාර්තාවක් අදත් ප්‍රසිද්ධියට පත් නොකර සිටීම ගැන කනස්සල්ල පළකරමින් එය ජනගත කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා තිබුණි.

    ශ්‍රී ලංකාවේ සිරගෙවල් විස්සක් ආශ්‍රිත ගවේෂණයකින් ඒවායේ අමානුෂික තත්වය පිලිබඳව පිටු 800 ඉක්මවන සවිස්තර වාර්තාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ඉංග්‍රීසියෙන් පළකර ඇත්තේ මෙයින් හය අවුරුද්දකට ඉහත කාලයකදීය. ඒ තත්වය සමනය කිරීමට දී ඇති නිර්දේශ ක්‍රියාත්මක වී නැති වීම ගැන දෙස් විදෙස් මානව හිමිකම් සංවිධාන කනස්සල්ල පළකර ඇත.

    අධිකරණ අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති අලුත්ම සංඛ්‍යාලේඛන අනුව දසදහසක් පමණ සිරකිරීමට පමණක් පහසුකම් ඇති ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුල හතලිස් එක්දහසකට වැඩි පිරිසක් ගාල්කර තිබේ. එයින් හතරෙන් තුනකට වැඩි පිරිස වරදකරුවන් නොවේ.


    මීගමුව බන්ධනාගාරයේ ප්‍රචණ්ඩතාවෙන් බේරී වැලිකඩට මාරුකර යවනු ලැබූ රැඳවියන්ට වධහිංසා පමුණුවනු ලබන බවට එල්ලවන චෝදනා විභාග කිරීමට වැලිකඩ හිරගෙදරට සිය කොමිසමට ඇතුල්වීම වැලැක්වීම සහ වෙනත් හිරගෙවලට මාරුකර යවනු ලැබුවන්ට එරෙහි වධහිංසා චෝදනා පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පර්යේෂණ හා අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක නිහාල් චන්ද්‍ර සිරිගේ අත්සනින් යුතුව ජුලි 10 වැනි සිකුරාදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්ව ඇත්තේ මීගමුව බන්ධනාගාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඉන්පසුව අනෙකුත් බන්ධනාගාර වල සිදු වූ සිදුවීම් සම්බන්ධ විමර්ශනයේ ප්‍රධාන අංශ අතරට පහත සඳහන් දෑ ඇතුළත් වන බවයි.

    1. මීගමුව බන්ධනාගාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ රැඳවියන්ගේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ මරණ සහ තුවාල වලට හේතු වූ පසු බිම් තත්වයන්,

    2. 2026 ජුලි 7 වැනි දින රාත්‍රී 8.30 ට පමණ පූර්ව දැනුම් දීමකින් තොරව රැඳවියන් පරීක්ෂා කිරීමට වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා නිලධාරීන්ට පිවිසීම ප්‍රතික්ෂේප කිරීම,

    3. මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කරන ලද රැඳවියන්ට වධහිංසා පැමිණවීම සහ වෙනත් ආකාරයේ අයුතු ලෙස සැලකීම පිළිබඳ චෝදනා සහ බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ සිටියදී එවැනි රැඳවියන් දෙදෙනෙකු මිය යාමට හේතු වූ කරුණු.

    “මීගමුව බන්ධනාගාරයේ සිට රැඳවියන් මාරු කරන ලද බන්ධනාගාර වෙත කොමිෂන් සභාවේ නිලධාරීන් කල සංචාරයන්ගෙන් මතුවන මූලික සොයාගැනීම දැනට කොමිෂන් සභාව විසින් සමාලෝචනය කරමින් පවතී. මෙම සංචාර වලදී, එම රැඳවියන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව එකී නිලධාරීන්ම නිරීක්ෂණය කළ බවත්, එම රැඳවියන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට ප්‍රමාද වී ඇති බවත් කොමිෂන් සභාව සඳහන් කරයි. එවැනි සිරකරුවන්ට ප්‍රමාදයකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බව හා එවැනි ප්‍රතිකාර ලබා දීමේ ඕනෑම ක්‍රමානුකූල ප්‍රමාදයක් පළිගැනීමක් විය හැකි බවත් කොමිෂන් සභාව පෙන්වා දී ඇත.”

