මිනියක් මරල නෑ..කාටවත් වරදක් කරල නෑ..අම්මට අතඋස්සන්න ආවොත් ගහනවා ඒක තමයි විදිය - චිලී

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,394
    3,757
    113
    Maligawatta
    ප්‍රසිද්ධ ගායන ශිල්පී තිලංක විදූෂ හෙවත් "චිලී" හට එරෙහිව වසර කිහිපයක් පුරා විභාග වෙමින් පැවැති නඩුව අවසන් කරමින් ඔහු වැරදිකරු බවට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර තිබේ. 2014 වසරේදී තලංගම පිහිටි ඔහුගේ නිවෙසට ඩෙංගු මර්දන පරීක්ෂාවක් සඳහා පැමිණි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය පෑම, පහරදීමට තැත් කිරීම සහ බියගැන්වීම යන චෝදනා හතරටම ඔහු මෙලෙස වැරදිකරු වී ඇත.

    කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම තීන්දුවට අනුව, අදාළ චෝදනා හතර සඳහා එකකට රුපියල් 1,500 බැගින් දඩ මුදල් නියම කෙරිණි. ඊට අමතරව, මෙම සිදුවීමෙන් අගතියට සහ බියගැන්වීමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් එක් අයෙකුට රුපියල් 10,000 බැගින් වූ වන්දි මුදලක් ගෙවන ලෙසද අධිකරණය විසින් නියෝග කරන ලදී.

    තීන්දුව ලබාදුන් අවස්ථාවේ අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, නියම කරන ලද වන්දි මුදල අධිකරණයේ තැන්පත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත. ඒ අනුව, 2014 වසරේ සිට වසර ගණනාවක් පුරා විභාග වූ මෙම නඩුවේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් විය.

    මෙම සිද්ධියට අමතරව 2016 වසරේදී අසල්වැසි වැඩිහිටි පුද්ගලයෙකුට පහරදීමේ සිදුවීමක් නිසාද මෙම ගායකයා අත්අඩංගුවට පත්ව තිබුණි. බත්තරමුල්ල පැලවත්තේ තමන් වාසය කරන ප්‍රදේශයේම අසල්වැසි වැඩිහිටි පුද්ගලයෙකුට මේ ආකාරයට පහරදීමේ සිද්ධියකින් පසු ඔහු සැඟව සිට තලංගම පොලිසියට භාරවූ අවස්ථාවේ එම දඩුවම ලැබී බන්ධනාගාර බස් රථයේ යද්දී ඔහු වෙත රූපවාහිනී කැමරා යොමුවූ විට ඔහු කියා සිටියේ

    “මිනියක් මරල නෑ..කාටවත් වරදක් කරල නෑ..අම්මට අතඋස්සන්න ආවොත් ගහනවා ඒක තමයි විදිය..“ යනුවෙනි.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    612
    750
    93
    බිය ගැන්වීම කියන්නෙ මොකක්ද කියලා දන්න කවුරු හරි ඉන්නවද? මම අහන්නෙ ‍රැවුල කපන්න අමතක වුනාම ආලවක වගෙ එවුන් ඉන්නවනෙ. ඒ වගේ චරිතයක් ඉන්න ගෙදරකට පොලිසියේ WPC කෙනෙක් වගෙ ඇවිල්ලා බය වුනොත් නඩු වැටෙනවද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,181
    49,530
    113
    සේදවත්ත

    යු හැව් ඩන් අ ඩබල් ජොබ් , ලෙට්ස් හෑව් පාටි සට පට සට්ටපඩි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,512
    1
    57,640
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බිය ගැන්වීම කියන්නෙ මොකක්ද කියලා දන්න කවුරු හරි ඉන්නවද? මම අහන්නෙ ‍රැවුල කපන්න අමතක වුනාම ආලවක වගෙ එවුන් ඉන්නවනෙ. ඒ වගේ චරිතයක් ඉන්න ගෙදරකට පොලිසියේ WPC කෙනෙක් වගෙ ඇවිල්ලා බය වුනොත් නඩු වැටෙනවද?
    ඔන්න බිල්ල එනවා කිව්වොත් බිය ගැන්වීමක් 😏
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,932
    1
    43,237
    113
    බිය ගැන්වීම කියන්නෙ මොකක්ද කියලා දන්න කවුරු හරි ඉන්නවද? මම අහන්නෙ ‍රැවුල කපන්න අමතක වුනාම ආලවක වගෙ එවුන් ඉන්නවනෙ. ඒ වගේ චරිතයක් ඉන්න ගෙදරකට පොලිසියේ WPC කෙනෙක් වගෙ ඇවිල්ලා බය වුනොත් නඩු වැටෙනවද?
    මන්නයක් අරන් කොටන්න වගේ බයකෙරුවොත් :lol: