අස්වීමේ සහතිකය 😂

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,434
    12,330
    113
    35
    Spain
    මන් පාසලෙන් චරිත සහතිකයක් අරගෙන නැහැ. මන් දන්නේ නැහැ ඔය කතාවේ අනිත් පැති මොනවද කියල. එත් දැන් ගුරුවරු වෙලා තියෙන්නේ ගුරුකම කරන හැටි දන්නා මිනිස්සු නෙවේ. ගුරුකම කියන්නේ විශේෂඥ දැනුමක් ඇති විශේෂ රස්සාවක්. එක ඔය නිකම් ඩිග්රි එකක් ගත්ත කියල කරන්න බෑ. ගුරුකම කරද්දී චෝක් කෑල්ල අල්ලා ගන්න හැටි පවා ටෙක්නික් තියෙනවා. දුර්වල ළමයි හොයාගන්න හැටි, උන්ගේ දුර්වලකම් වලට විසඳුම් දෙන හැටි උගන්වනවා. උසස්පෙළ විතරක් කරලා ගුරුවරු වුනු උන් ඉන්නවා. ඩිග්රි එකක් කරලා ගුරුවරු වුනු අය ඉන්නවා. එත් නියම විදිය එහෙම නෙවේ, අඩු තරමින් ගුරු විදුහලකින් ඩිප්ලෝමාවක් හරි අවශ්‍යයි, ඒ අයට ප්‍රාථමික අධ්‍යාපනය පවරන්න ඕන. අර අධ්‍යාපන විද්‍යා පීඨ කියන ආයතන විශ්වවිද්‍යාල අනුබද්ධ ගුරු උපාධි දෙන ආයතන කරලා ඒ අය විතරක් සාමාන්‍යපෙළ දක්වා ඉගැන්වීම් කරන ගුරු පත්වීම් වලට ගන්න ඕන. ඊළඟට උපාධියක් කරපු අයෙක් නම් තමන්ගේ පස්චාද් උපාධිය විදියට ගුරුකම ඉගෙනගෙන තියෙන්න ඕන. ඔවුන්ට උසස්පෙළ පන්ති පැවරෙන විදියට තමයි මෙතන වැඩ කරන්න ඕන. නමුත් එහෙම වෙන්නේ නැහැ.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,141
    1,909

    උබ කියන ක්‍රමේ හරි. හැබයි එහෙම කරන්න තරම් ලංකාවේ සම්පත් නැති එකයි ගැටළුව.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    666
    1,956
    93
    33
    මන් පාසලෙන් චරිත සහතිකයක් අරගෙන නැහැ. මන් දන්නේ නැහැ ඔය කතාවේ අනිත් පැති මොනවද කියල. එත් දැන් ගුරුවරු වෙලා තියෙන්නේ ගුරුකම කරන හැටි දන්නා මිනිස්සු නෙවේ. ගුරුකම කියන්නේ විශේෂඥ දැනුමක් ඇති විශේෂ රස්සාවක්. එක ඔය නිකම් ඩිග්රි එකක් ගත්ත කියල කරන්න බෑ. ගුරුකම කරද්දී චෝක් කෑල්ල අල්ලා ගන්න හැටි පවා ටෙක්නික් තියෙනවා. දුර්වල ළමයි හොයාගන්න හැටි, උන්ගේ දුර්වලකම් වලට විසඳුම් දෙන හැටි උගන්වනවා. උසස්පෙළ විතරක් කරලා ගුරුවරු වුනු උන් ඉන්නවා. ඩිග්රි එකක් කරලා ගුරුවරු වුනු අය ඉන්නවා. එත් නියම විදිය එහෙම නෙවේ, අඩු තරමින් ගුරු විදුහලකින් ඩිප්ලෝමාවක් හරි අවශ්‍යයි, ඒ අයට ප්‍රාථමික අධ්‍යාපනය පවරන්න ඕන. අර අධ්‍යාපන විද්‍යා පීඨ කියන ආයතන විශ්වවිද්‍යාල අනුබද්ධ ගුරු උපාධි දෙන ආයතන කරලා ඒ අය විතරක් සාමාන්‍යපෙළ දක්වා ඉගැන්වීම් කරන ගුරු පත්වීම් වලට ගන්න ඕන. ඊළඟට උපාධියක් කරපු අයෙක් නම් තමන්ගේ පස්චාද් උපාධිය විදියට ගුරුකම ඉගෙනගෙන තියෙන්න ඕන. ඔවුන්ට උසස්පෙළ පන්ති පැවරෙන විදියට තමයි මෙතන වැඩ කරන්න ඕන. නමුත් එහෙම වෙන්නේ නැහැ.
    ගෙවන පඩියටනේ කැපකිරීම් කරන්න වෙන්නේ. පශ්චාත් උපාධිය ගන්න කට්ට කෑවාට එකට හරියන පඩියක් නැත්නම් කරන්නේ නෑ. දොස්තරලා නම් private practice එක නිසා කට්ට කාල පශ්චාත් උපාධිය කරනවා. ආණ්ඩුවෙන් හම්බෙන පඩියට විතරක් නම් දොස්තරලා වුණත් post graduate කරන්නේ නෑ තියෙන කට්ටත් එක්ක.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,014
    7,572
    113
    Galaha
    මූනම් දස කැරියෙක් වෙන්න ඇති නැත්තන් ගුරුවරයෙක් ඔහොම එකක් ලියයිද. :unsure:
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,141
    1,909
    113
    අදාල විදුහල්පතිනිය තමාටම චරිත සහතිකයක් ලියාගත් අවස්ථාවක්.

    ලංකාවෙ පාසල් පද්ධතිය තුළ දරුවන්ව ප්‍රශ්න ඇසීමෙන් සීමා කිරීම, කියනා දේ අසාගෙන ඇස් කන් වසා කට පියාගෙන සිටීමට සැලැස්වීම, සෑම විටම දරුවන්ව තමාට පහළින් තබාගෙන කටයුතු කිරීම, ඉතා දැඩි නීති රීති සම්ප්‍රදායන් තුළ ගිල්වා දෑත් දෙපා බැඳ තබා තමා යටතේ තබා ගැනීම ආදී දේවල් අතිශය සුලභ කාරණයක්.
    කොටු කර රාමුකර තමාට අවශ්‍ය විදිහට සකසා ගන්නා සිසුන්ට මිස, අත්තටු විහිදා ඉගිල යාමට, තමාගේම චින්තනයක් යටතේ ක්‍රියාත්මක වීමට කැමති සිසුන්ට ලංකාවේ පාසල් පද්ධතිය තුළ ඉඩහසරක් නැහැ. ඉතින් බොහෝ විට වෙනස් විදිහට හිතන ළමයින් එකට එක කිරීමට යාම මත ගුරුවරු සහ විදුහල්පතිවරුන් අතර ගැටුම් නිර්මාණය වෙනවා. ඒ කොහොම වෙතත් නියම පරිපාලකයෙක් මේ වගේ දරුවන් හික්මවා ගැනීමට හෝ ඔවුන්ව අවබෝධ කර ගැනීමට සමත් විය යුතුයි. ගුරුවරයෙක්ට විදුහල්පති කෙනෙක්ට දරුවෙක්ගේ වෙනස් චර්යාවන් අවබෝධ කරගන්නට බැහැයි කියලා කියන්නේ එහිදී සේල් දරුවා නෙවෙයි අදාල වැඩිහිටියා.

    දරුවෝ අපිත් එක්ක ඇතැම් අවස්ථාවල නොයෙකුත් ප්‍රශ්න හදාගන්නවා. ඒත් ඒවස්ථාවන්වලින් කායික මානසික දඩුවමෙන් තොරව ඒ දේවල් පාලනය කරගන්න ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට පුළුවන් වෙන්න ඕනෙ. දරුවෙක්ගේ වැරැද්දක් තියෙනවා නම් ඒකට අදාළ දඬුවමක් දීලා පස්සේ ළඟට අඬ ගහලා පුතේ මෙන්න මේ නිසයි මේ දේ කළේ නැතුව ඔයත් එක්ක තරහකට නෙවෙයි කියලා කියන්න තරම් නිහතමානී බවක් මව්වත් කමක් ගුරුවරියකට ගුරුවරයෙක්ට විදුහල්පතිවරයෙක්ට විදුහල්පතිවරියකට තියෙන්න ඕනේ.

    ඒ කොයික නැතත් දරුවා පාසල හැර යන අවස්ථාවේ දරුවා "දරුවා" ලෙස දැක දරුවාගේ අනාගතයට ඉඳිකටු තුඩක පමණකවත් හානියක් නොවන තැනට කටයුතු කර ආදරයෙන් පාසලෙන් යන්න දෙන්න ඕනේ. මොකද පාසල තුළින් සමාජයට, පුද්ගලයින්ට වෛර කරන පුද්ගලයෙක් එලියට දානවා කියන්නේ ඒක මුළු මහත් සමාජයටම හානියක්. ඒ වගේ බරපතල වරදක් කිසිදු ආකාරයකින් පාසලකින් සිදු නොවිය යුතුයි.

    අපි දරුවන්ව දැකිය යුත්තේ දරුවන් ලෙස මිස තවත් එක් වැඩිහිටියෙක් ලෙස නොවෙයි. දරුවෙක්ව දරුවෙක් ලෙස දකින්න බැරි වැඩිහිටියෙක් පරිපාලන නිලයක් දරන්න සුදුසුත් නැහැ.

    👉
    පාසලකින් පිටවන දරුවන්ගේ චරිත සහතික ලියන්නෙ විදුහල්පති නෙවෙයි. ඒ සඳහා පත් කරලා ඉන්න වෙනම ගුරුවරයෙක්. ඒත් අවසාන අත්සන යෙදෙන්නේ විදුහල්පතිගේ. එහි තේරුම මේය පැහැදිලිවම විදුහල්පතිගේ අනුදැනුම මත ලියූවක් යන්නයි.

    මේ දරුවා දැන් මේ චරිත සහතිකය අලුත් දොළහ වසරට යන පාසලට ඉදිරිපත් කරන්නේ කොහොමද ?
    ඔහුව උසස් පෙළ වර්ෂ දෙකෙන් සම්පූර්ණයෙන්ම ඉවත්කර බාහිර අයදුම්කරුවෙකු ලෙස උසස් පෙළට මුහුණ දීමට සලස්වන්නේ නම් එහි පූර්ණ වගකීම පූර්ණ වරද මේ අත්සන් කරන ලද විදුහල්පතිගේ

    ==========

    අදාල සිද්ධිය හොයාගත්තා
    👉

    මේ දවස් කීපයේ කොළඹ එක්තරා පාසලක දරුවෙකුට ලබා දුන්න චරිත සහතිකයක් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ ලොකු කතාබහක් යනවා. මම දැක්කා මහාචාර්ය නිර්මාල් රංජිත් මේ ගැන අදහස් දක්වලා තියෙනවා. බොහෝ දෙනෙක් කියන්නේ මේ විදිහේ චරිත සහතිකයක් දුන්න එක හරි කියලා. හැබැයි මේ සිදුවීමේ ආරම්භය ගැන ඔබට හරියට දැනගන්න පුළුවන් වුනොත් ඒ වගේම ඔබ හරි යුක්තිගරුකව හිතන කෙනෙක් නම් ඇත්ත තේරුම් ගන්න පුළුවන් වෙයි. සිදුවීම ආරම්භ වුණේ මෙහෙමයි. අදාල පාසලේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටින්නේ විභාගය ලියලා මාසයකට විතර පස්සේ. සංගීතය නැටුම් නාට්‍ය හා රංග කලාව කියන විෂයන්වලට ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වුණේ ජුනි මාසේ විසි ගණන් වල. මේ සිදුවීමට අදාල දරුවා විභාගය ලියලා මාසයකට වඩා වැඩි කාලයක් ගෙදර රැඳිලා හිටිය කෙනෙක්. අපි දන්නවා ළමයි තරුණ වයසේ විලාසිතාවලට කැමතියි. කොණ්ඩය වවනවා රැවුල වවනව විවිධ විදියේ ඇඳුම් අඳිනවා. ඒක සාමාන්‍ය දෙයක් විදියට තමයි ගුරුවරයෙක් විදිහට මම නම් සලකන්නේ. මේ ළමයින්ට විසිතුන්වෙනිදා ඇඩ්මිෂන් ආවා. ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී ඉන්න ඇඩ්මිෂන් එක අවශ්‍යයි.

    මේ පාසලේ නාට්‍ය හා රංග කලාව හදාරන දරුවෝ දහ දෙනෙක්ට මේ ඇඩ්මිෂන් එක ලබාදීම විදුහල්පතිවරිය විසින් පැහැර හැරියා. බොහෝ ළමයි ඒත් එක්කම විභාගය පිළිබඳ බලාපොරොත්තු අතහැරලා ප්‍රායෝයෝගික පරීක්ෂණයට සහභාගී නොවී සිටියා. ඒත් මේ කියන දරුවා සහ තවත් දරුවෙක් තමන්ට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් බව දන්න නිසා අවස්ථා තුනකදී උපාසලට ගිහින් අදාළ ප්‍රවේශපත්‍රය ඉල්ලා සිටියා. විදුහල්පතිවරිය දිගින් දිගටම මේ දරුවන්ට බැණ වැදිලා පන්නා දැම්මා.

