ජනාධිපතිවරයා සහ රජය ගැන විවිධ ප්‍රචාර සිදුකළ පොලිස් නිලදාරියෙක් අත්අඩංගුවට..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,461
    47,518
    113
    සමාජ මාධ්‍ය ඔස්සේ ජනපති සහ රජය විවේචනය කළ පොලිස් නිලධාරියාට වැඩවරදී

    ජනාධිපතිවරයා සහ රජය අපහසුතාවට පත්වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර සිදුකළ බවට සැක කෙරෙන පොලිස් නිලධාරියෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ නිලධාරියා අද (31) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ පරිගණක විමර්ශන අංශය විසින් සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.

    සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ බව කියන ප්‍රචාර සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරු මත ඒ පිළිබඳ විමර්ශන කටයුතු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදී තිබූ බව පොලීසිය සඳහන් කරයි.

    විමර්ශනවලට අනුව අත්අඩංගුවට ගත් සැකකාර නිලධාරියා ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට අනියුක්තව සේවය කළ අයෙකි.

    සැකකාර පොලිස් නිලධාරියා අද (31) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකරයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,104
    1
    58,455
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අන්න ඒ රජයට අපහසු වුන ප්‍රචාර මොනවද කියල හොයාගත්ත නම් නාමල්ට ගේම් එකක් ගහන්න පුළුවන් වෙයි
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,461
    47,518
    113
    අන්න ඒ රජයට අපහසු වුන ප්‍රචාර මොනවද කියල හොයාගත්ත නම් නාමල්ට ගේම් එකක් ගහන්න පුළුවන් වෙයි

    බොරු මඩ ප්‍රචාර වෙන්න අැති..පොලිසියේ කෙනෙක් ඒවා කිව්වහම විශ්වාස කරනව වැඩියි මිනිස්සු..ඒක නිසා අරෙස්ට් කරන්න අැති..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,845
    113
    අන්න ඒ රජයට අපහසු වුන ප්‍රචාර මොනවද කියල හොයාගත්ත නම් නාමල්ට ගේම් එකක් ගහන්න පුළුවන් වෙයි
    රජය පාරේ යනකොට

    "ස් ස් ආ නංගී" කියල