ශ්‍රී ලාංකික දැරිය ගැබිනියක කළ ප්‍රංශ ජාතිකයා අවුරුදු 30ක් හිරේ 😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,530
    8,744
    113
    ලංකාවෙ කුඩා දරුවෙක්ව ගැබිනියක් කළ ප්‍රංශ ජාතිකයා අවුරුදු 30ක් හිරේ!


    තමා අතින් ගැබ් ගත් වයස අවුරුදු 16 ට අඩු ශ්‍රී ලාංකික තරුණියකගේ දරු කලලය ගබ්සා කළ ප්‍රංශ ජාතිකයකුට යාපනය මහාධිකරණය විසින් 24 දා වසර 30 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

    අදාළ තරුණිය සමග මෙම ප්‍රංශ ජාතිකයා ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇය ගැබිනියක් වීමෙන් පසුව නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානයකට රැගෙන ගොස් ගබ්සාව සිදු කර තිබේ.

    අනතුරුව සැකකරු තරුණියට ද නොදන්වා ආපසු ප්‍රංශයට පලා ගොස් එහි සැඟවී සිටින බවට තොරතුරු හෙළිවී තිබේ.

    ඔහුට එරෙහිව ගොනු කළ නඩුව විත්තිකරු නොමැතිව විභාග වූ අතර නඩු තීන්දුව ලබාදීමෙන් පසුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හා ප්‍රංශ තානාපති කාර්යාලයේ සහය මත ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ක්‍රියාත්මක කරන ලෙස ද යාපනය මහාධිකරණ විනිසුරුවරයා අදාළ නිලධාරීන්ට නියෝග කර තිබේ.

    අදාළ ප්‍රංශ ජාතිකයාට එරෙහිව ප්‍රධාන චෝදනා තුනක් ගොනු කොට තිබූ අතර විත්තිකරු එම චෝදනා තුනටම වරදකරු බව ඔප්පු කිරීමට නිලධාරීන් සමත්වී තිබේ.

    ප්‍රංශ ජාතිකයා ආපසු ශ්‍රී ලංකාවට රැගෙන විත් වින්දිත දැරිය විවාහ කොට දීමට හෝ ඇයට විශාල මුදලක් වන්දි වශයෙන් ප්‍රංශ ජාතිකයාගෙන් අය කර දීමට අවශ්‍ය මීළඟ පියවර ගන්නා ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා නිලධාරීන්ට නියෝග කර සිටියේය.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,514
    3,001
    113
    යාපනය මහාධිකරණය විසින් 24 දා වසර 30 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

    ප්‍රංශ ජාතිකයා ආපසු ශ්‍රී ලංකාවට රැගෙන විත් වින්දිත දැරිය විවාහ කොට දීමට හෝ ඇයට විශාල මුදලක් වන්දි වශයෙන් ප්‍රංශ ජාතිකයාගෙන් අය කර දීමට

    🧐 අවුරුදු 30ක් හිරේ ඉන්න යන මිනිහෙක්ව ඒ ළමයාට බන්දලා දෙන්නලු ද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,383
    168,508
    113
    එකමත් එක රටක
    යාපනය මහාධිකරණය විසින් 24 දා වසර 30 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

    ප්‍රංශ ජාතිකයා ආපසු ශ්‍රී ලංකාවට රැගෙන විත් වින්දිත දැරිය විවාහ කොට දීමට හෝ ඇයට විශාල මුදලක් වන්දි වශයෙන් ප්‍රංශ ජාතිකයාගෙන් අය කර දීමට

    🧐 අවුරුදු 30ක් හිරේ ඉන්න යන මිනිහෙක්ව ඒ ළමයාට බන්දලා දෙන්නලු ද?
    අවුරුදු 30 පවුල් කන්න ඕනේ කියලා කියන්නේ යකෝ ඔය :lol: :P