යාල් දේවී දුම්රියෙන් කන්කසන්තුරේට

PASAN147

Well-known member
  • Oct 19, 2006
    788
    1,360
    93
    Heiyanthuduwa - Kelaniya
    මීට අවුරුදු ගනනාවකට කලින් (2018-04-16 සදුදා) මම තනියම ගිය විශේෂ සංචාරයක් මේ...
    ඉතින් වැඩකරන දවසක් නිසා කලින්ම ඔෆිස් එකේ නිවාඩුවක් දාලා තිබ්බා, ගෙදරින් පිටත් වෙලා ඇවිත් කිරිබත්ගොඩ ආවා. බස් එකකින් 5.25 ට පිටකොටුවට ගියා. උදේ 6 ට විතර ස්ටේශම ලග කඩේකින් උදේට කෑවා. කොටුව රේල්වේ ස්ටේශමට ගියා. යාල්දේවි දුම්රියේ 2 පංතියේ ටිකට් එකක් ගත්තා. කෝච්චිය ආවම නැග්ගා. සෙනග නිසා හිටගෙන ගියේ. 6.35 ට පිටත්වුනා. 8.15 ට පොල්ගහවෙලද පහු කරලා 11.00 අනුරාධපුරට ආවා. මගදි වාඩි වෙන්නත් ලැබුනා. අනුරාධපුර පහු උනාම තමයි වටපිට බල බල යන්නම ඕනා. ඉතින් අවට සිරි නරඹමින් ගියා. යාල්දේවිය මැදවච්චිය 11.55 වව්නියාව හවස 12.40 , ඕමන්ත 12.50 , මාන්කුලම 1.20 , කිලිනොච්චි 1.50 , පරන්තන් හවස 1.55 පහුකරමින් අලිමංකඩ ස්ටේසමට හවස 2.05 ට ආවා. එතන ටික වෙලාවක් නවත්තලා තිබ්බ. ඉතින් එතනදි කෝචියෙන් බැහැලා ස්ටේශම ලග ඇවිද්දා. ආපහු කෝච්චිය පිටත් වෙලා, පලෙයි හවස 2.40 , කොඩිකාමම් 3.00 , චාවකච්චේරි 3.12 ස්ටේසන් පහු කරමින් හවස 3.35 ට යාපනය ස්ටේසමට ආවා. යාපනය ස්ටේශමන් බිමට බැහැලා කෝච්චිය යද්දි ආපහු නැග්ගා. චුන්නාකම් 3.55 ස්ටේසමත් තව ස්ටේසන් කීපයක් පහු කර හවස 4.15 ට කන්කසන්තුරේ ස්ටේසමට ආවා. *දැන්නම් මේ තරම් වේලවක් ගතවෙන්නෙ නෑ. රේල් පාර නවීකරනය කරලා තියන නිසා... ඉතින් මම කන්කසන්තුරේ ස්ටේශමෙන් බැහැලා එලියට ගියා. පාලු පැත්තක්. කන්න කඩේකුත් නෑ. තිබ්බ එකම් කඩෙන් එලවලු රොටි කීපයක් අරන් කාලා බීම බිව්වා. කඩේ අය සිංහලෙන් කතා කලේ . හවස 4.45 ට කන්කසන්තුරේ බීච් එකට පයින් ගියා. ස්ටේසන් ලගමයි තියෙන්නෙ. හරිම ලස්සන බීච් එකක්. සෙනග පිරිලා. මිනිස්සු මුහුදේ නාමින් හිටියා. ප්‍රදීපාගාරයත් පේන්න තිබ්බා. හවස 5.45 විතර වෙනකන් බීච් එකේ ඉදලා ස්ටේසමට ගියා. නයිට්මේල් ට්‍රේන් එකේ 2 පංතියෙ ටිකට් එකක් ගත්තා කොළඹ කොටුවට. කෝච්චියෙ ගිහින් වාඩි වුනා. 6 ට පිටත් වුනා. රෑ 11.25 ට අනුරාධපුරට ආවා. කොච්චියේ ආපු වෙලදුන්ගෙන් වඩේ අරන්, කිරිකෝපි බිව්වා. පහුවදා උදේ 4.35 වන විට කොටුවට ආවා. කෝච්චියෙන් බැහැලා එලියට ඇවිත් බස් නැති නිසා පිටකොටුවට පයින් ගියා. බියගම පාරේ යන පූගොඩ බස් එකේ බියගම පාර පැත්තෙන්, ඇවිත් මාබිම හන්දියෙන් බැහැලා, එතැනින් 3වීල් එකකින් ඇවිත් උදේ 6.30 වෙනකොට ගෙදර අවා.
    .

    ~~~~ 2026 Trains ~~~~
    යාල්දේවී දුම්රිය (සදුදා , බදාදා, සිකුරාදා පමනි )
    -----------------------------------------------
    උදේ 6.40 කොළඹ කොටුවෙන් - දවල් 2.28 ට කන්කසන්තුරේ
    * ටිකට් : රු.600/- 3 වන පංතිය | රු.1200/- 2 වන පංතිය | රු.2800/- 1 වන පංතිය
    නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය (දිනපතා)
    -----------------------------------
    උදේ 5.15 ට ගල්කිස්සෙන් / උදේ 5.45 කොළඹ කොටුවෙන් - දවල් 12.15 ට කන්කසන්තුරේ
    හවස 1.50 ට කන්කසන්තුරෙන් - රාත්‍රී 8.30 ට කොළඹ කොටුවට
    * ටිකට් : රු.3200/- | ගමනට පැය 7 ක් පමන ගතවේ.
    තැපැල් සීඝ්‍රගාමි දුම්රිය
    ---------------------
    රාත්‍රී 8 ට කන්කසන්තුරෙන් - පසුදා උදේ 4.45 ට 8.30 ට කොළඹ කොටුවට

    .
    * කන්කසන්තුරේට කෝච්චියෙන් Short Video :
    *වසර ගනනකට කලින් කල වීඩියෝ නිසා ගුනාත්මක බව අඩුය.



    * කන්කසන්තුරේ වෙරළ Short Video Clip:


    .
    * මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...
    පසුගිය සියලුම සංචාරයන් Index >>>
    .
    (C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
    Kankasanthure , Yal Devi
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,032
    1
    100,648
    113
    33
    Kalutara
    අපෝ මොන පිස්සුවක්ද එදාම ගිහින් එදාම එනවා කියන්නේ. දවස් තුනක්වත් ඉන්න ඕන හොඳට ඇවිදලා කරලා ආතල් එකේ එන්න.