🔴 1990 සුවසැරියෙන් නව ජීවිතාරක්ෂක මෙහෙයුමක්

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,126
    12,100
    113
    Ohio, USA
    mjnYrBe.jpeg


    🏍️
    "යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාව" (First Responder Motorcycle Service)
    හදිසි අවස්ථාවකදී රෝගියෙකු වෙත හැකි ඉක්මනින් ළඟා වී ජීවිත බේරාගැනීමේ අරමුණින්, 1990 සුවසැරිය පදනම විසින් නව ව්‍යාපෘතියක් හඳුන්වාදීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
    🚑
    සාමාන්‍ය ගිලන්රථයකට ළඟාවීමට අපහසු අවස්ථාවලදී, මෙම යතුරුපැදි හදිසි ප්‍රතිකාර ඒකක මගින් පුහුණු පාරා-වෛද්‍ය නිලධාරීන් (Paramedics) රෝගියා වෙත ඉක්මනින් ළඟා වී මූලික ජීවිතාරක්ෂක ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරනු ඇත.
    🔶
    මෙම සේවාවේ විශේෂත්වයන්
    ✅
    රථවාහන තදබදය මඟහරිමින් වේගවත් ප්‍රවේශය
    ✅
    පටු මාර්ග සහ දුෂ්කර ප්‍රදේශ වෙත ළඟාවීම
    ✅
    හදිසි ප්‍රතිකාර සඳහා අවශ්‍ය මූලික වෛද්‍ය උපකරණ සහ පහසුකම්
    ✅
    රන් හෝරාව (Golden Hour) තුළ ප්‍රතිකාර ලබාදීම
    ❤️
    හදිසි අනතුරකදී හෝ හෘදයාබාධ වැනි තත්ත්වයකදී පළමු මිනිත්තු කිහිපය ඉතා වැදගත් වේ. එම කාලය තුළ රෝගියා වෙත ළඟා වී නිවැරදි ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් ජීවිත බේරාගැනීමේ අවස්ථාව ඉහළ නැංවිය හැකිය.
    මෙම නව සේවාව මගින් 1990 සුවසැරිය ගිලන්රථ සේවාවේ කාර්යක්ෂමතාව තවදුරටත් වැඩිදියුණු කරමින්, ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත ආරක්ෂාව සඳහා වැදගත් පියවරක් වනු ඇත.
    ජීවිතයක් බේරාගැනීමට ගතවන සෑම තත්පරයක්ම වටිනාය.
    ❤️


    from FB post
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,977
    46,322
    113
    සුපිරිිම වැඩ තමා..අර රාජපක්ෂලා බොරු වියදම් කරා මත්තල, සූරියවැව,හම්බන්තොට.. මේවා කරානම් අදටත් බලේ ඉන්නවා...දැන් ඉතිං අඬල වැඩක් නෑ..අායේ ඉතිං මාලිමාව හොල්ලනවා බොරු අවුරුදු 20+ කට..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,349
    86,609
    113
    ආශ්චර්යමත් රටක
    රනිල්ලා පටන් ගත්තු සුවසරිය සේවාවෙන් දෙන්නේ. ඉතින් මේකත් රනිල්ගේ අකවුන්ට් එකට තමා වැටෙන්නේ.

    අනිවාර්යෙන්. අපේ රනිල් මහත්තය කරන්න හිටපු දේවල් ඕවා 🔥❤️❤️
     
    • Love
    Reactions: Inigo Montoya