💥 ලෙයට ලෙය ඉල්ලා දකුණේ පුපුරණ පාතාල ගිනිකෙළි

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    ගයාන් ගාල්ලගේ - ඉරිදා ලංකාදීප



    දකුණේ පාතාලය මේ දිනවල ඉතාමත් සක්‍රීය ය. මරාගැනිල්ලේ සිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු දකුණේ තත්ත්වය එන්න එන්නම දරුණු වී ඇත. ඇතැම් කණ්ඩායම් පසුගිය දින කිහිපයේ මිනී මරාගත්තා සේම තවත් කණ්ඩායම් මිනීමරාගන්නට අරඅඳිමින් සිටින්නේ වෙලාව එන තෙක්ය. දකුණ දැන් පුංචි චිකාගෝවක් මෙනි. ඒ නිසා දකුණේ පාතාල ගැටුම ඉතාම දරුණු වන දිනයක් වැඩි ඈතක නැත.

    මහදුර නලින්ගේ ඝාතනයෙන් ඇවිළුණු දකුණ


    මහදුර නලින් යනු කාලයක් විවිධ චෝදනාවලට ලක්වූවෙකි. ඔහු නමගිය පාතාල සාමාජිකයෙක් නොවීය. එකී මහදුර නලින් ඝාතනය වූයේ හිතාගන්න බැරි මොහොතකය. 2025 මැයි 3 දා රාත්‍රියේ මීටියාගොඩ අවන්හලක මත්පැන් තොලගාමින් සිටි දෙදෙනකුට වෙඩි තබන අතර එක් අයකු තුවාල ලැබූවත් අනෙක් පුද්ගලයා මියගියේය. එලෙස මියගියේ මහදුර නලින් වසන්ත ය. මෙම ඝාතනයෙන් පසුව කාලයක් ගියත් දකුණේ ක්‍රමය වන්නේ අවුරුදු ගාණක් හෝ ගොස් පළිගැනීමය. දකුණේ ඝාතන වල සුලබ ලක්ෂණය එය විය. ඒ අනුව හිටිහැටියේම පසුගිය නොවැම්බර් 11 දා අම්බලන්ගොඩ නගර සභාව ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුවිය. එලෙස වෙඩි වැදී තිබුණේ මෝදර දේවාලයේ හිටපු සභාපති මිරන්ත වරුෂවිතානට ය. වෙඩි වැදුණු මිරන්ත මිය ගියේය. මියගිය පසු හෙළිවුණේ මිරන්ත යනු දකුණේ පාතාලයන් දෙදෙනකු වන කරන්දෙණියේ සුද්දා සහ එස්ටීඑෆ් රාජුගේ මස්සිනා බව ය.

    කෙසේ වෙතත් මෙම ඝාතනය ගැන පැය කිහිපයක් යන්නට මත්තෙන් තොරතුර ආවේය. ඒ මහදුර නලින්ගේ පුත්‍රයා වන ඉසුරු විසින් මෙම ඝාතනය කර ඇති බවය. මැයි 3දා තම පියා ඝාතනය කළේ කරන්දෙණියේ සුද්දාගේ පාර්ශ්වය බවට ලද තොරතුරක් මත ඊට ප්‍රතිප්‍රහාරයක් ලෙස සුද්දාගේ මස්සිනා එලෙස ඝාතනය කළ බවත් එම ඝාතනයෙන් පසුව ඉසුරු මිරන්තගේ විදෙස්ගතව සිටින පුත්‍රයා අමතා මේ සම්බන්ධයෙන් දැනුම් දුන් බවත් පසුව හෙළිවිය.

    දකුණේ පාතාලයේ කිසිදු ඉවසීමක් නැති, අලු‍ගෝසුවකු ලෙස සලකන කරන්දෙණියේ සුද්දාට පහරදීම ගැන බොහෝ අය සඳහන් කළේ විශාල ගැටුමක ආරම්භයක් ලෙසය. කෙසේ වෙතත් මිරන්ත සිටි මෝදර දේවාලයේ ප්‍රධාන කපුවා මීට මාසයකට පෙර රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගැනිණ. ඒ කැරොකේ වසන්ත ඝාතනයේ මහමොළකරු ලොකු පැටීගේ මුදල් ඔහු භාරයේ තිබූ බවට සැකය නිසාය. ඒ නිසා පැටීගේ පාර්ශ්වය සැක කළේ එම පාවාදීම හිටපු සභාපති මිරන්ත විසින් සිදුකරන්නට ඇති බව බවය. ඒ නිසා මෙම මිරන්ත ඝාතනයට ලොකු පැටී සම්බන්ධ බවට රාවයක් ගියේය. ඒ සමන් කොල්ලා නමැති අපරාධකරු විසින් ආධාර අනුබල දුන්න බවටද සඳහන් කරමිනි. එහෙත් එය සීයට සීයක් තහවුරු කළ පුවතක් නොවීය.

