IMF Results Part 1 - Thanks UNP 🐘

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    "නව දේශීය ආදායම් පනත පරාජය කළ යුතුයි- මේක සුද්දන්ගෙ ආණ්ඩුවක්ද සැකයි?"

    නව දේශීය ආදායම් පනත සකස් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාව අනුව බවත්, එය පරාජයට පත් කළ යුතුව ඇති බවත් ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ඒ අනුව එම පනත පරාජය කිරීම සඳහා ගත හැකි සියලුම ක්‍රියා මාර්ග ගැනීමට තම පක්ෂය සූදානම් බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද (20) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

    එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

    නව දේශීය ආදායම් පනත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සකස් කොට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට සම්මත කිරීම සඳහා ඉදිරිපත් කරපු එකක්. මීට පෙර මහ බැංකු අධිපතිවරයා ප‍්‍රකාශයක් කළා, අයි.එම්.එෆ්. එකෙන් දෙවැනි ණය වාරිකය ලබාගන්න මෙම පනත සම්මත කරගන්න ඕනෑ කියලා. පසුගිය 08වැනිදා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක තිබෙනවා, “දෙවන සමාලෝචනය පිළිබඳ විධායක කමිටු සාකච්ඡාවෙන් අනතුරුව දැඩි කාලගුණික තත්වයන් හා ගෝලීය වෙළඳපොළ අස්ථාවරත්වයන් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ පවතින ස්ථාවර සාර්ව ආර්ථික හා මූල්‍ය තත්වය ජාතික මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්වේ. විශේෂයෙන් නව දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැනි රජය විසින් ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය මූල්‍ය ඒකාග‍්‍රතා ක්‍රියාමාර්ග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්වී ඇත” කියලා. එයින් පැහැදිලි වෙනවා, මේ පනත අයි.එම්.එෆ් වුවමනාව මත හදපු එකක් කියලා. මේ පනත සැකසීමට අපේ රටේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, වෘත්තීය සමිති, බදු ගෙවන පුරවැසියන්, විගණන ආයතන කිසිදු මැදිහත්වීමක් සිදුකර නැහැ. ඔවුන් සමඟ කිසිදු සාකච්ඡාවක් කරලා නැහැ.

    මේ පනත මගින් රටටත් ජනතාවටත් අහිතකර බදු සංශෝධන විශාල ප‍්‍රමාණයක් ඉදිරිපත් කරනවා. සේවක අර්ථසාධක අරමුදල, ආයෝජනය කිරීමේදී මීට පෙර පනවා තිබූ 10% බදු අනුපාතය 14% දක්වා වැඩිකොට තිබෙනවා. සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය දරන ලක්‍ෂ 25කට අධික සේවකයින්ට ලැබිය යුතු අරමුදල් මෙම බදු වැඩිවීම හරහා කප්පාදු වෙනවා.
    ඒ වගේම මීට පෙර විවිධ ක්ෂේත්‍රයන් ප‍්‍රවර්ධනය සඳහා ලබාදී තිබූ බදු සහන සම්පූර්ණයෙන් ඉවත්කොට තිබෙනවා. වේදිකා නාට්‍යවලින් ලැබෙන ආදායම සඳහා අයකරන බද්දට 50% සහනයක් මීට පෙර ලබාදී තිබුණත් නව පනත මගින් එය ඉවත්කොට තිබෙනවා. ඒ වගේම ලේඛකයින්ට සහ ප‍්‍රකාශන ආයතනවලට සිය පළමු ප‍්‍රකාශනයේ ආදායමට 50%ක බදු සහනයක් හිමිවී තිබූ අතර නව පනතින් එය අහෝසි කොට තිබෙනවා. මේ ආකාරයට සංගීත නිර්මාණකරුවන්ට, එම කාර්යයන්වලින් ලැබෙන ලාභය ආදායම් බද්දෙන් නිදහස් කොට තිබුණද නව පනතින් සම්පූර්ණයෙන්ම බද්දට යටත් කොට තිබෙනවා. නව උත්පාදනයන්ට මීට පෙර ලබාදුන් බදු සහනය නව පනත මගින් ඉවත්කොට බද්දකට යටත්කොට තිබෙනවා.
    විශ්වවිද්‍යාල සිසුන්ට ලැබෙන ආධාර, ජනාධිපතිවරයා විසින් ලබාදෙන ත්‍යාග, ජීවිත රක්‍ෂණයක් කල් පිරුණු පසු අවුරුදු 60කට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලැබෙන ප‍්‍රතිලාභ මීට පෙර බද්දෙන් නිදහස් කොට තිබුණද නව පනත මගින් ඒ සියල්ල බද්දට යටත්කොට තිබෙනවා. මේ ආකාරයට සංස්කෘතික ක්ෂේත්‍රයේත්, නවෝත්පාදන ක්ෂේත්‍රයෙත් අධ්‍යාපන ක්ෂේත්‍රයේත් සියල්ල බදුවලට ඇතුළත් කොට තිබෙනවා. කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ භාණ්ඩවලට මෙතෙක් අයකළ 10% බද්ද 14% දක්වාත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට පනවා තිබූ 12%බද්ද 14% දක්වාත් ලොතරැයි දිනුම්වලට අයකළ 10% බද්ද 14% දක්වාත් ඉහළ දමා තිබෙනවා. අයවැයකින් පනවන බදුවලට වඩා වැඩි බදු සංශෝධන ප‍්‍රමාණයක් මේ පනතෙන් ඉදිරිපත් කොට තිබෙනවා.

