බිලියන 190ක ඩොලර් ජාවාරමට මෙරට ප්‍රධාන සමාගම් 21ක්: 'හවුස් ඔෆ් ෆැෂන්' ඒ අතර!..මහ මොළකරු ජෙෆ්‍රි මොහොමඩ් හිරේ..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,885
    46,034
    113
    මුන්ව නම් උල තියන්න ඕන...තියෙන ඩොලර් ටිකත් රටින් පන්නලා රට තවත් බංකොලොත් කරන හැත්ත..😡😡😡

    fdfgdgf.jpg

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අවස්ථා 10,156කදී සිදු කළ මහා පරිමාණ විදේශ විනිමය වංචාවක් රහස් පොලිසියෙන් අනාවරණය කරගනියි

    ඇමරිකානු ඩොලර් මිලියන 700ක ජාවාරමේ ප්‍රධාන මොළකරු ජෙෆ්‍රි මොහොමඩ් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

    රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් විදේශයන් වෙත ඩොලර් පිටරට පටවන මහා පරිමාණ ජාවාරමකට මෙරට ප්‍රධාන පෙළේ සමාගම් 21ක් සම්බන්ධ බවට කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දැනුම් දුන්නේය.

    භාණ්ඩ ආනයනය කරන බවට අඟවමින් රුපියල් බිලියන 190කට අධික (ඇමරිකානු ඩොලර් මිලියන 700කට වැඩි) වටිනාකමකින් යුත් විදේශ විනිමය පිටරට යැවීමේ සිද්ධියට අදාළව පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසියේ මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙම තොරතුරු අනාවරණය කළේය.

    සමාගම් ජාලය සහ සැකකරුගේ ක්‍රියාකලාපය

    අදාළ ජාවාරමට සම්බන්ධ සමාගම් අතුරින් 06ක් පිළිබඳව මේ වන විටත් නිශ්චිතව හඳුනාගෙන ඇති අතර, ජනප්‍රිය වෙළෙඳ ආයතනයක් වන 'හවුස් ඔෆ් ෆැෂන් මෝල්' (House of Fashion Mall) සමාගම ද ඒ අතර වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේය.

    කොළඹ කොටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය 'ඒ.වයි. ඉන්වෙස්ට්මන්ට්' (A.Y. Investment) නමැති ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පෙනී සිටිමින් මෙම සමස්ත ජාවාරමට පහසුකම් සලසා ඇත්තේ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජෙෆ්‍රි මොහොමඩ් නමැති සැකකරු බව විමර්ශනවලදී තහවුරු වී ඇත.

    සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රුපියල් කෝටි ගණනක ඩොලර් නෝට්ටු තොගයක් සොයාගෙන ඇති අතර, මෙම නීතිවිරෝධී මුදල්වලින් උපයා ගන්නා ලද රුපියල් කෝටි 20කට අධික වටිනාකමකින් යුත් අධි සුඛෝපභෝගී මෝටර් රථයක් සහ රත්තරන් තොගයක් ද පරීක්ෂකයන් භාරයට ගෙන තිබේ.

    විමර්ශන නිරීක්ෂණ සහ බදු අහිමි වීම්

    සමාගම් 36ක බැංකු ගිණුම් විමර්ශනය කිරීමෙන් අනතුරුව මෙම සංකීර්ණ මූල්‍ය වංචාව අනාවරණය කරගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ වැඩිදුරටත් පෙන්වා දුන්නේ අවස්ථා 10,156කදී මුදල් විදේශගත කර තිබුණද, එම මුදල්වලට අදාළව භාණ්ඩ මෙරටට ආනයනය කළ බවට කිසිදු රේගු සටහනක් නොමැති බවයි.