    මිරන්ත ඝාතනයෙන් පසුව නියත වශයෙන්ම කරන්දෙණියේ සුද්දා පාර්ශ්වය විසින් ප්‍රතිප්‍රහාරයක් එල්ලවෙන බව හැමෝම දැන සිටි දෙයක් විය. එහෙත් කොතැනට වදීද යන්න කවුරුත් දැන සිටියේ නැත. ඒ අනුව පසුගිය 17දා මීටියාගොඩ අවන්හලක දී කාන්තාවක වෙඩි තබා ඝාතනය කෙරිණ. ඇයට වෙඩි තබන අවස්ථාවේ තවත් පුද්ගලයෙක් සිටි අතර ඔහු පසුපස ද වෙඩික්කරු පැන්නුවත් අදාළ ඝාතනය සිදුකිරීමට නොහැකිව වෙඩික්කරු පලාගියේය. කෙසේ වෙතත් ඝාතනයෙන් පසුව හෙළිවුණේ මෙලෙස ඝාතනය වී ඇත්තේ 2025 මැයි 03 දා ඝාතනය වූ මහදුර නලින් වසන්තගේ සහෝදරියක බවය. ඒ වෙන කිසිවක් නොව මහදුර නලින්ගේ පුත්‍රයා විසින් සුද්දාගේ මස්සිනා වෙන මිරන්ත ඝාතනය කිරීමේ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙසය. ඒ අනුව මෙම ඝාතනය කරන්දෙණියේ සුද්දා සහ එස්.ටී.එෆ් රාජුගේ පාර්ශ්වය විසින් සිදුකර ඇති බව අනාවරණය විය.

    මිරන්තගේ ඝාතනයට උණාකූරුවේ ශාන්තට ප්‍රහාරයක්

    ලෙයට ලෙය පළිගැනීමක් දැන් සිදුවී ඇති නිසා තත්ත්වය සමථයකට පත්වේ යැයි බොහෝ දෙනා සිතූහ. එහෙත් එකවර නොසිතූ මොහොතක ඊට පසුදින (18දා) උණාකූරුව ප්‍රදේශයේ යුවලක් වෙෙළඳසලක් ඇතුළත වෙඩි තබා ඝාතනය කෙරිණ. පුෂ්පා (58) විජිතදාස (68) යන දෙදෙනා දකුණේ ප්‍රබල පාතාල නායකයකු වන උණාකූරුවේ ශාන්තගේ නැන්දණිය සහ මාමා බව හෙළිවිය. එපමණක් නොව මෙම ඝාතනය ද කරන්දෙණියේ සුද්දාගේ පාර්ශ්වය විසින් සිය මස්සිනා ඝාතනයට ප්‍රතිප්‍රහාරයක් ලෙස එල්ල කර ඇති බව අනාවරණය විය.

    එකී ප්‍රහාරයෙන් පසුව සියලු‍ දෙනාම දැනගත්තේ පසුගිය 03 දා අම්බලන්ගොඩ නගර සභාව ඉදිරිපිට ඝාතනය වූ මිරන්ත වරුෂවිතාන හෙවත් සුද්දාගේ මස්සිනා ඝාතනයට උණාකූරුවේ ශාන්ත ද සහාය වී ඇති බවය. එකී ප්‍රහාරයෙන් බොහෝ දෙනා ගැස්සී ගියහ. ඊට හේතු කිහිපයක් තිබේ.