    රැකියා කරන අයගෙන් උපයන ආදායමට අයකරන බදු ප‍්‍රමාණයත් ඉහළ දමා තිබෙනවා. මීට පෙර අයවැයෙන් වාර්ෂික ආදායම ලක්‍ෂ 12 දක්වා උපයන වෘත්තිකයන්ට බදු සහනයක් ලබාදී තිබුණා. එම සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කරගත්තේ නැහැ. නමුත් මේ පනත මගින් බද්දට යටත් වන වාර්ෂික ආදායම ලක්‍ෂ 5 දක්වා අඩුකොට තිබෙනවා. ඒ අනුව වාර්ෂික ආදායම ලක්‍ෂ 5ට වඩා වැඩි සියලූ වෘත්තිකයන් ආදායම් බද්දකට යටත් කොට තිබෙනවා. ඒ වගේම මීට පෙර බදු අනුපාතය තිබුණේ වැඩිවන ලක්‍ෂ 5ට පිළිවෙළින් 4%, 8%, 12%, 16% ආදී වශයෙනුයි. නමුත් නව පනත මගින් 16% බදු අනුපාතය 24% දක්වා වැඩිකොට තිබෙනවා. ඒ වගේම මීට පෙර බදුවලින් නිදහස් කොට තිබූ වෘත්තීමය ආයතන වන වරලත් ඉංජිනේරුවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය, විශ්වවිද්‍යාල, ආයුර්වේද වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය, බලශක්ති සංරක්‍ෂණ අරමුදල වැනි ආයතන පවා බදුවලට යටත් කොට තිබෙනවා.

    ඒ වගේම ශ්‍රී ලාංකිකයින් මෙරට සිට විදෙස් ආයතනවලට සේවය සපයා හෝ විදෙස්ගතව සේවය සපයා ලබන ආදායම බදුවලින් නිදහස් කොට තිබුණා. මොකද, එම වෘත්තිකයන් ලබන විදේශ විනිමයන් ඔවුන්ගේ අත්දැකීමත් අපේ රටේ ආර්ථිකයට ඉතාම වැදගත් එකක්. නමුත් දැන් එම ක්ෂේත්‍රත් බද්දට ඇතුළුට තිබෙනවා. කෙසේ නමුත් විදේශිකයෙකු ලංකාවේ සේවය කොට ලබන ආදායම බද්දෙන් නිදහස් කොට තිබෙනවා. විදේශ ආයතනවලට සේවය සපයන ශ්‍රී ලාංකිකයින් දිරිගන්වනවා වෙනුවට මේ ආණ්ඩුව සිදුකොට තිබෙන්නේ විදේශිකයින් දිරි ගැන්වීමයි. මෙය සිදුකොට තිබෙන්නේ අන් යමක් නොව එට්කා ගිවිසුම මගින් මෙරටට රැකියා සඳහා පැමිණීමට නියමිත විදේශිකයන් දිරිගැන්වීමයි. එනිසා අද අපේ රටේ තිබෙන්නේ ශ්‍රී ලාංකිකයින්ගේ ආණ්ඩුවක්ද, සුද්දන්ගේ ආණ්ඩුවක්ද කියලා අපිට සැකයක් තිබෙනවා.

