ජීවිතයට පාඩම් - ......... වීරයෙක් උන හැටි

LovtusCucklordLife

Junior member
  • Aug 23, 2024
    35
    45
    18
    අනුර කවදාවත් රස්සාවක් කරලා තිබුණේ නැහැ. ගෙදරට ලොකුම බර. අම්මගේ විශ්‍රාම වැටුපෙන් කාලා, බීලා, දවල් වෙනකල් නිදාගෙන ඉන්න එක තමයි දවසේ වැඩ.


    වැඩක් නොකරන නිසා අනුර ටිකෙන් ටික තරබාරු වුණා. ගමේ කොල්ලෝ කියන්නේ,
    “අනුර දුවනවා දැක්කොත් ඒක භූමිකම්පාවක්ද කියලා බලන්න ඕනේ!”


    දවසක් අම්මා කේන්තියෙන් කිව්වා,
    “පුතා, මම මේ විශ්‍රාම වැටුපෙන් කොච්චර කල් ඔයාවත් පෝෂණය කරන්නද? වැඩක් පටන් ගන්න.”


    ඒ කතාවට අනුරත් ටිකක් කල්පනා කළා.


    “හරි අම්මේ… මම කරවල කඩයක් දානවා!”


    ගමේ යාලුවෝත් සතුටු වුණා.


    “මචං, මේ පාර නම් හරියට කරපන්. අපිත් උදව් කරන්නම්.”


    එක යාලුවෙක් කඩේට රාක්ක හදලා දුන්නා.


    තව කෙනෙක් බෝඩ් එක ගහලා දුන්නා.


    තව කෙනෙක් මුදල් ටිකක් ණයට දුන්නා.


    අනිත් අය ගමේ මිනිස්සුන්ට කියලා පාරිභෝගිකයෝත් ගෙනාවා.


    මාස කිහිපයකින් කරවල කඩේ හොඳටම යන්න පටන් ගත්තා.


    ඒත් අනුර වෙනස් වෙන්නත් පටන් ගත්තා.


    දවසක් කඩේ ඉස්සරහට ආපු යාලුවෙක් ඇහුවා,
    “මචං, කොහොමද බිස්නස්?”


    අනුර පපුව උස්සගෙන කිව්වා,
    “මේ හැමදේම මගේ මහන්සිය. මම නැත්නම් මේක වෙන්නේ නෑ.”


    යාලුවා පුදුම වෙලා,
    “අපිත් උදව් කළානේ?”


    “අනේ උඹලා මොන උදව්වක්ද කළේ? උඹලා හිටියේ මට බාධා කරන්න විතරයි!”


    තව දවසක් අනුර ගමේ කඩේක ඉඳගෙන කියනවා,
    “මට උදව් කළා කියලා කවුරුහරි කියනවා නම් ඒක බොරුවක්. මම මේ තැනට ආවේ මගේ දක්ෂකමෙන්.”


    ඒක අහපු යාලුවෝ එකිනෙකාගේ මූණ බලාගත්තා.


    එකෙක් හිමීට කිව්වා,
    “අපි රාක්ක හදලා දුන්නා.”


    “අපි සල්ලි ණයට දුන්නා.”


    “අපි පාරිභෝගිකයෝ ගෙනාවා.”


    අනුරට ඒ කිසි දෙයක් මතක නැහැ.


    අන්තිමට ගමේ අය කියන්න පටන් ගත්තා,


    “අනුරගේ කරවලවලට වඩා ලුණු තියෙන්නේ එයාගේ කතාවල!”


    ඒ දවසේ ඉඳන් ගමේ මිනිස්සු අනුරගේ කඩේට ගියේ කරවල ගන්න නෙවෙයි…


    අද මොන බොරුවද කියන්නේ කියලා අහන්න!
     
    • Haha
    Reactions: Candid-B