    බන්ධනාගාර වෙත බාධාවකින් තොරව කොමිෂන් සභා නිලධාරීන්ට ප්‍රවේශ වීම සම්බන්ධයෙන්, 2026 ජූලි 8 දිනැති බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (රාජකාරි ආවරණය කරන) වෙත යවන ලද ලිපියෙන් ප්‍රකාශිත සිය ගැඹුරු කනස්සල්ල කොමිෂන් සභාව සිය මාධ්‍ය නිවේදනය මගින් නැවත අවධාරණය කර තිබේ.

    “2026 ජූලි 7 වන දින වැලිකඩ බන්ධනාගාරය තුළට කොමිෂන් සභා කාර්ය මණ්ඩලයට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කිරීම 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත උල්ලංඝනය කිරීමක් වන අතර, විශේෂයෙන් වධ හිංසා පැමිණවීම් සහ වෙනත් ආකාරයේ අයුතු සැලකිලි පිළිබඳ චෝදනා පිළිබඳ තොරතුරු ලැබී ඇති විට, බන්ධනාගාරවල සුභසාධනය පිළිබඳව අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීමට කොමිෂන් සභාවට ඇති අධිකාරි බලය එම ක්‍රියාව මගින් දැඩි ලෙස අවතක්සේරු කිරීමකි,” යි සභාපති විනිසුරු ටී බී දෙහිදෙනිය විසින් ජනාධිපති, අධිකරණ ඇමැති හා විදේශ කටයුතු ඇමැතිට පිටපත් සහිතව යවා ඇති ලිපියේ සඳහන්වේ.

    2026 ජූලි 8 වැනි දින කොමිෂන් සභාවට බාධාවකින් තොරව ප්‍රවේශය ලබා දුන් නමුත්, 2026 ජුලි 7 වැනි දින තීරණාත්මක අවස්ථාවක ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීම මඟින් චෝදනා පිළිබඳව ඵලදායි හා අවශ්‍ය කාලරාමුව තුළ විමර්ශනය කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් චන්ද්‍ර සිරි නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ව ඇත්තේ.

    කෙසේ වෙතත්, පවත්වාගෙන යනු ලබන විමර්ශන කිසිවක් සම්බන්ධයෙන් කිසිදු නිගමනයකට එළඹ නොමැති බවත්, දැනට රැඳවියන්ගෙන් සහ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ඇතුළු සාක්ෂි රැස්කර ඒවා ඇගයීමට ලක් කරමින් සිටින බවත් කොමිෂන් සභාව වැඩි දුරටත් සදහන් කරයි.

    වධහිංසා පැමිණවීම සහ වෙනත් ආකාරයේ අයුතු සැලකිලි පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා වන ව්‍යවස්ථාපිත වගකීම ඉටු කිරීම සඳහා, ඕනෑම වේලාවක රැඳවුම් ස්ථාන වලට පුර්ව දැනුම් දීමකින් තොරව පරීක්ෂණ සිදු කිරීම සඳහා කොමිෂන් සභාවට ඇති හැකියාව තීරණාත්මක බව අවධාරණය කෙරෙන එම නිවේදනයේ තව දුරටත් සදහන් කර ඇත්තේ 2026 ජූලි 7 වැනි දින කොමිෂන් සභාවට වැලිකඩ බන්ධනාගාරයට පිවිසීම ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ තත්වයන් පිළිබඳව විමසීම සඳහා කොමිෂන් සභාව හමුවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (රාජකාරි ආවරණය කරන) සහ වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා කැඳවා ඇති බවයි.

    තම අඛණ්ඩ විමර්ශනයේ ප්‍රගතිය වරින් වර ප්‍රකාශ මගින් මහජනතාවට පැහැදිලි කිරීමට ද කොමිෂන් සභාව කටයුතු කරනු ඇති අතර, එවැනි ප්‍රගතිය පිළිබඳ ප්‍රකාශ නිවැරදිව හා වගකීමෙන් යුතුව සියලුම මාධ්‍ය ආයතන විසින් වාර්තා කරනු ඇතැයි ද කොමිෂන් සභාව සිය මාධ්‍ය නිවේදනය මගින් අපේක්ෂා කර තිබේ.