    අවසානයේදී මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වීම නිසා මේ දරුවෝ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළා. පැමිණිල්ල ඉදිරිපත් කළේ දරුවෝ දෙන්නෙක්. අනිත් අය තමන්ගේ අයිතිය අතහැරලා නිකන් හිටියා. කොමිසම හමුවෙදි මේ වැඩ බලන විදුහල්පතිනිය දරුවන්ට කතා කළේ ගුරු වෘත්තීයයේ කෙනෙකුට කිසිසේත්ම නොගැලපෙන වචන වලින්. "මම මේ පාසල කරගෙන යන්නේ ගොඩනගා ගත්තෙ හරිම අමාරුවෙන්. වනාතේ ඉන්න රස්තියාදුකාර කුඩුකාරයන්ගේ ළමයි තමයි මෙයාලා. මුන්ට දඬුවම් නොදී හදන්න බෑ. එහෙමයි මම පාසල ගොඩනගා ගත්තේ."

    මේ තමයි විදුහල්පතිවරියගේ අදහස්. ඇත්තටම මෙයා විදුහල්පති ධුරයට සුදුසුකම් තියෙන කෙනෙක් නෙවෙයි. මෙයා ගුරුවරියක් වැඩ බලන විදුහල්පති විදිහට කටයුතු කරනවා. ශ්‍රේණිධාරී විදුහල්පතිවරයෙක් පාසලට අවශ්‍යයි එවැනි කෙනෙක් පත් නොකිරීම කලාප අධ්‍යක්ෂවරයා ඇතුළු බලධාරීන්ගේ වරදක්. කොණ්ඩය කපාගෙන ආවට පස්සෙත් ඇඩ්මිෂන් එක දීල තිබුනේේ නැහැ. මේ දරුවෝ කණ්ඩායම් ඉදිරිපත් කිරීම් දෙකකටත් සහභාගී වෙලා තිබුණා. නමුත් ප්‍රවේශපත්‍රය නිසි වෙලාවට ලබා නොදීම නිසා කේවල ඉදිරිපත් කිරීම් වලට දරුවන්ට අවස්ථාව ලබාදීමට පරීක්‍ෂණ මණ්ඩලය කටයුතු කර තිබුණේ නැහැ.

    අවසානයේදී මානව හිමිකම් කොමිසමට විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු කැඳවීමට සිදුවුණා. එහිදී තමයි මේ දරුවන්ට ලිඛිත පරීක්ෂණයට අදාළ ලකුණු පමණක් ලබාදීමට එකඟතාවය ඇතිවුණේ. සාමාන්‍යයෙන් සිදුවෙන්නේ ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් නොවුනොත් විභාගයට පෙනී නොසිටි අයෙක් ලෙස සලකුණු කර තරු ලකුණක් ප්‍රතිඵලය ලෙස ලබා දීමයි. නමුත් කොමිසම ඉදිරියේ විභාග වන පරීක්ෂණයක් නිසා විභාග දෙපාර්තමේන්තුව මේ දරුවන්ට විශේෂ අවස්ථාවක් තමයි ලබා දුන්නේ. ඒ නිසයි මේ දරුවෝ දෙන්නට නාට්‍ය හා රංග කලාව විෂයට එස් සාමාර්ථ. මේ දෙන්නම දුර්වල ළමයි නෙවෙයි. ප්‍රායෝගික පරීක්ෂණයටත් සහභාගී වෙන්න ලැබුනනම් අනිවාර්යෙන්ම සම්මාන ලබා ගන්න තිබුන දරුවෝ දෙන්නෙක්. කොමිසම ඉදිරියේ මේ විදුහල්පති කියාගන්නා ගුරුවරිය කිව්වේ මේ ළමයි හැම විෂයටම අසමත් වෙන ළමයි කියලා. ඒ වෙලාවේ ළමයි අභියෝග කළා ප්‍රතිඵල එන්න කලින් කොහොමද එහෙම කියන්නේ කියලා. අවසානයේදී දරුවො දෙන්නටම හොඳ ප්‍රතිඵල ආවා. විදුහල්පති වරියගේ පූර්ව නිගමනය ප්‍රතිඵලවලදී සත්‍ය වුනේ නෑ. ඉතින් මේ චරිත සහතිකය තුළ ඇය සටහන් කරන දේ හරිද එතකොට. කොණ්ඩය නොකපා පැමිණීම පාසලේ විනයට අදාළ දෙයක්. ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීම විදුහල්පතිවරියගේ සහ විනය මණ්ඩලයේ කටයුත්තක්.