    නියමිත පරිදි භාණ්ඩ ගෙන්වා නොමැති නම්, අඩු වටිනාකම් යොදා ගනිමින් රජයට ලැබිය යුතු බදු මුදල් අහිමි කිරීමේ ජාවාරමක් සිදුව තිබේද යන්න පිළිබඳව ද විමර්ශන ක්‍රියාත්මක වේ. මෙම සැකකරු හරහා විදේශයන්ට ඩොලර් යැවූ සහ මෙරටට බදු අහිමි කළ මහා පරිමාණ ව්‍යාපාරිකයන් රැසක් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද CID ය සඳහන් කළේය.


    ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වීම

    සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුවයිර් සහ නීතිඥ අසංක පෙරේරා කියා සිටියේ නියමිත පරිදි භාණ්ඩ ආනයනය කර ඇති බවට කරුණු පවතින බැවින් සුදුසු ඇප කොන්දේසියක් මත සැකකරු මුදාහරින ලෙසයි.

    කෙසේ වෙතත්, රහස් පොලිසිය ඇප ඉල්ලීමට දැඩි ලෙස විරෝධය පළ කරමින් කියා සිටියේ සැකකරු විමර්ශන සඳහා සහාය නොදක්වන බවත්, ඊට සම්බන්ධ අනෙකුත් ප්‍රධාන සමාගම් හෙළි කිරීම මඟහරින බවත්ය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකරු විමර්ශනවලට සහාය දී නොමැති බවත් සාක්ෂි සැඟවීමට උත්සාහ කර ඇති බවත් පෙන්වා දුන්නේය. මෙවැනි තත්ත්වයක් හමුවේ ඉදිරියේදී විමර්ශනවලට සහයක් බලාපොරොත්තු විය නොහැකි බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු ලබන අගෝස්තු 06 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

    මෙරට පවතින විදේශ විනිමය හිඟය සහ ආර්ථික අර්බුදකාරී වාතාවරණය හමුවේ, රේගු අක්‍රමිකතා සහ උන්ඩියල්/තෙවැනි පාර්ශවීය මූල්‍ය හුවමාරු හරහා නීතිවිරෝධී ලෙස විදේශ විනිමය පිටරට යැවීමේ නීතිවිරෝධී ජාවාරම් වැළැක්වීමට මූල්‍ය විමර්ශන බලධාරීන් සහ මහ බැංකුව විසින් විශේෂ සෙවීම් මෙහෙයුම් වේගවත් කර ඇත.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,991
    7,546
    113
    Galaha
    ලංකාවේ පාරවල් වල ferrari, RR, Lamborghini මෙච්චර තියෙන්නෙ කොහොමද කියල එකෙක් අහල තියෙනව දැක්කා කිරියෙ. ඒ වැඩිවෙලා තියෙන්නෙ ඔන්න ඔහොම තමයි.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,467
    8,639
    113
    මේකේ ජෙෆ්රි කියන්නේ නිකන් පොඩි ඉත්තෙක් විතරයි..
    මේවා හරියට හෙව්වොත් ජෝන් කීල්ස්, හේලීස් වගේ එවෙන් වෙන ඒවත් එලියට එන්න ඕනි. රටට එන්න ඕනි විදේශ විනිමය උන් පිටරටවල හන්ගන්නෙත් මේවගේ තමා.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,983
    7,544
    113
    $700M ඩොලර් ජාවාරම: 'House of Fashion' පිටුපස ඇති චීන සමාගමේ ලින්ක් එක සහ Guangzhou Sim Impex රහස මෙන්න!

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මෙරටින් ඇමෙරිකානු ඩොලර් මිලියන 700 කට අධික (රුපියල් බිලියන 190 කට ආසන්න) දැවැන්ත විදේශ විනිමය ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස විදේශගත කිරීමේ මහා පරිමාණ ජාවාරමක සුරුට්ටුව ලිහී යමින් පවතී.

    රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් සිදුකර ඇති මෙම මූල්‍ය අපරාධයට මෙරට ප්‍රධාන පෙළේ සමාගම් 21ක් සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කරුණු තහවුරු කර ඇත.

