ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය හරහා රජයට සිදුව ඇති දැවැන්ත මූල්‍ය අලාභය, විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් හෝ මහජන බදු මුදල් යොදාගැනීමෙන් ජනතාවගේ උරමත පැටවීමේ බලධාරීන්ගේ උත්සාහය ව්‍යර්ථ කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP) ගොනු කළ විශේෂ පෙත්සම අද (ජූලි 15) අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගැනිණි."අලාභය මහජන බදු මුදලින් පියවන්න එපා; වගකිවයුත්තන්ගෙන්ම අයකරගන්න"
- අභියාචනාධිකරණය හමුවේ තීරණාත්මක කරුණු දැක්වීමක්
නඩුව අවසන් වනතුරු විදුලි ගාස්තු ඉහළ දැමීම වළක්වන අතුරු තහනමක් ඉල්ලයි; පෙත්සමේ වැඩිදුර විභාගය අගෝස්තු 24 වැනිදාට කල් යයි
මහා පරිමාණ වංචාවක සහ දුර්වල කළමනාකරණයක ප්‍රතිඵලයක් ලෙස සිදුවූ මෙම මූල්‍ය අලාභයේ බර සාමාන්‍ය ජනතාව වෙත පැටවීම අසාධාරණ සහ නීතිවිරෝධී බව පෙන්වා දෙමින්, ජනතා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම නීතිමය පියවර ගෙන තිබේ.
අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටින ප්‍රබල සහන
පෙත්සම්කාර පාර්ශවය විසින් ජනතාව වෙනුවෙන් අධිකරණය හමුවේ තීරණාත්මක නීතිමය ආඥාවන් කිහිපයක්ම ඉල්ලා ඇත.
ජනතාවගෙන් අය කිරීම වැළැක්වීම:
ගල් අඟුරු ගනුදෙනුවේ මූල්‍ය පාඩුව කිසිදු ආකාරයකින් පාරිභෝගික ජනතාවගෙන් අය කරගැනීම වළක්වාලන ස්ථිර තහනම් නියෝගයක් නිකුත් කිරීම.
වගකිවයුත්තන් කොටු කිරීම:
රජයට සිදුවූ සම්පූර්ණ අලාභය අදාළ දූෂිත ගනුදෙනුවට සෘජුවම වගකිවයුතු බලධාරීන්ගෙන් සහ පාර්ශවයන්ගෙන්ම අයකර ගැනීමේ මැන්ඩාමුස් (Mandamus) ආඥාවක් නිකුත් කිරීම.
ගැසට්ටුවට එරෙහි රිට් ආඥාව:
අලාභය පියවා ගැනීම සඳහා ජනතාව අපහසුතාවයට පත්කරමින් විදුලි ගාස්තු ඉහළ දැමීමට නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීම.
අතුරු තහනම් නියෝගය:
මෙම පෙත්සම් විභාගය අවසන් වන තුරු, විදුලි ගාස්තු වැඩි කිරීමේ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන අතුරු තහනමක් පැනවීම.
ඊළඟ අධිකරණ ක්‍රියාමාර්ගය
අද දින විවෘත අධිකරණයේදී පෙත්සමට අදාළ මූලික නීතිමය කරුණු සහ ඉල්ලීම් සවිස්තරාත්මකව විමසා බැලූ අභියාචනාධිකරණය, වැඩිදුර තොරතුරු සහ විභාග කටයුතු සඳහා පෙත්සම එළඹෙන අගෝස්තු මස 24 වැනිදා යළි කැඳවීමට තීරණය කළේය.
- https://theleader.lk/news/42908-2026-07-15-15-50-48