    බදු ගෙවන්නන්ගේ පාර්ශ්වය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සිය ආදායම් වාර්තා ඉදිරිපත් කළ පසු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එම වාර්තාව ප‍්‍රතික්ෂේප කරනවා නම් ඒ සඳහා කරුණු දැක්වීමක් කළ යුතුයි. එයින් බදු ගෙවන්නන්ගේ අයිතිය තහවුරු වෙනවා. නමුත් නව පනත මගින් කරුණු දැක්වීමකින් තොරව බදු ගෙවන්නන්ගේ වාර්තා ප‍්‍රතික්ෂේප කිරීමේ බලය ලබාදී තිබෙනවා. මෙය ඉතාම අසාධාරණයි. මීට එරෙහිව බදු ගෙවන්නන්ගේ සංගමය නඩුවක් පවරා තිබෙනවා. ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමන්විත වෙන්නේ කොමසාරිස් ජනරාල්වරයාගේ සිට පහළටයි. නමුත් 2006 පනතේ වගන්ති අනුව සෙසු නිලධාරීන්ටද යම් යම් බලයන් පවරා තිබෙනවා. ඒ අනුව කොමසාරිස් ජනරාල්වරයා යටතේ සිටින ඇතැම් නිලධාරීන්ට ජනරාල්වරයාගෙන් සහ පනතෙන් යම් යම් බලයන් පැවරෙනවා. එමගින් පරිපාලන කටයුතු කාර්යක්ෂම වෙනවා. නමුත් නව පනත මගින් සෙසු නිලධාරීන්ට පනත මගින් පැවරෙන බලය අහෝසි කොට සියලූ බලය කොමසාරිස් ජනරාල්වරයාට පවරා තිබෙනවා. කොමසාරිස් ජනරාල්වරයාට අසීමිත අධිකාරී බලයක් පවරා අනෙකුත් නිලධාරීන් ඔහු යටතට පත්කොට තිබෙනවා. එය බදු එකතු කිරීමේ කාර්යක්‍ෂමතාවයට විශාල බාධාවක්. අපේ රටේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමන්විත වන්නේ කොමසාරිස්වරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්වරුන්, නියෝජ්‍ය කොමසාරිස්වරුන්, සහකාර කොමසාරිස්වරුන් සහ බදු නිලධාරීන්ගෙන්. ඔවුන් එම තනතුරුවලට පත්වීමේ පටිපාටියක් තිබෙනවා. නමුත් නව පනත මගින් ඉහත තනතුරුවලට අමතරව වෙනත් නිලධාරීන්ද පත්කළ හැකි වන පරිදි. කොමසාරිස් ජනරාල්වරයාට බලය පවරා තිබෙනවා, ආයතන ව්‍යුහයට යටත් නොවන පරිබාහිර පුද්ගලයින් පත්කිරීමේ බලය මේ පනත මගින් ලබාදී තිබෙනවා. ඒ අනුව පරිබාහිර සමාගමක් වුවද මේ වෙනුවෙන් පත්කළ හැකිව තිබෙනවා. මේ සිදුකොට තිබෙන්නේ වෙන යමක් නොව බදු එකතු කිරීම සඳහා රජයට තිබුණු බලය පිටත කොම්පැනිවලට ලබාදීමට ඉඩ හදා ගැනීමක්. ඒක තමයි අයි.එම්.එෆ්. අරමුදලේ වුවමනාව. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යය පුද්ගලික අංශයට පැවරීම මේ මගින් සිදුකර ගත හැකියි.