    ගවේෂණාත්මක සොයාගැනීම: 'Guangzhou Sim Impex' සහ House of Fashion සම්බන්ධය

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදුකරන ලද විමර්ශනවලදී දැනට අනාවරණය වී ඇති ප්‍රධාන සමාගම් 06 අතරට මෙරට ජනප්‍රිය ඇඳුම් සහ විලාසිතා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන "හවුස් ඔෆ් ෆැෂන්" (House of Fashion) සමාගම ද ඇතුළත් වේ.

    * චීන සම්බන්ධය (Chinese Link): මෙම ජාවාරමේදී හවුස් ඔෆ් ෆැෂන් ආයතනය වෙත භාණ්ඩ ආනයනය කළ බවට ලේඛන සකසා ඇත්තේ චීනයේ පිහිටි Guangzhou Sim Impex Co. Ltd නැමැති සමාගම හරහා බව විමර්ශන ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.

    * 10,156 වතාවක සැකකටයුතු ගනුදෙනු: මෙලෙස විදේශයන්හි ඇති සමාගම් වෙත මුදල් විදේශගත කිරීම් 10,156 වතාවක් සිදුව තිබුණද, ඒ සඳහා අනුරූප භාණ්ඩ මෙරටට ආනයනය කළ බවට කිසිදු රේගු සටහනක් නොමැත.

    * බදු වංචා සහ Under-invoicing: භාණ්ඩ මෙරටට ගෙන ඒමේදී ඒවායේ සැබෑ වටිනාකම අඩුවෙන් පෙන්වා රජයට හිමිවිය යුතු කෝටි ගණනක බදු මුදල් අහිමි කර ඇති බවටද පරීක්ෂණ පැවැත්වේ.

    ප්‍රධාන තැරැව්කරු "ජෙෆ්‍රි මොහොමඩ්" සහ A.Y. Investments රහස

    මෙම සමස්ත ජාවාරමේ ප්‍රධාන පහසුකම් සලසන්නා සහ මෙහෙයුම්කරු ලෙස කටයුතු කර ඇත්තේ කොළඹ කොටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ‘ඒ.වයි. ඉන්වෙස්ට්මන්ට්’ (A.Y. Investment) නැමැති ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පෙනී සිටි ජෙෆ්‍රි මොහොමඩ් නමැත්තායි.

    අත්අඩංගුවට ගත් භාණ්ඩ හා වත්කම්:

    * ඩොලර් නෝට්ටු තොගයක්: සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී රුපියල් කෝටි ගණනක් වටිනා ඇමරිකානු ඩොලර් නෝට්ටු සොයාගෙන ඇත.

    * සුපිරි මෝටර් රථ: නීතිවිරෝධී මුදලින් උපයාගත් රුපියල් කෝටි 20 කට අධික වටිනාකමකින් යුත් අධි සුඛෝපභෝගී මෝටර් රථයක්.

    * රත්තරන් තොගයක්: සැකකරු සතුව තිබූ විශාල රත්තරන් තොගයක් ද CID භාරයට ගෙන තිබේ.

    අධිකරණයේදී සිදුවූයේ කුමක්ද?

    නඩුව කැඳවූ අවස්ථාවේදී, සැකකාර ජෙෆ්‍රි මොහොමඩ් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුවයිර් සහ නීතිඥ අසංක පෙරේරා මහත්වරුන් කියා සිටියේ සිය සේවාදායකයා නියමිත පරිදි භාණ්ඩ ආනයනය කර ඇති බවත්, ඒ අනුව සුදුසු ඇපයක් මත මුදාහරින ලෙසත්ය.
    කෙසේ වෙතත්, රහස් පොලිසිය ඇප ලබාදීමට තරයේ විරුද්ධ විය:

    "සැකකරු මෙම ජාවාරමට සම්බන්ධ අනෙකුත් ප්‍රධාන සමාගම් සහ ව්‍යාපාරිකයන් පිළිබඳ තොරතුරු හෙළි නොකරමින් විමර්ශන මගහරිමින් සිටිනවා. ඇප දුන්නොත් සාක්ෂි විනාශ වීමට ලොකු ඉඩක් තිබෙනවා." - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

    මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව:

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා පෙන්වා දුන්නේ, සැකකරු සාක්ෂි සැඟවීමට උත්සාහ කිරීම සහ අධිකරණය මගහැර සිටීම මත ඉදිරියේදී විමර්ශනවලට සහායක් බලාපොරොත්තු විය නොහැකි බවයි. ඒ අනුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරු ලබන අගෝස්තු 06 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

    ඉදිරි විමර්ශන සහ HariDeshaya නිරීක්ෂණය

    මෙරට ඩොලර් සංචිත සිඳී යාමට සහ ආර්ථික අර්බුදයට වක්‍රව බලපෑ මෙවැනි "Underground Banking" සහ රේගු බදු වංචා හරහා විදේශගත කළ මුළු මුදල මීටත් වඩා වැඩි විය හැකිය.

    චීනයේ Guangzhou Sim Impex වැනි ආයතන හරහා ඩොලර් පිටරට යැවූ සහ මෙරටට බදු අහිමි කළ ඉතිරි මහා පරිමාණ ව්‍යාපාරිකයන් 15 දෙනා සහ සමාගම් කොටුකර ගැනීම සඳහා මේ වන විටත් CID මූල්‍ය අපරාධ කොට්ඨාසය විශේෂ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, HariDeshaya.lk මෙම නඩුවේ ඉදිරි වර්ධනයන් පිළිබඳව අවධානයෙන් පසුවේ.

     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,411
    1
    51,021
    113
    ප*යාගල
    sorry.com
    ලංකාවේ පාරවල් වල ferrari, RR, Lamborghini මෙච්චර තියෙන්නෙ කොහොමද කියල එකෙක් අහල තියෙනව දැක්කා කිරියෙ. ඒ වැඩිවෙලා තියෙන්නෙ ඔන්න ඔහොම තමයි.
    Lower Income Class සහ Middle Income Class අතර පරතරයට වඩා Middle.... Top 1% පරතරය අහසට පොලව වගේ. ඉස්සර වගේ සල්ලි දැන් Flow වෙන්නෙ නෑ වගේ. දවසට කෝටි ගනන් සල්ලි හොයන උන් ටැක්ස් ගෙවන්නෙ නෑ. උන්ඩියල් වගේ ගේම් ගහල බේරිලා ඉන්නව. මාසෙ පඩියෙන් උලාකාල ඉන්න අපි වගේ සෙට් එකෙන් පුකේ බෙට්ටත් ඇදල ගන්නව.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,848
    113
    ulan bator
    IRANE yudda karanne ohomai!

    ubala hithanawada lankawe gobba CID ekata FCID ekata owa hoyaganna puluwan una kiyala! owa kerenne US walin! ape aluth lokka scoot bassent supiri buwek! hora jawaram karana unge puka palagena palagena yanawa..

     
    • Like
    Reactions: Inigo Montoya

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,756
    2,626
    113
    43
    Wakanda
    මුන්ව එල්ලල මැරුවොත් ලංකාව ඉන්කම් ටැක්ස් ඉක්මනට අඩු කරන්න පුලුවන්.

    ෂුවර් එකටම රාජපක්‍ෂ කෙනෙක් ගැවිලා හරි ඇති
    ඔක්කොම දේපල රාජසන්තක කරලා වද දීලා මරල දාන්න ඕන wsgptla :growl:
    ඕව ඉස්සර දේශපාලකයන්ගෙ අනුග්‍රහයෙන් කරපුව උන්ටත් කොමිස් දීල. ලපයගෙ ආන්ඩුව ආවෙ නැත්තන් මුන් තාමත් සැපේ කරගෙන යනව ජාවාරම
    ------ Post added on Jul 25, 2026 at 11:32 AM
     
    • Like
    Reactions: shenat and max_pain

    Similar threads