😯පේරාදෙණිය සරසවි ගමනාය යැයි පුද්ගලයින් හතළිහක් අතුරුදන්?🔴

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    ⚠️ හදිසි ආධාර ඉල්ලීමයි!
    පේරාදෙණිය ගලහා පාර ආශ්‍රිත ගම්මානවල දැඩි අසරණ තත්ත්වයක්!
    පේරාදෙණිය - ගලහා පාරේ පිහිටි හිදගල, මහකන්ද, සහ සරසවිගම යන ගම්මාන මේ වන විට ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් බරපතල ලෙස පීඩාවට පත්ව ඇත.

    🛑 විශේෂයෙන්ම, සරසවිගම කොටසෙහි නායයෑමක් සිදුව ඇති අතර, පුද්ගලයන් 35-40ක් පමණ අතුරුදහන් වී ඇති බවට තොරතුරු ලැබී ඇත.

    ජලය සහ විදුලිය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත.
    තවමත් කිසිදු ගලවාගැනීම් කණ්ඩායමක් හෝ පොලිසියක් මෙම ප්‍රදේශ වෙත ළඟා වී නොමැත.
    ගම්වාසීන් දැඩි ලෙස අසරණ වී සිටිති.

    🙏 උදව් කරන්න පුළුවන් හැමෝටම විශේෂ ඉල්ලීමක්:
    ආහාර පාන සපයන ඔබ වෙත: නුවර අවට ආහාරපාන සපයන ව්‍යාපාරිකයන් හෝ පුද්ගලයන් වෙතින් කාරුණිකව ඉල්ලා සිටින්නේ, විශ්වවිද්‍යාලය අවටට පමණක් සීමා නොවී, මෙම හිදගල, මහකන්ද, සරසවිගම යන ගම්මානවල ජනතාවටද හැකි ඉක්මනින් වියළි ආහාර සහ පානීය ජලය ලබා දීමට කටයුතු කරන ලෙසයි.

    ගලවාගැනීම් කණ්ඩායම් සහ බලධාරීන් වෙත: මෙම භයානක තත්ත්වය පිළිබඳව කඩිනමින් අවධානය යොමු කර, අතුරුදහන් වූවන් සොයා ගැනීම සඳහාත්, පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහාත්, වහාම ක්‍රියාත්මක වන ලෙස ඉල්ලා සිටිමු.

    කරුණාකර මෙම පණිවිඩය හැකිතාක් බෙදා හරින්න (Share කරන්න). ඔබේ එක් Share එකක් නිසා අසරණ වූ ජීවිත කිහිපයකට උදව්වක් වෙන්න පුළුවන්.
    ස්තූතියි.


    හම්මෝ සිංහලු න් කන්න නැතුව මීට වඩා මැරෙයි වගේ ිිිිිිි සහනාධාරයක් ක්‍රියාත්මක වෙලා නෑ මෙයාලට
     

    Similar threads