අද සටහන 'මානවම්ම රජ්ජුරුවො' ගැන,
ඒ නම කියපු ගමන්ම බාගවෙලාවට කෙනෙක්ට මෑතකාලීනව ජනප්‍රිය වුණු එක්තරා දේශපාලනික චරිතයක් මතක්වෙන්න ඉඩ තියෙනව,
හැබැයි මේ කියන්න යන්නෙ නම් එයා ගැන නෙවෙයි,
"ඔරිමජිනල් මානවම්ම රජ්ජුරුවො ගැන!"
මානවම්ම කියන්නෙ අනුරාධපුර රාජධානියේ රාජ්‍යත්වය දැරූ දෙවැනි කාශ්‍යප රජ්ජුරුවන්ගෙ පුතා,
වසර නවයක් රාජ්‍යත්වය දරාපු දෙවැනි කාශ්‍යප රජ්ජුරුවන්ගෙ මරණින් පස්සෙ ලංකාද්වීපය ඇතුළෙ ඇතිවුණේ එසේමෙසේ අවුල්සහගත තත්වයක් නෙවෙයි,
රාජ්‍ය පාලනයේ උඩින්ම උන්නු මෞර්‍යය සහ ලම්භකර්ණ වංශිකයො අතරෙ සිංහාසනය වෙනුවෙන් ලොකු සටනක් ඇරඹුණා,
මේක එළිපිට සහ තිරය පිටිපස්සෙ රහසිගතව දෙවිදිහටම ඇවිළුණු තරමක් දරුණු සටනක්,
හරියට ක්‍රිස්තු වර්ෂ 1455 සහ 1487 කාලසීමාව අතරෙ එංගලන්ත සිංහාසනය වෙනුවෙන් ලැන්කැස්ටර් සහ යෝක්ෂයර් වංශ අතරෙ ඇතිවුණු War of the Roses සිවිල් යුද්ධය වගෙ එකක්,
එහෙම නැත්තං සුද්ධ සිංහලෙන් තේරෙන්න කියනව නම් අපි ගේම් ඔෆ් ත්‍රෝන්ස් සීරීස් එකේ දැකපු අයන් ත්‍රෝන් එක වෙනුවෙන් ඇවිළුණු සටන වගෙ එකක්,
දෙපාර්ශ්වය අතරෙ බලය මූලික කරගෙන යුධ සංග්‍රාම වගෙම රහසිගත කුමන්ත්‍රණ වගෙ අටෝරාසියක් සිදුවීම් ඔය කාලෙ දිගින්දිගටම සිදුවුණා,
වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මේක 'සිහසුන් සටනක්'!
වෙනවට කියනව නෙවෙයි මේ මෞර්‍ය - ලම්භකර්ණ ගැටුම මූලික කරගෙන ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටයිප් එකේ එපික් සීරීස් එකක් හදන්න බැරුවා නෙවෙයි, හැදෙයි කියල නම් හිතන්නෑ ඒත් හැදෙනව නම් මරු!