    විමල් ශාන්ත හෙවත් උණාකූරුවේ ශාන්ත යනු දකුණේ පාතාලයේ ගෝඩ් ෆාදර් වැනි කෙනෙකි. ඊට හේතුව ශාන්ත විසින් මාකඳුරේ මදුෂ්ට පාතාලයේ ‘අ‘යනු ‘ආ‘යනු කියාදීමය. ඒ නිසා ශාන්ත මදුෂ්ගේ ගුරා විය. එපමණක් නොව බොහෝ දෙනෙක් ශාන්තට දැඩි ලෙස බිය වී සිටියහ. ශාන්තට ගෞරව කළහ. එහෙත් කරන්දෙණියේ සුද්දාගේ ප්‍රහාරය ශාන්තට එල්ලකළ මරු ප්‍රහාරයක් විය. ඒ නිසා මෙය ශාන්තගේ කල්ලිය සහ සුද්දාගේ කල්ලිය අතර විශාල ගැටුමක් කරා යන ගමනක් බව බොහෝ දෙනා කතා වෙති.

    එපමණක් නොව ශාන්තගේ නැන්දා සහ මාමාගේ ප්‍රහාරයට දකුණේ පාතාලයේ නැගීගෙන එන දෙහිගෙදර බාලේද සම්බන්ධ බවට ප්‍රචාරයක් ගියේය. ඊට හේතුව බාලේගේ පිරිස විසින් දෙවුන්දර දේවාලය ඉදිරිපිට ඝාතනය කළ තරුණයන් දෙදෙනාගෙන් එක් අයකු යොමේෂ්ගේ ඥාතීන් වීමය. ඒ නිසා බාලේගේද නම ගැවී ඇත. පුදුමය නම් මෙම ප්‍රහාරයට පෙර තංගල්ල ප්‍රදේශයේ වෑන් රථයක් ගිනි අවි දමාගෙන එහේ මෙහේ සැරිසරන බවට තොරතුරු පවා පොලිසියට ලැබී තිබීමය. එවන් මොහොතක මෙය සිදුවීම පුදුම සහගතය.

    උණාකූරුවේ ශාන්තගේ කාලය නරක් වෙයි

    උණාකූරුවේ ශාන්තගේ නැන්දා සහ මාමා ඝාතනයෙන් පසුව ශාන්තගේ නම මාධ්‍යයෙන් මැකී යන්නට වෙලාවක් ලැබුණේ නැත. නැවතත් ශාන්තගේ නම පසුගිය 19 දා රාත්‍රියේ උඩට ආවේය. එනම් දකුණේ මුහුදු තීරයේ නීතිවිරෝධි ලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි ධීවර බෝට්ටුවක් නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබීමය. මෙම ධීවර බෝට්ටුවෙහි කිලෝග්‍රෑම් 400කට ආසන්න මත්ද්‍රව්‍ය ඇති බව තොරතුරු ලැබෙන්නට විය. එහෙත් ඒ වන විටත් බෝට්ටුව මහ මුහුද මැද රැගෙන එමින් තිබුණේය. එම මත්ද්‍රව්‍ය තොගයද උණාකූරුවේ ශාන්තට අයත් මත්ද්‍රව්‍ය තොගයක් බවට තොරතුරු ලැබී ඇත.

    ශාන්තගේ මත්ද්‍රව්‍ය මීට පෙර කිහිප වතාවක්ම කොටු කෙරිණ. ඒ අතරින් ගොඩබිමෙන් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය පසුගිය සැප්තැම්බර් 23 දා ලොරි රථ දෙකක තිබී තංගල්ල ප්‍රදේශයෙන් සොයාගැනිණ. එහි හෙරොයින් සහ අයිස් කිලෝ 709 ක් තිබී ඇත. එපමණක් නොව ගිනි අවි පහක් ද තිබුණේය. ඊට අමතරව මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නට ගිය තිදෙනෙක් අබිරහස් ලෙස මියගියේ පාළු නිවසකදී අදාළ මත්ද්‍රව්‍යත් සමඟය. මෙකී චෝදනාවලට ලක්වී සිටින ශාන්තගේ බෝට්ටුවක් ඒ අනුව කොටුකර ගැනීම විශාල මෙහෙයුමක් විය.

