හිටපු පොලිස්පති වෙඩි තබාගත් බව කියන
පිස්තෝලයේ ඇඟිලි සළකුණු නෑ !
පරීක්ෂණ නොසිතු පැත්තකට ....
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සම්බන්ධයෙන් සිදුවූ වෙඩි වැදීමේ සිදුවීමට අදාළව, එම ස්ථානයෙන් හමු වූ පිස්තෝලයේ අවසන් ඇඟිලි සලකුණු කිසිවක් සොයා ගැනීම දුෂ්කර වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කර
සිටින බව දිවයින වාර්තා කරනවා.
ගිනි අවියක් ක්‍රියාත්මක වූ පසු එහි සිදුවන අධික රත්වීම හේතුවෙන්, එහි තැන්පත්ව ඇති ඇඟිලි සලකුණු පහසුවෙන්ම මැකී යාමේ හැකියාවක් පවතී. මෙම පිස්තෝලයේ ද ඇඟිලි සලකුණු සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ එම හේතුව නිසා විය හැකි බවට පොලිසිය අනුමාන කර සිටින බව දිවයින වාර්තා කරනවා.
විමර්ශනවල ප්‍රධාන සාධකයකට එල්ල වූ බාධාවක්
සාමාන්‍යයෙන් යම් අපරාධයකට යොදාගත් ගිනි අවියක් සහ ඊට යෙදූ උණ්ඩ අතර ඇති ගැළපීම මෙන්ම සිද්ධිය සිදු වූ කාලය පිළිබඳ විද්‍යාත්මක කරුණු සොයාගත හැකිය. කෙසේ වෙතත්, අවියේ තැන්පත්ව තිබූ ඇඟිලි සලකුණු මැකී යාම හේතුවෙන් සිද්ධියේ සුලමුල හෙළිකර ගැනීමේ වැදගත් එක් සාධකයක් මගහැරී යාමේ අවදානමක් මතුව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
බාහිර පාර්ශ්වයක පැමිණීමක් නෑ: සියදිවි නසාගැනීමක්ද? අත්වැරදීමක්ද?
මේ දක්වා සිදුකර ඇති මූලික විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ, සිද්ධිය වූ මොහොතේ නිවස තුළට හෝ පිටතින් කිසිවෙකු ඇතුළු වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.
ඒ අනුව, මෙම වෙඩි වැදීම:
අත්වැරදීමකින් සිදුවූ වෙඩි තබා ගැනීමක් හෝ,
සියදිවි නසා ගැනීමට දැරූ තැත් කිරීමක් විය හැකි බවට දැනට අනුමාන කෙරේ.
පොලිසිය විසින් මේ වන විටත් නිවස සහ ඒ අවට සවිකර ඇති CCTV කැමරා දර්ශන සියුම් පරික්ෂාවකට ලක් කරමින් සිටී.
නඩු භාණ්ඩ 28 දා අධිකරණයට
මෙම සිද්ධියට අදාළ මිලිමීටර් 9 (9mm) වර්ගයේ පිස්තෝල ගිනි අවිය ඇතුළු සියලුම නඩු භාණ්ඩ එළඹෙන 28 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකයට නියෝග කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි

අනේ