බෝදිලිමාගේ සාපය කියන්නේ මොකක්ද?

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113
    බෝදිලිමා කියන්නේ කටුස්සෙක් නෙවේ බන්. වෙතාල පිල්ලියක්.

    වෙතාල කියන්නේ මොකක්ද?
    අද ඇහුවේ

    පිල්ලි යවද්දි එක එක සත්තු යවනවා නේ.
    සොම්බි කරලා වගේ.
    පොඩි කාලේ ගමේ එකෙක් මලා ඌ මැරෙන්න කිට්ටුව මර ලතෝනි දීලා තියෙනවා හැම තැනම සර්පයො ඉන්නවා පේනවා කියලා.
    කට කතා තිබුණෙ සර්ප පිල්ලියක් එවලා කියලා.
    මහ තොවිල් තිබුනා.

    දැන් නම් මානසික රෝග කියලා උස්සන් යන්නේ 😄
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,507
    12,500
    113
    35
    Spain
    වෙතාල කියන්නේ මොකක්ද?
    අද ඇහුවේ

    පිල්ලි යවද්දි එක එක සත්තු යවනවා නේ.
    සොම්බි කරලා වගේ.
    පොඩි කාලේ ගමේ එකෙක් මලා ඌ මැරෙන්න කිට්ටුව මර ලතෝනි දීලා තියෙනවා හැම තැනම සර්පයො ඉන්නවා පේනවා කියලා.
    කට කතා තිබුණෙ සර්ප පිල්ලියක් එවලා කියලා.
    මහ තොවිල් තිබුනා.

    දැන් නම් මානසික රෝග කියලා උස්සන් යන්නේ 😄
    පිල්ලි වර්ගයක් බන්. භයානකම පිල්ලියක් කියල කියන්නේ. ගැහැණු කෙනෙක් වගේ. හැබැයි ඉස්සර උන් කියනවා වෙතාල පිල්ලියට වෙඩි තිව්වොත් උදේට එතන කටුස්සෙක් මැරිලා ඉන්නවා දකින්න පුළුවන් ලු.

    1784118012407.png
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,551
    1
    57,674
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනේ මන්දා බං, ඕක අපේ පැරණි ගැමියෝ අතර තිබ්බ හරිම රසවත් ඒ වගේම ටිකක් බය හිතෙන කතාවක්! "බෝදිලිමාගේ සාපය" නැත්නම් "බෝදිලි අවතාරය" ගැන ඔයා අහලා ඇතිනේ? සරලවම කිව්වොත් මේක අපේ ජනප්‍රවාදයේ එන පට්ටම හොල්මන් කතාවක්.
    මෙන්න මෙහෙමයි ඒ කතාව ගෙතිලා තියෙන්නේ:

    1. කවුද මේ බෝදිලිමා? (ජනප්‍රවාදය)​

    කතාවට අනුව ඉස්සර කාලේ සැමියාගේ අතවර හෝ නොසැලකිලිමත්කම නිසා ප්‍රසූත වේදනාවෙන්, ඒ කියන්නේ දරුවෙක් හම්බෙන්න ගිහින් අන්ත අසරණ වෙලා විලාප තිය තියා මැරුණු ගැබිනි අම්මා කෙනෙක් තමයි පස්සේ ආත්මෙක "බෝදිලිමා" කියන යක්ෂණියක් වෙලා උපදින්නේ.
    ඇය මැරෙන්නේ පිරිමි සංහතිය ගැනම පුදුමාකාර වෛරයකින්. ඒ නිසා ඇය රාත්‍රී කාලයේදී පිරිමින්ගෙන් පළිගන්න සැරිසරනවා කියලයි ගැමියෝ විශ්වාස කරන්නේ.

    2. එතකොට මොකක්ද මේ "සාපය" සහ හැසිරීම?​

    • රෑ තිස්සේ ඇහෙන අඳෝනාව: මැදියම් රැයේ කැලෑවෙන් හෝ ගේ පිටිපස්සෙන් හරියටම අර ගැබිනි අම්මා කෙනෙක් විලාප තියනවා වගේ අඬන සද්දයක් ඇහෙනවලු. ගැමියෝ කියන්නේ ඒ බෝදිලිමාගේ සද්දේ කියලා.
    • පිරිමි විතරයි ටාගට් එක: බෝදිලිමා ලංවෙන්නේ පිරිමින්ට විතරයි. හැබැයි පුදුම වැඩේ කියන්නේ, මේ යක්ෂණිය ගැහැනු අයට පට්ට බයයිලු!
    • කොස්සෙන් බැනීම: රෑට මේ සද්දේ ඇහෙනකොට ගෙදර පිරිමි අය ඇඳන් යටට හරි කාමර අස්සට හරි වෙලා හැංගෙනවලු. හැබැයි ගෙදර ඉන්න ගැහැනු අය කෙළින්ම මිදුලට බැහැලා, අතට කොස්සක් (ඉලපතක්) අරගෙන, කුණුහරුපෙන් බැණ වදිනවලු. එතකොට බෝදිලිමා බයටම පැනලා යනවලු!

