ගින්නෙන් ජීවිත 5ක් බිලිගත් “නිමාටෝ” හෙල්මට් කම්හලට 2024 වසරේ නොවැම්බර් වලින් පසු වලංගු පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නෑ!

monson

Well-known member
  • May 7, 2007
    25,444
    28,183
    113
    JpU2BXb.jpeg

    ගිනි ගැනීමට ලක්වූ හෝමාගම, කටුවන ප්‍රදේශයේ පිහිටි “නිමාටෝ” (Nimato (PVT) LTD) හෙල්මට් කර්මාන්තශාලාව තුළ රසායනික ද්‍රව්‍ය පිළිවෙළකට ගබඩා කර නොතිබූ බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා කියයි.

    මෙම කර්මාන්තශාලාවට අදාළ පරිසර ආරක්ෂණ බලපත්‍රය වලංගුව තිබී ඇත්තේ 2024 වසරේ නොවැම්බර් මාසය වනතුරු පමණක් බවද පැවසේ.

    නමුත්,මෙම කර්මාන්තශාලාව තුළ රසායනික ද්‍රව්‍ය පිළිවෙලකට ගබඩා කර නොතිබීම, අපද්‍රව්‍ය නිසියාකාරව බැහැර නොකිරීම යන කාරණා නිසා ඊට අදාළව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් කර්මාන්තශාලා බලධාරීන්ට ඒවා නිවැරදි කර ගැනීමට උපදෙස් ලබාදී තිබූ බවද සභාපතිවරයා හෙළ කර තිබේ.

    මෙම කර්මාන්ත ශාලාවට මේ වසර (2026) සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීමට අදාලව අයදුම්පත් යොමුකර තිබුණද, අදාළ කොන්දේසි සපුරා නොතිබීම හේතුවෙන් එය ලබාදී නොතිබූ බවද මහාචාර්ය තිලක් හේවාවසම් මහතා හෙළකර ඇත.

    මුලින් Hawk සන්නාමයෙන් හෙල්මට් වෙළෙඳපොළට හඳුන්වා දී ඇති “නිමාටෝ” පසුව SSG සන්නාමය යටතේ ශ්‍රී ලංකාවේ හෙල්මට් නිෂ්පාදනය කරනු ලබන ප්‍රමුඛ සමාගමකි.

    කෙසේවුවද, හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ පිහිටි මේ සමාගමේ හෙල්මට් කම්හලේ ඇතිවූ විශාල ගින්නක් හේතුවෙන් තරුණ ජීවිත 5ක් අහිමි විය.

    එස්. ගමගේ මහතා විසින් එක් සේවකයකු පමණක් ඇතිව මේ කම්හල ආරම්භ කර ඇත්තේ 1996 වසරේදීය.

    - https://sinhala.srilankamirror.com/news/ගින්නෙන්-ජීවිත-5ක්-බිලිගත/
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,845
    2
    115,861
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Fan එකකින් ගිණි පුපුරු ඉටි කවර උඩට වැටිල ඇවිලිල ඊට පස්සෙ ඒව යට තිබ්බ තිනර් බෝතල් පුපුරල ලොකුවට ගින්න පැතුරුන කියල ඇතුලෙ වැඩ කරන, හේතුව දැක්ක කෙනෙක් කියනව දැක්ක..පව් ඉතින් ෆැක්ටරියෙ හදිස්සි අවස්ථාවක පිටවිමට බැරි ප්‍රශ්ණ, අහඹු සිදුවීමක් (Fan එකෙන් ගිණි පුපුරු ආපු එක) සහ වෙලාව තමා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,643
    18,340
    113
    පරිසර ආරක්ශන බලපත්‍රයයි ගිනි ගැනීමයි අතර සම්බන්ධයක් තියනව ද?

    මට නම් හිතෙන්නෙ ඔය වගේ factory වල safety level evaluate කරන method එකක් අපිට නෑ කියල.. එහෙම audit වෙන එකක් ගැන මම අහල නෑ..

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,169
    24,243
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පරිසර ආරක්ශන බලපත්‍රයයි ගිනි ගැනීමයි අතර සම්බන්ධයක් තියනව ද?

    මට නම් හිතෙන්නෙ ඔය වගේ factory වල safety level evaluate කරන method එකක් අපිට නෑ කියල.. එහෙම audit වෙන එකක් ගැන මම අහල නෑ..

    පරිසර බලපත්‍ර ගන්න ගිනි නිවීමේ උපකරණ, අදාල සහතිකය යාවත්කාලීන කිරීම අනිවාර්යයි. පරිසර බලපත්‍රය අවුරුදු හතරක් වැලිඩ්. ගිනි නිවීමේ උපකරණ විතරක් තිබිල මදි. extinguishes access space, exits තියෙන්න ඕන. අත යටින් පාස් කරන්නත් පුලුවන්.