    අපට ගැටළුව තියෙන්නේ කොණ්ඩය නොකැපීම නිසා මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමට විදුහල්පතිවරියට බලයක් ලැබුනේ කොහොමද කියන එකයි. විභාගයට පෙනී සිටීමට ප්‍රවේශපත්‍රය ලබා නොදීම බරපතල නෛතික වරදක්. ඒක සාධාරණීකරණය කරන්න කිසිවෙකුට බෑ. අවසානයේදී දරුවට වෙනත් පාසලකට යන්න උසස් පෙළ කරන්න තිබුණ අවස්ථාව තමයි ඔය චරිත සහතිකයෙන් විනාශ කරලා තිබුණේ. කොමිසම ඉදිරියේ පරීක්ෂණයක් පැවැත්වෙන අවස්ථාවක මෙවැනි චරිත සහතිකයක් නිකුත් කිරීම තුළ තමන්ට නැවත ගැටළුවක් ඇතිවෙන බව පස්සේ දැනගත්ත විදුහල්පතිවරිය නැවත මේ දරුවට හොඳයි කියලා චරිත සහතිකයක් දීලත් තියෙනවා. ඇත්තටම සිද්ධ වුනේ අධ්‍යාපන ලේකම්වරිය මෙම කාන්තාව කැඳවා දැඩි සේ අවවාද කිරීමයි. ඉන් පස්සේ තමා නැවත චරිත සහතිකයක් නිකුත් කරලා තිබුණේ. මේ සිදුවීමට සම්බන්ධ වුන බොහෝ දෙනෙක් මේක සුළු සිදුවීමක් ලෙස සලකනවා. මේ වගේ දරුවෙකුගේ සම්පූර්ණ අනාගතය තීරණය වෙන අවස්ථාවක් කොහොමද සුළු සිදුවීමක් වෙන්නේ. බලන්න ඒ දරුවො දෙන්නගෙම ප්‍රථිඵලය කොයිතරම් හොඳ එකක්ද කියල. දෙන්නටම උසස් පෙළ කරන්න සුදුසුකම් තියෙනවා. ඒ වගේම උසස් පෙළ හොඳින් කරගෙන විශ්වවිද්‍යාලේ යන්නත් පුළුවන් වෙයි සමහරවිට. ඒ දරුවෝ හැදෙන වැඩෙන පරිසරයේ යම් යම් ගැටලු තියෙන්න පුළුවන්.

    ඒකෙන් කියවෙන්නේ නැහැ ඒ දරුවන්ට යහපත් අනාගතයක් උදාකර ගන්න ඉඩ දිය යුතු නැති බවක්. රෝහලට එන්නේ රෝගීන් ලෙඩුන් භාර නොගෙන නිරෝගී අයට බෙහෙත් දීමක් රෝහලේ සිදුවෙන්නෙ නැහැ. පාසලට එන්නෙත් යහමගට ගත යුතු දරුවෝ. ඒ රටේ අනාගතය ඔවුන්ගේ අඩුපාඩු හදලා හොඳ පුරවැසියෙක් විදිහට සමාජගත කිරීම පාසලේ වගකීමක්. වනාතෙ දරුවන්ට ඒ අවස්ථාව අහිමි කිරීමට මේ විදුහල්පතිවරියට බලයක් ලබා දුන්නේ කවුද. අවුරුදු එකොළහක් තමන් ළඟ හැදෙන දරුවෙක් විනය ගරුකව ගොඩනැගීම තමයි පාසලේ වගකීම. සුදුසු කාලයේදී ඒ තත්ත්වය උදාකර ගන්න කටයුතු නොකර තීරණාත්මක මොහොතක දරුවාගේ අනාගතය විනාශ කරන එක වරදක්. මේකට කිසිම සමාවක් දිය යුතු බව මම නම් හිතන්නේ නැහැ. විදුහල්පති ශ්‍රේණිධාරීන්ට එම ශ්‍රේණි ලබා දෙන්නේ ඔවුන්ට පාසල් පරිපාලනය සහ දරුවන් ගැන තීරණ ගැනීමට තියෙන සුදුසුකම් සලකා බලලයි. මෙම කාන්තාව එවැනි සුදුසුකම් සම්පූර්ණ නොකර වැඩ බලන විදුහල්පති ලෙස වසර තුනකටත් වඩා කාලයක් කටයුතු කරමින් ඉන්න කෙනෙක්.

    මෙයා කරන්නේ කල්ලියක් හදාගෙන තමන් ගැන වර්ණනා කරවා ගන්න එක. අපි පහුගිය දවස්වල දැක්කා සමාජ මාධ්‍ය තුළ මැය පාසලේ මුරකරු විශ්‍රාම යන විට ඔහුට වන්දනා කළ බවක්. මේ තොරතුරු සමාජගත කිරීමෙන් අපේක්ෂා කරන්නේ තමන් දරුවන්ගේ අනාගතයට කරපු විනාශයන් පිළිබඳ තොරතුරු සමාජගත වීම වළක්වා තමන් හොඳ කෙනෙක් කියලා හිතවතුන් ලවා උලුප්පා දක්වා ගැනීමයි. වහාම මෙම ගුරුවරිය වැඩ බලන විදුහල්පති ධූරයෙන් ඉවත් කර ඇගේ විෂය ඉගැන්වීමට යෙදවිය යුතුයි. සුදුසුකම් සහිත ශ්‍රේණිධාරී විදුහල්පති කෙනෙක් එම පාසලට පත්කළ යුතුයි. එහෙම නොවුනොත් වෙන්නේ තවත් දරුවන්ගේ අනාගතය මැය විසින් විනාශ කර දැමීමයි. කොමිසමේදී අර දරුවො දෙන්නා විදුහල්පතිවරියගෙන් වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. "මැඩම් දැන් ලබන අවුරුද්දේ විභාගේ ලියන මල්ලිලාටත් අපට කලා වගේ විනාසයක් කරනවද" කියලා. ඒ නිසා මේ සමාජ මාධ්‍ය තුළින් විවිධ අදහස් දක්වන අපේ රටේ පුරවැසියන්ට කියන්න තියෙන්නේ දඩුවමින් සමාජය යහමගට ගන්න පුලුවන්නම් ඔය පහුගිය අවුරුදු ගණනාව පුරාම එහෙම දඩුවම් කරලා හදපු සමාජය එච්චර හොඳ එකක්ද වර්තමාන සමාජයේ වැරදි කරන්නේ දරුවෝද වැඩිහිටියන්ද. මේ ගැන තාර්කිකව හිතලා බලන්න.

    =අශෝක චනද්‍රසේකර =
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,014
    7,572
    113
    Galaha
    Summarized version.

    මෙම ප්‍රකාශනය මඟින් කොළඹ ප්‍රසිද්ධ පාසලක වැඩබලන විදුහල්පතිනියක් සහ සිසුන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් මුල් කරගනිමින්, වත්මන් ලාංකීය පාසල් පද්ධතියේ පවතින දුර්වලතා සහ පරිපාලනමය ගැටලු විවේචනයට ලක් කරයි. එහි ප්‍රධාන කරුණු පහත පරිදි සාරාංශගත කළ හැකිය:

    • සිදුවීම සහ පසුබිම: සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු කොණ්ඩය සහ රැවුල වැවීම වැනි කරුණු මුල් කරගෙන, නාට්‍ය හා රංග කලාව හැදෑරූ සිසුන් පිරිසකට ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර (Admission) ලබා දීම විදුහල්පතිනිය විසින් ප්‍රතික්ෂේප කර ඇත. මෙයින් අගතියට පත් සිසුන් දෙදෙනෙකු මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස විභාග දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් ඔවුන්ට ලිඛිත විභාගයේ ලකුණු මත පමණක් පදනම්ව විෂයට 'S' සාමාර්ථ හිමිව ඇත.

    • පලිගැනීම සහ බලපෑම: ඉන් අනතුරුව විදුහල්පතිනිය විසින් එම සිසුවෙකුට අහිතකර ලෙස බලපාන, ඔහුගේ අනාගත උසස් අධ්‍යාපන අවස්ථා අහිමි වන ආකාරයේ දැඩි ද්වේශසහගත චරිත සහතිකයක් නිකුත් කර තිබේ. පසුව අධ්‍යාපන ලේකම්වරියගේ දැඩි අවවාද කිරීම් හමුවේ ඇයට නැවත යහපත් චරිත සහතිකයක් නිකුත් කිරීමට සිදුව ඇත.

    • විදුහල්පතිනියගේ සුදුසුකම් සහ හැසිරීම: අදාළ තැනැත්තිය ශ්‍රේණිධාරී විදුහල්පතිනියක නොවන අතර වසර තුනක පමණ සිට වැඩබලන විදුහල්පතිනියක ලෙස කටයුතු කරන්නියකි. ඇය කොමිසම ඉදිරියේ සිසුන් "කුඩුකාරයන්ගේ ළමයි" ලෙසත්, ඔවුන් විභාග අසමත් වන බවටත් පූර්ව නිගමනයකට එළඹෙමින් ගුරු වෘත්තියට නොගැලපෙන ලෙස හැසිරී ඇත. එමෙන්ම ඇය තමාගේ වැරදි වැසීමට සමාජ මාධ්‍ය හරහා සත්ගුණවත් ප්‍රතිරූපයක් මවා ගැනීමට උත්සාහ කරන බවටද චෝදනා කෙරේ.