ඉතින් ආයෙමත් මාතෘකාවට ආවොතින් මේ කියන අර්බුදකාරී වාතාවරණය නිසාවෙන් දෙවැනි කාශ්‍යප රජ්ජුරුවන්ගෙ පුත්‍රයා වුණු මානවම්ම කුමාරයගෙ ජීවිතය තිබුණෙ අන්තරාදායක තත්වෙක,
සිංහාසනයෙ උරුමක්කාරයා නිසා කොයිවෙලේ අනිත් පැත්තෙන් ශොට් එක හම්බුවෙයිද කියල දන්නෑ,
අවසානෙ හැමදේකටම වඩා ජීවිතය වටින නිසා මානවම්ම කුමාරයට සිදුවෙනව රජකම අතෑරල දාල ඉන්දියාවට පනින්න,
එයා යන්නෙ ඉන්දියාවෙ එවකට බලගතු රාජ්‍යයක් වුණු පල්ලව රාජ්‍යයට,
එවකට පල්ලව රාජ්‍යයෙ පාලකයා වුණු පළවෙනි නරසිංහවර්මන් රජ්ජුරුවො මානවම්ම කුමාරයව සාදරයෙන්, ආදරයෙන් පිළිගන්නව,
ඒ වගෙම කුමාරයාට සකලවිධ රජසැප සම්පත්ති මැද්දෙ හැදෙන්න වැඩෙන්න අවස්ථාව ලබාදෙනව,
කාලය ඊයක වේගයෙන් ගතවෙනව,
ඒ ගතවෙන කාලපරාසය මානවම්ම කුමාරයා රජසැප විඳිමින් ආතල් එකේ ඉන්නෑ,
පල්ලව රාජ්‍යයෙ උන්නු සංග්‍රාම අත්දැකීම් බහුල, පරිණත, සුවිශිෂ්ඨ සටන්කරුවන් ඇසුරේ කඩු ශිල්ප, දුනු ශිල්ප, හස්ති ශිල්ප, අශ්ව ශිල්ප ආදී වූ සෑමසියලු කම්බැට් සබ්ජෙක්ට් එකක් ම මාස්ටර් කරමින් විශිෂ්ඨ ගණයේ රණශූරයෙක් බවට පත්වෙනව,
කොයිතරම් සුපිරියටම මානවම්ම කුමාරය සටන් ශිල්ප මාස්ටර් කරනවද කියනව නම් අවසානෙ පල්ලව රාජ්‍යයෙ උන්නු විශිෂ්ඨතම රණශූරයා බවට පත්වෙනව,
හව්හරණක් නැතුව උන්නු තමන්ව ආදරෙන් භාරගත්තු නරසිංහවර්මන් රජ්ජුරුවන්ගෙ හමුදාවට බැඳෙන මානවම්ම ක්‍රමක්‍රමයෙන් රෑන්ක්ස් අප් කරමින් රජ්ජුරුවන්ගෙ හමුදාවෙ සෙන්පතිවරයෙක් වෙනව,
ඔය කාලෙ තමයි කාංචිපුරම්හි පල්ලවයන් සහ ඩෙකෑන් හි චාලුක්‍යයන් අතරෙ යුද්ධය සැරටම ඇවිළෙන්නෙ,
චාලුක්‍යයන්ගෙ අගනුවර වුණු වටාපි, වර්තමානයේ නම් බදාමි අසළ බිහිසුණු සහ තීරණාත්මක සටනක් ඇවිළෙනව,
මේ සටන ඉතිහාසයෙ සඳහන් වෙන්නෙ 'වටාපි සංග්‍රාමය' නමින්,
මේ සංග්‍රාමයේදී පලව හමුදාවෙන් විශාල කොටසක් ලීඩ් කරන්නෙ අපේ මානවම්ම කුමාරයා,
චාලුක්‍ය හමුදාවන් සුන්නත්දූලි කරමින් ඔවුන්ගේ රජු වුණු දෙවැනි පුලකේශීන්ගෙ අවසානය සනිටුහන් කරමින් අවසානයෙ වටාපි නුවර පල්ලවයන්ගේ ධජ ලෙළවමින් මානවම්ම කුමාරයා දක්වන සුවිශිෂ්ඨ ගණයේ සංග්‍රාමික දක්ෂතාවයන් නිසාවෙන් එයා පල්ලවයන් අතරෙ යුධ වීරයෙක් බවට පත්වෙනව,
කීර්තිය, යසස, ගෞරවය හැමදේම පල්ලවයන් කෙරෙන් මේ ලාංකික කුමාරයා වෙතට මුහුද ගොඩගලන්නාක් සේ ඇදී එනව,
ඒ වගෙම නරසිංහවර්මන් රජ්ජුරුවන්ගෙ ගෞරවාදරයත් මානවම්ම කුමාරයට නොඅඩුව ලැබෙනව,
වෙන රජෙක් යටතේ හැදීවැඩුණත්, වෙන රජෙක් යටතේ සටන්වැදුණත් මානවම්ම කුමාරයට තමන් ලංකාද්වීපයේ සිංහාසනයෙ නීත්‍යනුකූල උරුමක්කාරයා වග අමතක වුණේ නෑ,
නරසිංහවර්මන් රජ්ජුරුවන්ගෙ මාලිගයෙ සීමැඳුරු කවුළුවකින් පෙනුණු විසල් වපසරියක පැතිරීගත් පල්ලව රාජ්‍යය දිහා බලාගෙන එක්තරා හවස් යාමෙක මානවම්ම කුමාරයා දැඩි කල්පනාවක ගිලී උන්නා,
'මම කොහොමහරි මට අයිති රජකම ලබාගන්න ඕන!'