    ඒ වගේම යම් නිලධාරියෙක් බදු වංචාවක් කළොත් ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගතහැකි වන්නේ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම යටතේයි. නමුත් නව පනත මගින් එවැනි දූෂණයක් සිදුකළ නිලධාරීන්ට රුපියල් මිලියනයක දඩයකට හෝ වසරකට නොවැඩි කාලයක සිරදඬුවමකට හෝ එම දඬුවම් දෙකටම හෝ යටත් කළ හැකි පරිදි වගන්තියක් ඇතුළත් කොට තිබෙනවා. ඒ විතරක් නොවෙයි, එම නඩු විභාගයට පෙර කොමසාරිස් ජනරාල්වරයාට එම වරද සමථයකට පත්කළ හැකි පරිදි බලය ලබාදී තිබෙනවා. ඒ මගින් ජනරාල්වරයා යටතේ සිටින නිලධාරීන්, ජනරාල්වරයා යටතට පත්කොට පහළ නිලධාරීන්ගේ කොඳු කඩා තිබෙනවා. ඒ නිසා මෙම නව බදු පනත මගින් පරිපාලනය පැත්තෙන්, කාර්යක්‍ෂමතාවය පැත්තෙන්, අකර්මණ්‍ය කොට තිබෙනවා.

    ඒ වගේම මෙම පනත ඝානා රාජ්‍යයට හදපු ඉංග‍්‍රීසි පනතේ පරිවර්තනයක් නිසා අපේ රටේ බදු ක්ෂේත්‍රයේ භාවිතා කරන ලද පාරිභාෂිත ශබ්ද කෝෂයට අයත් වචනවලට ඇතුළත් නොවන නව වචන ඇතුළත් වී තිබිීම නිසා පනත තේරුම් ගැනීමේ අපහසුතාත් ඇතිවෙලා තිබෙනවා. ඒ නිසා මෙය ශ්‍රී ලංකාව ඉලක්ක කොට සකස් කළ පනතක් නොවන බව පැහැදිලි වෙනවා.
    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබෙන වාර්තා ඉතාම රහසිගතයි. එම වාර්තා අල්ලස් කොමිසමට, නීතිපතිවරයාට හෝ ඇමතිවරයාට පමණයි ලබාගත හැක්කේ. එසේ ලබාගත හැක්කේත් විශේෂ විධිවිධාන අනුවයි. එසේ බදු ගෙවන්නන්ට ආරක්‍ෂාවක් සපයා දී තිබෙන්නේ, ඔවුන්ගේ ව්‍යාපාරවල රහසිගත තොරතුරු අනවශ්‍ය පුද්ගලයන් අතට යාමෙන් ව්‍යාපාර බිඳ වැටීමේ අවදානම නැති කිරීමටයි. ඕනෑම සමාගමක ආදායම් වාර්තා රහසිගතයි. නමුත් මේ ආණ්ඩුව මගින් ඉදිරිපත්කළ පනත මගින් කියනවා, ඇමතිවරයාගේ නිර්දේශ අනුව විදේශීය සමාගම් සමඟ බදු තොරතුරු හුවමාරු කර ගැනීමට ගිවිසුම්ගත වීමට හැකියි කියලා. එමගින් බදු ගෙවන්නන්ගේ ආරක්‍ෂාව අහිමි කරනවා. එය ව්‍යාපාරිකයන්ට තර්ජනයක්.

    ඒ වගේම මේ වනවිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය බදු එකතු කිරීමේ ක්‍රියාවලිය සිදුකරන්නේ විශේෂිත මෘදුකාංගයක් ක්‍රියාත්මක කිරීම මගිනුයි. එම මෘදුකාංගය නිර්මාණය කළේ සිංගප්පූරු සමාගමක්. ඒ සඳහා රු. කෝටි 500ක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වැයකර තිබෙනවා. ඒ මගින් ඉතාම කාර්යක්‍ෂම ලෙස බදු එකතු කිරීමේ කටයුතු සිදුකරමින් නිබෙනවා. එම මෘදුකාංගය නිර්මාණය කිරීමේදී 2006 පනතේ නීතිමය රෙගුලාසි අනුගමනය කළා. නමුත් දැන් එම පනත වෙනුවට නව පනතක් ගෙන ඒම මගින් කෝටි 500ක් වැයකොට සකස් කළ මෘදුකාංගය භාවිතා කිරීමට නොහැකි වෙනවා. එය අහෝසි වෙලා යනවා. ඒ වෙනුවට නව මෘදුකාංගයක් සකස් කිරීමට සිදුවෙනවා. ඒ වෙනුවෙන් අයි.එම්.එෆ්. ආයතනය ණයක් දෙන්නත් එකඟ වෙලා තිබෙනවා. මේ සියලූම කාරණා සලකා බලන විට මෙම පනත අයි.එම්.එෆ්. අරමුදලේ වුවමනාවක් බව පැහැදිලියි. ඒ නිසා මේ පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර නොදිය යුතු පනතක්.