    සම්බන්ධය:
    නමුත්,මෙම කර්මාන්තශාලාව තුළ රසායනික ද්‍රව්‍ය පිළිවෙලකට ගබඩා කර නොතිබීම, අපද්‍රව්‍ය නිසියාකාරව බැහැර නොකිරීම යන කාරණා නිසා ඊට අදාළව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් කර්මාන්තශාලා බලධාරීන්ට ඒවා නිවැරදි කර ගැනීමට උපදෙස් ලබාදී තිබූ බවද සභාපතිවරයා හෙළ කර තිබේ.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,515
    6,372
    113
    Fan එකකින් ගිණි පුපුරු ඉටි කවර උඩට වැටිල ඇවිලිල ඊට පස්සෙ ඒව යට තිබ්බ තිනර් බෝතල් පුපුරල ලොකුවට ගින්න පැතුරුන කියල ඇතුලෙ වැඩ කරන, හේතුව දැක්ක කෙනෙක් කියනව දැක්ක..පව් ඉතින් ෆැක්ටරියෙ හදිස්සි අවස්ථාවක පිටවිමට බැරි ප්‍රශ්ණ, අහඹු සිදුවීමක් (Fan එකෙන් ගිණි පුපුරු ආපු එක) සහ වෙලාව තමා.
    ඔන්න ඔහොම නරක වෙලාව, කරුමෙ කියල අත පිහිද ගන්න එක තමයි නරකම වැඩේ. මොකද මේ සිද්ධියේ පාඩම කවුරුත් ඉගෙන ගන්නෙ නෑ. ආයි ටික දවසකින මේ වගේම එකක් වෙලා තව සෙට් එකක් මැරෙනව.

    ලෝකෙ Occupational health and safety ගොඩක් develop වෙලා තියෙන්නෙ දැන්. ලංකාවෙත් ගොඩක් factory, work places වල ගොඩක් advanced system තියෙනව.

    මුන්ගෙ factory එක පට්ට fail ඒ standard baluwama. Chemical store කරන එක, emergency exit path, muster point, head count එක ගන්න එක, fire safety equipment training, fire alarm system monawath na. Patta fail
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,423
    12,310
    113
    35
    Spain

    ඔවු බන් මේක ලොකුම පාඩමක් වෙන්න ඕන, අනාගතේ මේ වගේ කිසි දෙයක් නොවෙන්න වග බලාගන්න ඕන.
     
    • Like
    Reactions: HKavinda

    monson

    Well-known member
  • May 7, 2007
    25,444
    28,183
    113
    ඔකේ තවම දුම් යනවා අද දැක්කා . අර උඩ තට්ටුවේ පිච්චිලා මරුන අයට එලියට පනින්න කියල වාහන අයිනට ගෙනල්ලා නවත්තලා. උන් පැනලා නැහැ අපරාදේ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,172
    20,461
    113
    Panadura
    ඔකේ තවම දුම් යනවා අද දැක්කා . අර උඩ තට්ටුවේ පිච්චිලා මරුන අයට එලියට පනින්න කියල වාහන අයිනට ගෙනල්ලා නවත්තලා. උන් පැනලා නැහැ අපරාදේ.
    වෙලාව තමා බන්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,845
    2
    115,861
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔන්න ඔහොම නරක වෙලාව, කරුමෙ කියල අත පිහිද ගන්න එක තමයි නරකම වැඩේ. මොකද මේ සිද්ධියේ පාඩම කවුරුත් ඉගෙන ගන්නෙ නෑ. ආයි ටික දවසකින මේ වගේම එකක් වෙලා තව සෙට් එකක් මැරෙනව.

    ලෝකෙ Occupational health and safety ගොඩක් develop වෙලා තියෙන්නෙ දැන්. ලංකාවෙත් ගොඩක් factory, work places වල ගොඩක් advanced system තියෙනව.

    මුන්ගෙ factory එක පට්ට fail ඒ standard baluwama. Chemical store කරන එක, emergency exit path, muster point, head count එක ගන්න එක, fire safety equipment training, fire alarm system monawath na. Patta fail
    ආරක්ෂාව, ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු තිබ්බට මේක අවුරුදු 30ක් විතර (හෝ 20කට වඩා) පවත්වගෙන ආපු හෙල්මට් ෆැක්ටරි එකක් වගේ පේන්නෙ..එහෙම බැලුවම චන්ද්‍රිකා කුමාරතුංගගෙ කාලෙ ඉඳන් හිටිය රාජ්‍ය නිලධාරියො මේකට වග කියන්ඩ ඕනි (වෙලාව තමා!)
     
    Last edited:

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    817
    443
    63
    මෙම කර්මාන්තශාලාවට අදාළ පරිසර ආරක්ෂණ බලපත්‍රය වලංගුව තිබී ඇත්තේ 2024 වසරේ නොවැම්බර් මාසය වනතුරු පමණක් බවද පැවසේ.
    මොකක්ද ඔය කියන "පරිසර ආරක්ෂණ බලපත්‍රය" ? ඒකෙන් වෙන්නෙ මොකක්ද? ගිනි ගැනීමයි, මිනිස්සු මිය යාමයි "පරිසර ආරක්ෂණ බලපත්‍රය" අතර සම්බන්ධය මොකක්ද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,805
    11,273
    113
    ඔන්න ඔහොම නරක වෙලාව, කරුමෙ කියල අත පිහිද ගන්න එක තමයි නරකම වැඩේ. මොකද මේ සිද්ධියේ පාඩම කවුරුත් ඉගෙන ගන්නෙ නෑ. ආයි ටික දවසකින මේ වගේම එකක් වෙලා තව සෙට් එකක් මැරෙනව.

    ලෝකෙ Occupational health and safety ගොඩක් develop වෙලා තියෙන්නෙ දැන්. ලංකාවෙත් ගොඩක් factory, work places වල ගොඩක් advanced system තියෙනව.

    මුන්ගෙ factory එක පට්ට fail ඒ standard baluwama. Chemical store කරන එක, emergency exit path, muster point, head count එක ගන්න එක, fire safety equipment training, fire alarm system monawath na. Patta fail
    ඉතින් බුද්දාගම අනුව කරුමෙ නෙමෙ ද? ගෙනාපු ආයූශ නෙමෙද?බණට එකක් කියලා, preventative measures වෙන එකක් කියන්න බැ
     
    Similar threads