එයා තමන්ටම කියාගත්තා,
ජීවිතය බේරාගැනීම වෙනුවෙන් මෙහේට ආපු දා පටන් මේ දක්වා වුණු සෑමසියලු දෙයක්ම එයාට තමන්ගෙ හිත ඇතුළෙ ඒ මොහොතෙ මැවී පෙනුණා,
'දැන් මෙහෙම හිටියා ඇති! දැන් මම මට උරුම දේ ලබාගන්න වැඩකරන්න ඕන!'
මානවම්ම තමන්ටම කියාගත්තෙ දෑත් මිට මොළවන ගමන්, ඒ වගෙම තමන්ගෙ අභිමතාර්ථය මුදුන්පත් කරගැනීම වෙනුවෙන් හිත ඇතුළෙ ප්ලෑන් එකක් ගොඩනඟන ගමන්,
එක පැත්තකින් තමන් වයසට යනව, අනිත් පැත්තෙන් නරසිංහවර්මන් රජ්ජුරුවො දැන් වයස්ගතයි, කොයි මොහොතේ හොක් ගාල යයිද දන්නෙ දෙයියො තමයි, රජ්ජුරුවන්ගෙ පුතා තමන්ට උදව් කරාවිද කියන එක අවිනිශ්චිතයි,
ඒ නිසා ඉක්මනින්ම කරන දෙයක් කළ යුතුව තිබුණා,
හෝරා කීපයක් පුරාවටම දැඩි කල්පනාවක නිමග්න වුණු මානවම්ම ඈත ක්ෂිතිජය දිහාවෙන් ඉර ගිලිලා යන මොහොතේ ඒ සඳළුතලාවෙන් පිටතට ආවා,
ඔහුගේ ඇස්වල සටහන් වෙලා තිබුණෙ කොයිතරම් කාලයක් ගියත් එක් අබමල් රේණුවක හෝ වෙනසක් නොවුණු දැඩි අධිෂ්ඨානයක සලකුණු,
පන්දම් විලක්කුවලින් ආලෝකමත් වුණු, දෙපස බිත්ති නෙක කැටයමින් සැරසූ, පොළොව අගනා බුමුතුරුණුවලින් ආවරණය වුණු මාලිගයේ ශාලාවන්, කොරිඩෝ මැද්දෑවෙන් මානවම්ම ගියේ නරසිංහවර්මන් රජ්ජුරුවන්ව මුණගැහෙන්න,
අවේලාවක වුණත් රජ්ජුරුවො තමන්ගෙ අතිශූර සෙන්පතිවරයා ව බොහොම ආදරයෙන් පිළිගත්තා,
මානවම්ම වටරවුම් නොගහ කෙළින්ම කතාවට බැස්සා,
තමන්ට හිමි ලංකාද්වීපයේ රාජ්‍ය උරුමය ලබාගන්න නරසිංහවර්මන් රජ්ජුරුවන්ගෙන් සේනාවක් ඉල්ලුවා,
නරසිංහවර්මන් රජ්ජුරුවන්ට තමන් වෙනුවෙන්, පල්ලව රාජ්‍යය වෙනුවෙන් මේ තරම් දෙයක් කරපු මේ තරුණ ලාංකික කුමාරයාගෙ ඉල්ලීම අහක දාන්න බැරිවුණා,
මානවම්ම කුමාරයා ඊට හෝරාවකට විතර පස්සෙ ඒ ශාලාවෙන් පිටවුණේ සිනහමුසු මුහුණෙන්, ඔහුගේ හදවත ප්‍රීතියෙන් ඉපිළෙමින් තිබුණෙ, ඒත් ඒ ප්‍රීතිය ට, ආතල්මය හැඟීමට යටින් පොඩි ත්‍රිල් එකක් නොතිබුණා නෙවෙයි,
සති කීපයක් ගතවුණා,
ලංකාද්වීපයෙ අනුරාධපුර රාජධානියෙ ඔය කියන කාලයෙ රාජ්‍යත්වය දරමින් උන්නු දාඨෝපතිස්ස රජ්ජුරුවන්ගෙ රාජසභාවට එක්තරා උදෑසනක හතිදමමින් දුවගෙන ආවෙ පයිණ්ඩකාරයෙක්,