    • කතුවරයාගේ යෝජනා සහ පොදු විවේචනය: ශිෂ්‍යයන් කොටු කර, දැඩි නීතිවලින් බැඳ තබා ගැනීමට උත්සාහ කරන වත්මන් අධ්‍යාපන ක්‍රමය කතුවරයා විවේචනය කරයි. පාසලක වගකීම දරුවන් වෛරී පුද්ගලයන් නොකර යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම බවත්, දණ්ඩනයෙන් පමණක් සමාජයක් හැදිය නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි. එබැවින් තවත් දරුවන්ගේ අනාගතය විනාශ වීම වැළැක්වීම සඳහා අදාළ ගුරුවරිය වහාම විදුහල්පති ධුරයෙන් ඉවත් කර, සුදුසුකම් ලත් ශ්‍රේණිධාරී විදුහල්පතිවරයෙකු එම පාසලට පත් කළ යුතු බව කතුවරයා අවධාරණය කරයි.
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,230
    29,929
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    චරිත සහතිකයක් ගන්න ගියාම ටයිප් කරන මිට්ටා ලෙඩ නිවාඩු. උන්ට ඕන විදියට කොලේක ලියලා රත්තරං වගේ ලෙටර්හෙඩ් එකක් දුන්නා මේං මේක ගිහිං එහාපැත්තෙ තියන ගොඩගේ එකෙන් ටයිප් කරන් එන්න කියල.
    ඒලෙවල් කාලෙම ප්‍රින්සිපල්ගේ සීල් එකත් ගල් කරලා තිබුන එකේ ආයේ මොනාට එන්නද කියලා හිතලා මං කොලෙත් අරං ගෙදර ගියා බං🤣🤣🤣 දැන් කියවලා බැලුවත් ඇඟ හිරිවැටෙනවා මම ඉෂ්කෝලේ බැබලිලා තියෙන බැබලිල්ලට. ඒක විතරක් කියවලා රස්සා දුන්න උනුත් හිටියා🤣
     
    උඹ ආනන්දේ එකෙක්ද?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,948
    3,743
    113
    කොටින් ම දැන් මේ විශේෂඥයො කියන්නෙ ළමය මොනවා කරත් කමක් නෑ, මොකුත් කියන්න එපා කියල නෙ. ඒ කියන්නෙ ළමයි යට ඇඳුම පිටින් ආවත් කමක් නෑ. ළමයි නේ. ළමයි ගංජා ගැහුවත් කමක් නෑ. ඔය වයස ට ඕව හොයල බලන්න කුතුහලයක් එනවා නේ. ඔක්කොම කරලා අන්තිමේ උන් ත්‍රීවීල් කාරයෝ වුනහම ඉස්කෝලෙට බනිනවා අපේ ළමයි හැදුවේ නැහැනේ කියල.
    මම ගුරුවරයෙක් වුනා නම් කරන්නෙ ඕන දෙයක් කරගන්න ඇරලා ෆේල් වෙන්න ඇරලා සද්ද නැතුව ඉන්නවා. :P

    කොහොම වුනත් මෙන්න මෙහෙම දෙයක් තියනවා. ඉස්කෝලේ එකෙක් දෙන්නෙක් වල් විදිහට හැසිරෙද්දී අනිත් උනුත් එහෙම වෙනවා. අන්තිමේ ඉස්කෝලෙ නිකම්ම මුඩුක්කු ඉස්කෝලයක් වෙනවා. ඒක නවත්තන්න හදපු විදුහල්පතිනිය තමයි දැන් වැරදි. දැන් ඉස්සරහ ට මේ පුර්වාදර්ශය අරන් සිඟිති පාතාලේ තමන් කැමති විදිහට කොන්ඩෙ වවල, කැමති පච්චයක් ගහගෙන ඉස්කෝලෙ එන්න පටන් ගන්නවා. අම්මලා ට ළමයි වෙනුවට විදුහල්පති හදන්න ගිය එකේ විපාක එයි තැපෑලෙන්. :rofl: :lol:
     