    ඒ අනුව පසුගිය 20 දා රාත්‍රී 7.30ට පමණ තංගල්ල වරායට අදාළ බෝට්ටුව රැගෙන එන ලදි. ඒ බෝට්ටුවේ තිබී අයිස් කිලෝ 261 ක් සහ හෙරොයින් කිලෝ 115ක් පොලිස් භාරයට ගැනිණ. ගිනි අවි දෙකක් ද එහි විය. මෙම බෝට්ටුවට අදාළව පන්නල ප්‍රදේශයේ දී සැකකරුවකු අත්අඩංගුවට ගත් අතර ඔහු පළාත් පාලන මැතිවරණය සඳහා සජබයෙන් තරග කළ අයෙක් විය. එහෙත් අදාළ මත්ද්‍රව්‍ය තොගය උණාකූරුවේ ශාන්තගේ බව පොලිසිය සඳහන් කරයි.

    ජීවිත හතක් බේරාගත් ඕලු‍ගලගේ මෙහෙයුම

    බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ඇමතුමක් ලැබුණේ දකුණේ වැලිගම ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවය. එහි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලු‍ගල විසින් අදාළ මෙහෙයුම පොලිස්පතිවරයාට දැනුම් දුන් අතර එම තොරතුර ජනාධිපති අනුර කුමාර දිසානායකට ද සැලවිය.

    එම තොරතුරෙන් කියවුණේ සංචාරකයන් සිටින හෝටලයකට කඩා වැඩී එහි හිමිකරුට වෙඩි තැබීමට සූදානම් වන බවය. එම හෝටලයේ සංචාරකයෝ 200 පමණ සිටින අතර යම් ආකාරයේ වෙඩි තැබීමක් සිදුවුවහොත් සමස්ත සංචාරක කර්මාන්තයම විනාශවීමට ඉඩ තිබිණ. මේ නිසාම ජනාධිපතිවරයා ඕලු‍ගල අමතා දැනුම් දුන්නේ කිසිම ආකාරයකින් මෙය සිදුවන්නට ඉඩ නොතබන ලෙසය. එය පොලිස්පතිවරයාගේද අදහස විය. ඒ අනුව විශේෂ කාර්ය බළකායේ ඕලු‍ගලට අයත් කණ්ඩායම සහ බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන කොට්ඨාසයේ කණ්ඩායම එක්ව අදාළ මෙහෙයුම සිදුවිය. වෙඩික්කරුවන් වෙඩි තැබීමට හෝටලයට පැමිණෙන අවස්ථාවට පෙර ඔවුන් ඉන්නා තැන සිට අත්අඩංගුවට ගැනීමට ඕලු‍ගල මෙහෙයුම දියත් කළේය.

    සැලැස්මට අනුව පසුගිය 18 දා රාත්‍රියේ මෙම මෙහෙයුම දියත් කළ අතර අදාළ පුද්ගලයන් සිටින බව සැකකෙරෙන වැලිගම, කපුගොඩ ප්‍රදේශයේ නිවසක් වටලන ලදි. ඒ නිවසේ සිටි එක් අයකු පැන ගිය අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. ඔහු වෙඩික්කරු විය. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ ටී.56 ගිනි අවියක්, උණ්ඩ තිහක් සහිත මැගසීනයක් සහ අත් බෝම්බයක් තිබුණේය. පැනගිය සැකකරු සන්තකයේ 38 වර්ගයේ රිවෝල්වරයක් විය. සැකකරුගෙන් ඉන් පසුව ප්‍රශ්න කිරීම ඇරඹිණ.

    එහිදී අනාවරණය වුණේ වෙඩි තැබීමට සූදානම් වූ හෝටලයේ හිමිකරුගේ සහෝදරයකු විසින් නඳුන් චින්තක හෙවත් හරක් කටාට අයත් හෝටලයකට ගොස් තර්ජනය කර ඇති බවත් ඊට පළිගැනීමක් ලෙස මෙය සිදුකරන ලෙසට විදෙස් රටක සැඟවී සිටින ආමි චූටි යන අය විසින් කියූ බවත්ය. කෙසේ වෙතත් මෙයට හරක් කටාගේ කිසිදු සම්බන්ධයක් නැත. ආමි චූටි පවසා ඇතැයි කියන්නේ හෝටලයට කඩා වැදී එහි හිමිකරු සහ පවුලේ හත්දෙනාම වෙඩි තබා ඝාතනය කරන ලෙසය. ඉන් පසුව අත් බෝම්බය එල්ල කරන ලෙසටද දැනුම් දී ඇත. ඒ සියල්ල සංචාරකයන් ගිය පසු කරන ලෙසට දැනුම් දී ඇතැයිද කියති.