රජ්ජුරුවො පයිණ්ඩකාරයා දුන්නු හසුන කියෙව්වා,
එක් ක්ෂණයකින් රජ්ජුරුවන්ගෙ මූණ අඳුරු වෙලා ගියා,
හසුනෙ තිබුණෙ ලංකා වෙරළට ගොඩබැහැපු සුවිශාල පල්ලව සේනාවක් ගැන, සහ ඒක ලීඩ්කරන මානවම්ම කුමාරයා ගැන,
මානවම්ම කුමාරයා කියන්නෙ මොන වගෙ කෙනෙක්ද කියල ඉන්දියාවෙන් ආපු නිව්ස්වලින් දාඨෝපතිස්ස රජ්ජුරුවො නොදැන උන්නා නෙවෙයි,
කමින් කලර්ස් නොට් ගුඩ් බවත්, තමන්ගෙ අවසානය කමිං සූන් බවත් දාඨෝපතිස්ස රජ්ජුරුවන්ට තේරුණා,
මොකද අතිප්‍රබල පල්ලව සේනාවන් සහ ඔවුන්ව ලීඩ් කරන රණශූර මානවම්ම කුමාරයා එක්ක සටන්කරල දිනන එක අමාරු වැඩක් නෙවෙයි, කරන්න බැරි වැඩක්!
මානවම්ම කුමාරයා සුවිශාල සහ බලසම්පන්න පල්ලව සේනාවන් පිරිවරාගෙන අනුරාධපුර දිහාවට ඇදෙන්න ගත්තා,
ඒ අතරමඟදි සුළු සුළු සටන් කීපයක් ඇතිවුණත් ඒ හැම සටනක්ම ගේමක් නැතුව ජයග්‍රහණය කරන්න පල්ලව සේනාවන්ට පුළුවන් වුණා,
අවසානෙ ඔවුන් අනුරාධපුරයට උතුරු දෙසින් සහ වයඹ දෙසින් කඳවුරු බැඳගත්තා,
'හෙටින් පස්සෙ මේ රාජ්‍යයෙ රජ්ජුරුවො මම!'
මානවම්ම තමන්ටම කියාගත්තෙ සඳ එළියෙන් ආලෝකමත් වුණු ඈත අනුරාධපුර ස්කයිලයින් එක දිහා බලාගෙන,
ඒක පුදුමාකාර ලස්සන දර්ශනයක්!
චන්ද්‍රාලෝකයෙන් නැහැවුණු ආකාසෙ සිඹින මහාසෑය, අභයගිරිය, ලෝවාමහාපාය, නගරයේ රජමාලිගා සහ අවශේෂ ගොඩනැගිලිවල වහළ, සඳමඬල හා තාරුකා කැට සුපිපි රාත්‍රී අහසෙ ප්‍රතිබිම්භය තමන් මත්තෙ සටහන් කරගත්තු පෙර රජ දවස ඉදිවුණු මහා වැව්,
කොයිතරම් බලාන උන්නත් එපාවෙන්නෑ!
'මේ සා ලස්සන රාජධානියක රජ්ජුරුවො වෙන්න තරම් තමන් කොයිතරම් නම් වාසනාවන්ත ද?'
මානවම්ම හිතුවෙ බසවක්කුළම වැව දිහාවෙන් හමාගෙන ආපු සිහිලැල් සුළඟේ ආශ්වාදය වින්දනය කරමින්,
ඔහුගේ සමාධිය බිඳලමින් එතැනට ආවෙ කාලවර්ණයෙන් සැරසීගත්තු මිනිසෙක්,
ඒ මානවම්ම විසින් අනුරාධපුර රාජධානියෙ ඔත්තු බැලීම වෙනුවෙන් යොදවා සිටි අතිශූර ඔත්තුකාරයෙක්,
ඔහු ආවෙ හිස් අතින් නෙවෙයි, සුබාරංචියක් අරගෙන,
'දාඨෝපතිස්ස රජ්ජුරුවො මලය රටට පැනල ගිහිල්ල!'