    2006 ඉදිරිපත්කළ පනතට සංශෝධන එක්කොට තවදුරටත් කාර්යක්‍ෂම කරන්න අවශ්‍යයි. නමුත් එය අහෝසි කොට නව පනතක් ගෙන ඒමේ අවශ්‍යතාවයක් නැහැ. නව පනතක් ගෙන ඒමේ එකම වුවමනාව වන්නේ, අපේ රටේ ආර්ථිකය අයි.එම්.එෆ්. අරමුදලේ අවශ්‍යතාවයට අනුව හැසිරවීමට නීතිමය තත්වයන් හදා ගැනීමයි. ඒ නිසා තමයි මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කොට අයි.එම්. එෆ්. එක ණය වාරිකය නිදහස් කරන්නේ. ආණ්ඩුව මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කොට අපි ඉල්ලූවා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කලින් අදාළ ක්ෂේත්‍ර සමඟ සාකච්ඡාවක් කරන්න කියල. නමුත් ඒ වෙලාවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ කිව්වා, මේ පනත දාන්නම ඕන කියලා. එහෙම කළේ ඇයි? මේ ආණ්ඩුවට අයි.එම්.එෆ්. අරමුදල බලපෑම් කරනවා. රනිල්-මෛත්‍රී හවුල් ආණ්ඩුව වගකියන්න ඕනෑ අයි.එම්.එෆ්. එකට නෙවෙයි. ඔවුන් වගකිව යුත්තේ අපේ රටේ ජනතාවටයි. ඒ නිසා මේ පනත පරාජයට පත්කළ යුතු පනතක්. ඒ නිසා මේ පනත පරාජයට පත් කරන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම්. මේ බදු පනත අයවැය ලේඛනය ඉක්මවා යන පනතක්. ඒ නිසා මේ පිළිබඳව රටේ සංවාදයක් හදලා මේ පනත සම්මත නොකර අහෝසි කිරීමට අපි සියලූ ක්‍රියාමාර්ග ගන්නවා.


    Source -http://sinhala.adaderana.lk/news/75454/%E0%B6%B1%E0%B7%80-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA-%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD-%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA-%E0%B6%9A%E0%B7%85-%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92--%E0%B6%B8%E0%B7%9A%E0%B6%9A-%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99-%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF-%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :lol::lol::lol::lol:
    "Lord" kiyalawath english walin liyaganna bari UNP Kurudu polu ponziyekta ridila
    FZ7nM9a.jpg

    Paw bn ubala, sada anathai.
    Kochchara rep kapuwath UNP ponzla ratata karana winase nawathinne na bn, e wagema api kiyana ewa nawaththannath baa...
    Mama jepponta kamathi naa, unuth UNP wagema kaalayak tharuna kollo kellonwa apaye nathi wada deela ballo wage marapu set ekak, ubalage maha ponila wagema ponz set ekak. eth mu meke kiyala thiyena de aththa. Okata mata kiyanna thiyenne ara parana kathawa thama "Agilla dik karala hadha pennuwama hadha diha balapan, agilla neme". Ko ithin ubalata ehemawath molayak thibbanam Sirikothe polu uranna yanne naa ne. :lol::lol:

    Ubalage Sirikothe polu suppukaralama mole diyawela.
    :lol::lol::lol::lol:

    #UNP=Ponz
     
    Last edited:
    May 10, 2012
    466
    122
    0
    255
    සැමට සරමයි, රොටියයි, පැලයි, හිලයි, බීඩියයි ආර්ථිකයක්