    කෙසේ වෙතත් අදාළ ප්‍රහාරය වළකාගැනීමට රොහාන් ඕලු‍ගල ඇතුළු කණ්ඩායමට හැකිවූ අතර එය එක් පැත්තකින් ජීවිත හතකුත් අනෙක් පැත්තෙන් සංචාරක ක්ෂේත්‍රයත් බේරාගත් අවස්ථාවකි. අදාළ මෙහෙයුම සිදුකළ සැණින් ජනාධිපතිවරයා රොහාන් ඕලු‍ගල අමතා ඔහු ඇගයීමටද ලක් කර තිබේ.

    මාතර බන්ධනාගාරයේ පාතාල කල්ලි ඇවිළෙයි

    පසුගිය දිනෙක දෙහිබාලේ කණ්ඩායම අඟු‍ණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි දෙවුන්දර දේවාලය ඉදිරිපිට ඝාතනය කළ යොමේෂ්ගේ සහෝදරයාගේ ගෙලකපා මරා දැමීමට උත්සාහ කළේය. ඒ සඳහා රැඳවියන් යොදාගත්තේ ආහාරයට ලබාගන්නා බෙලෙක් පිඟානක් මුවහත් කරමිනි. එහෙත් ඔහු කැපුම් තුවාල රැසක් ඇතිව දිවි බේරා ගත්‍තේය.

    එම සිදුවීමෙන් වැඩි දවසක් යන්නට පෙර මාතර බන්ධනාගාරයේ තවත් ගින්නක් ඇවිළී ගියේය. ඒ වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ නිවසකට වෙඩි තැබීමේ සිදුවීමකට බන්ධනාගාරගත වී සිටින මිදිගම රුවන්ගේ සහෝදරයා විසින් දෙහිබාලෙගේ හොඳම ගෝලයා මෙන්ම යොමේෂ් ඝාතනයේ සැකකරුවකු වන ගම්බට්ටාට පහරදීමත් සමඟය. පහරදීමත් සමඟ බාලේ කණ්ඩායමට සහාය දෙන බන්ධනාගාර නිලධාරීන් විසින් රුවන්ගේ සහෝදරයාට පහරදී ඇත. මේ හේතුවෙන් උරණ වූ රුවන්ගේ ළඟම ගෝලයෙකු වන වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ඝාතනයේ කොන්ත්‍රාත්කරු බව කියන ඩුබායි ලොක්කා අදාළ ජේලර්වරුන්ට තර්ජනය කර තිබිණි.

    එසේම ඉන් පසුව රුවන්ගේ පාර්ශ්වයේ පිරිසකට ද බාලේ පිරිස විසින් මරණ තර්ජනය කර ඇත. රුවන්ට හිතවත් ජේලර්වරුන් බාලේගේ පිරිසට පහරදී තිබේ. ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලු‍වක් ඇති නොවුණත් එතැන් පටන් මිදිගම රුවන්ගේ සහ දෙහිගෙදර බාලේගේ කල්ලි දෙක අතර ගැටුමක් නුදුරේදීම ආරම්භ විය හැකි බව බොහෝ දෙනා සැකකරති. මිදිගම රුවන් මඳක් ඉවසීමෙන් සිටින්නේ වැලිගම ලසන්ත ඝාතනයට ඔහුගේ නම ගෑවුණු නිසා වුවත් මේ සඳහා ඩුබායි ලොක්කා බොහෝ විට සම්බන්ධ වී ගැටුම ඇති විය හැකි බව අභ්‍යන්තර තොරතුරුවලින් අනාවරණය වේ.

    මාතර බන්ධනාගාරයේ බලය දෙහිගෙදර බාලේ පිරිසට ඇති නිසා ඉදිරියේදී බන්ධනාගාරයෙහි ද ගැටුම් ඇති වෙතැයි ආරක්ෂක අංශ සඳහන් කරයි.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    පොලිසියේ උන් දෙන ටික තව තාර බර දාලා ලියන හෑලි..
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,111
    2,244
    113
    The Chinese made T56 has been the weapon of choice, even in the 80s

    These guns can be used for even 100 years, I learnt from the Force Tv series here

    It once showed the busting of some Glock brand pistols allegedly smuggled through the post

    SL still does not have 3D printed firearms, which is good

    This year I believe 5 Police Officers were lost in Aus. This footage is from the QLD ambush