ඔත්තුකරුවා කියපු ඒ පණිවුඩය හමුවේ මානවම්මගෙ මුවඟට නැඟුණෙ මන්දහාසයක්,
දැන් ඉතින් සටන දිනුවා හා සමානයි!
ඒත් මානවම්ම කලබල වුණේ නෑ,
තමන්ගෙ රට වුණත්, තමන්ට අයිති රාජධානිය වුණත් තමන් මේ ඇවිල්ල ඉන්නෙ නුහුරු ප්‍රදේශයකට,
ඒ නිසා තමන් කරන කියන හැම දෙයක් ම බොහොම පරෙස්සමට, සූක්ෂමව කරන්න ඕන,
එක වැරදි පියවරකින් හැමදේම ක්ෂණයෙන් විනාශ වෙලා යන්න පුළුවන්,
මේ රැයේම අනුරාධපුරය වටළන්න පුළුවන් වුණත් මානවම්ම ඉර උදාවෙනකල් තවත් පැය කීපයක් ඉවසන්න තීරණය කරා,
මානවම්මගෙ හිතේ තිබුණෙ ලේ වැගිරීමකින් තොරව අනුරාධපුරය තමන් සන්තක කරගැනීමේ අරමුණක්, මොකද මේ වැගිරෙන්නෙ තමන්ගෙම රටේ මිනිස්සුන්ගෙ ලේ බව එයා දැනං උන්නා,
දාඨෝපතිස්ස රජ්ජුරුවො පැනල ගියපු නිසා අනුරාධපුරය දැන් තමන්ගෙ වගේ තමයි,
තව පැය කීපයකින් ඉර උදාවෙනව, ඊටපස්සෙ අනුරාධපුරය වටලනවා, දැනටමත් චරපුරුෂයින්ගෙන් එන තොරතුරුවලට අනුව දාඨෝපතිස්ස රජ්ජුරුවන්ගෙ සේනාවෙන් විශාල කොටසක් මානවම්ම ට සපෝට් කරන්න රෙඩිපිට උන්නෙ, ඒ නිසා බොහෝවිට අනුරාධපුරය සටනකින් තොරවම යටත් කරගන්න පුළුවන් වේවි,
ඊටපස්සෙ...
'අවුරුදු ගාණක් පුරාවටම දැකපු ඒ සිහිනය එළිවෙන්න තව පැය කීපයයි!'
ඒත් දෛවය කියන්නෙ පුදුමාකාර දෙයක්,
ඒක මනුස්සයෙක්ට තමන්ට උවමනා දේ පහසුවෙන්, ලේසියෙන් දෙන්නෙ නැති තරම්!
සටන ඇරඹෙන්න පැය කීපෙකට කලියෙන් මානවම්ම හොයාගෙන ආවෙ හසුනක්,
ඒ හසුන හැමදේම උඩුයටිකුරු කරාවි කියල මානවම්ම සිහිනෙකින්වත් නොහිතන්න ඇති...
.
දිනන්න ඔන්න මෙන්න තියෙද්දි ආපු ඒ හසුන කාගෙන්ද?
ඒකෙ තිබුණෙ මොකක්ද?
ඒක හෙට, මේ සටහනේ දෙවැනි කොටසින් කියවමු,
සටහන ටිකක් දිග නිසා කොටස් දෙකක් විදිහට දාන්න හිතුවා, ඒ ගැන අමනාප වෙන්නෙ නැතිවෙයි කියල හිතනවා,
දැනට ප්‍රොෆයිල් එක ෆලෝකරල නැත්තං ෆලෝ පාරක් දාන්න, ඒ වගෙම තව කෙනෙක්ට කියවන්න ශෙයා කරනවා නම් මැනවි,
එහෙම නම් හෙට සෙට්වෙමු!
.
~
| විකුම්...
.
.
.
.
.
#WIKUM #HISTORY #srilanka