    • Sad
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,335
    25,822
    113
    Fantasy
    මෙයා කරන්නේ කල්ලියක් හදාගෙන තමන් ගැන වර්ණනා කරවා ගන්න එක. අපි පහුගිය දවස්වල දැක්කා සමාජ මාධ්‍ය තුළ මැය පාසලේ මුරකරු විශ්‍රාම යන විට ඔහුට වන්දනා කළ බවක්.
    අහ් එ මේ විදුහල්පතිනිද. ය්සයි යසයි
     
    • Haha
    Reactions: Inigo Montoya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,471
    113
    උබලා පට්ට පීඩනයකින් නේද ඉන්නෙ. පව් බං උබලා.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,850
    1,984
    113
    I too got one of those (like hundred years ago..) but up to date, never had any use of it as references from other sources were the ones stood tall..

    And where I live, the interviewers do not go through your portfolio (certificates etc.,) containing folder..

    They rather invite you to "tell me about yourself" or "what are your hobbies" - an open ended conversation, where you can speak about your professional life and hobbies etc., eg preparing for the Triathlon, having been an avid sportsperson at school level..

    I think those kids did a good job by standing up for themselves from such young age.. - if shaving your face was a pre requisite to sit for the practicals, that's a different story..
     
    • Like
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,434
    4,273
    113
    Issuing a certificate like this is completely wrong. If you permanently restrict a student from pursuing a decent job or career, what are they expected to do next man? Turn to the underworld, engage in illegal activities, and end up in prison? Many such students reform their behavior later in life and become good citizens. If the principal shuts them out of normal society the moment they leave school, what future do they have left? Principal makes Thugs making factory in school.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,589
    22,739
    113
    අම්බකිස්ස
    මන් පාසලෙන් චරිත සහතිකයක් අරගෙන නැහැ. මන් දන්නේ නැහැ ඔය කතාවේ අනිත් පැති මොනවද කියල. එත් දැන් ගුරුවරු වෙලා තියෙන්නේ ගුරුකම කරන හැටි දන්නා මිනිස්සු නෙවේ. ගුරුකම කියන්නේ විශේෂඥ දැනුමක් ඇති විශේෂ රස්සාවක්. එක ඔය නිකම් ඩිග්රි එකක් ගත්ත කියල කරන්න බෑ. ගුරුකම කරද්දී චෝක් කෑල්ල අල්ලා ගන්න හැටි පවා ටෙක්නික් තියෙනවා. දුර්වල ළමයි හොයාගන්න හැටි, උන්ගේ දුර්වලකම් වලට විසඳුම් දෙන හැටි උගන්වනවා. උසස්පෙළ විතරක් කරලා ගුරුවරු වුනු උන් ඉන්නවා. ඩිග්රි එකක් කරලා ගුරුවරු වුනු අය ඉන්නවා. එත් නියම විදිය එහෙම නෙවේ, අඩු තරමින් ගුරු විදුහලකින් ඩිප්ලෝමාවක් හරි අවශ්‍යයි, ඒ අයට ප්‍රාථමික අධ්‍යාපනය පවරන්න ඕන. අර අධ්‍යාපන විද්‍යා පීඨ කියන ආයතන විශ්වවිද්‍යාල අනුබද්ධ ගුරු උපාධි දෙන ආයතන කරලා ඒ අය විතරක් සාමාන්‍යපෙළ දක්වා ඉගැන්වීම් කරන ගුරු පත්වීම් වලට ගන්න ඕන. ඊළඟට උපාධියක් කරපු අයෙක් නම් තමන්ගේ පස්චාද් උපාධිය විදියට ගුරුකම ඉගෙනගෙන තියෙන්න ඕන. ඔවුන්ට උසස්පෙළ පන්ති පැවරෙන විදියට තමයි මෙතන වැඩ කරන්න ඕන. නමුත් එහෙම වෙන්නේ නැහැ.
    එහෙම තමයි වෙන්නේ. පඩි මදි කේස් එක එක්ක ලොකු හිගයක් තියෙනවා ගුරුවරු විද්‍යා ගණිත ඉංග්‍රීසි විශයන්වලට.
     
    • Sad
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,244
    113
    Issuing a certificate like this is completely wrong. If you permanently restrict a student from pursuing a decent job or career, what are they expected to do next man? Turn to the underworld, engage in illegal activities, and end up in prison? Many such students reform their behavior later in life and become good citizens. If the principal shuts them out of normal society the moment they leave school, what future do they have left? Principal makes Thugs making factory in school.
    උඹට හිතෙන්නේ ඔය ලියුමද? නැත්තන් උගෙ හැසිරීමද ඌව limit කරන්නෙ කියලා? 🥴