    3. ඇත්තටම විද්‍යාත්මක සත්‍යය මොකක්ද?​

    දැන් ඉතින් අපි පොඩ්ඩක් විද්‍යාත්මක පැත්ත බලමුකෝ.
    • සැබෑ සත්වයා: ඇත්තටම "බෝදිලිමා" කියන්නේ අපේ වියළි කලාපයේ ඉන්න, ඇඟේ පාට වෙනස් කරන්න පුළුවන් දුර්ලභ කටුසු විශේෂයකට (Chameleon).
    • කෝ ශබ්ද? මේ කටුස්සා සාමාන්‍යයෙන් කෑගහන සතෙක් නෙවෙයි. හැබැයි මොකක් හරි අනතුරක් වුණාම හුස්ම පිඹින සද්දයක් විතරක් දානවා.
    • එතකොට අර අඳෝනාව? රෑට ඇහෙන බය හිතෙන සද්ද ඇත්තටම කැලේ ඉන්න බකමූණෝ (විශේෂයෙන්ම උලමා), කන්කල්ලු වගේ සත්තුන්ගේ සද්ද. ඉස්සර මිනිස්සු ඒ සද්දවලට බයවෙලා, මේ වගේ ලස්සන (හැබැයි බය හිතෙන) කතාවක් හැදුවා.
    ඉතින් ඔන්න ඔය කතාවට තමයි අපේ ගැමි සමාජයේ "බෝදිලිමාගේ සාපය" කියන්නේ!

    මම ගාමිණී
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,523
    25,324

    ඒ ඇබිත්තයා ගෙට රිංඟපු වෙලාවට විලාප තියන්නෙ.
     
    • Haha
    Reactions: topkollek

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,841
    4,279
    113
    ඕක ගැන මරු කතා තියෙනවා. සමහර ඒවා මම පොත්වල දැක්කේ. බෝදිලිමා කියනව කියන්නෙ බබෙක් හම්බෙන්න ගිහිල්ල මැරිච්චි ගෑනු කෙනෙක්ලු. ඒක හින්දා පිරිමි එක්ක තරහයිලු.කෑගහන සද්දෙ ඇහුනම පිරිමි ඔක්කොම ගෙට දාලා ගෑනු ඉලපත අරන් හොඳ දෙකක් කියාගෙන එලියට බැස්සම බෝදිලිමාට චූ යන සයිස් එකක්ලු තියෙන්නෙ.
    (මේක නං පොතක තිබ්බෙ. මගෙ බයිලයක් නෙවෙයි :lol: .මතක විදිහට ලංකාවේ සාම්ප්‍රදායික වතාවත් ද චාරිත්‍ර ද මොකක්ද මන්දා. ඥාණපාල කියලා ඕතර් කෙනෙක්ගෙ-හරියට මතක නෑ.)හේනේ පැල් රකින්න යන මිනිස්සුන්ට බෝදිලිමගෙ ටෝන් එක ඇහුනොත් අනාතයි ලු. ඒ වෙලාවට කරන්න පුලුවන් එකම දේ හස්තෝපක්‍රමය භාවිතා කරලා (අතේ ගහලා:rofl: ) කැරි ටික කොල ගොටුවකට අරගෙන පැල තියෙන ගහ මුලින් තියන්න ඕනෙලු.(ඒ වෙලාවට පක නගියිද මන්දා බයට:eek::baffled:.) එතකොට ඒ සද්දෙ නැතුව යනවලු.කොල ගොටුව විලි රුදාවට බෙහෙතක් කියල බෝදිලිමා අරන් යනව කියල ලු කියන්නේ. ඇත්ත නැත්ත කෙසේ වෙතත් ඒ ජනප්‍රවාද මරු බං.:love2:

    පිල්ලි වර්ගයක් බන්. භයානකම පිල්ලියක් කියල කියන්නේ. ගැහැණු කෙනෙක් වගේ. හැබැයි ඉස්සර උන් කියනවා වෙතාල පිල්ලියට වෙඩි තිව්වොත් උදේට එතන කටුස්සෙක් මැරිලා ඉන්නවා දකින්න පුළුවන් ලු.

    View attachment 267930
    පිල්ලිවලින් භයානකම පිල්ලිය කුමාර පිල්ලිය කියනව නේද බං.
    ------ Post added on Jul 16, 2026 at 9:20 AM