2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත 2026 ජූලි 3 සිට බලාත්මක වන අතර, බදු අනුකූලතා අවශ්‍යතා ඉටු නොකරන පුද්ගලයන්ට එරෙහිව අපරාධමය නඩු පැවරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට (IRD) නව නීතිමය බලතල ලබාදී තිබේ.
නව විධිවිධාන අනුව, බදු සඳහා ලියාපදිංචි නොවීම, ආදායම් බදු වාර්තා ගොනු නොකිරීම, රඳවා ගැනීමේ බදු (WHT) සහ Advance Personal Income Tax (APIT) වාර්ෂික ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම ඇතුළු නීතිමය බැඳීම් කඩ කරන බදු ගෙවන්නන්ට එරෙහිව නඩු පැවරීමේ ක්‍රියාමාර්ග ආරම්භ කළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Source