    Screenshot_2026-07-11_090715.png

    post


    media releasee
    manawa himikam


    - https://theleader.lk/news/42776-2026-07-11-03-33-54
     
    • Wow
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,517
    113

    මෙරට බන්ධනාගාර ප්‍රචණ්ඩත්වය ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ කණස්සල්ල

    %E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD


    මීගමුව බන්ධනාගාරයේ ඇති වූ මාරාන්තික ප්‍රචණ්ඩත්වය සහ අනෙකුත් බන්ධනාගාරවල ආරක්ෂකයින් විසින් රැඳවියන්ට එරෙහිව පළිගැනීම් සිදු කරන බවට ලැබෙන වාර්තා දැඩි කනස්සල්ලට කරුණක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සඳහන් කරනවා.

    ඝාතනයට ලක්වූ සහ තුවාල ලැබූ රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් යන දෙපාර්ශවයේම පවුල්වල සාමාජිකයින්ට සත්‍යය දැන ගැනීමට සහ වගවීම දැකීමට අයිතියක් ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලයේ ප්‍රකාශිකා රවීනා ෂම්දාසානි පවසන්නේ.

    මෙම ප්‍රචණ්ඩත්වය මගින් ශ්‍රී ලංකාව තුළ රැඳවුම් භාරයේ තබා ගැනීමට අදාළ ව්‍යුහාත්මක ගැටලුවලට, විශේෂයෙන්ම දීර්ඝ කාලීන පූර්ව නඩු විභාග රැඳවුම් කාලසීමාවන්, අධික තදබදය සහ රැඳවුම් පහසුකම්වල පවතින ප්‍රමාණවත් නොවන තත්ත්වයන්ට කඩිනමින් විසඳුම් සෙවීමේ හදිසි අවශ්‍යතාවය අවධාරණය කර බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

    මීට අමතරව, මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් විශාල පිරිසක් රඳවා තබා ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට සිරගත කිරීමට වඩා සෞඛ්‍ය කේන්ද්‍රීය ප්‍රතිචාරයන්ගෙන් ප්‍රතිලාභ ලැබිය යුතු බව ද එහි සඳහන්.

    මෙම සිදුවීම් සම්බන්ධයෙන් කඩිනම්, ස්වාධීන සහ විනිවිදභාවයෙන් යුත් විමර්ශන පවත්වන බවට බලධාරීන් ලබා දී ඇති පොරොන්දුව පිළිගන්නා බවයි ඇය පවසන්නේ.

    මීගමුව බන්ධනාගාරයට මෙන්ම අනෙකුත් සියලුම බන්ධනාගාරවලට, විශේෂයෙන්ම සිරකරුවන් මාරු කර යවන ලද සහ ඔවුන් වධහිංසාවලට හා අනෙකුත් අනිසි සැලකීම්වලට ලක් වූ බවට කියනු ලබන රැඳවුම් පහසුකම් වෙත, බාධාවකින් තොරව ප්‍රවේශ වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අවසර දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

    - https://hirunews.lk/476843/un-human-rights-office-concerned-about-prison-violence-in-sri-lanka
     
    • Like
    Reactions: Inigo Montoya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    අර රනිල් එක්ක බටලන්දේ රෙද්දවල් කතකරපු එකා එක්ක වැඩ බැරි කොටා යවන්න ඕනේ interview ඒකකට. English වලින්ම බඩ යයි...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    නිල් පාට බස් එකේ යවලා පපුවෙ ධමනි පිච්චිලා යන්නම දීපු එක මුලින්ම ලියවෙන්න ඕනේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,517
    113
    කසුන් පුස්සවෙල මගේ classmate ඉස්කෝලේ කාලේ නම් මෝඩයෙක් වගේ හිටියේ
    ක්‍රිකට් ගැහුවා ඉස්කෝලේ team එකට

    අනුරගේ අපරාධ රාජ්‍යය පොත ලියවෙයි වගේ :lol:




     
    • Like
    Reactions: Inigo Montoya