අරහං බුදු ගුණෙන් අපේ හිරුගෙ අපල දුරුවේවා
ලෙඩදුක් බිය නොවී කිසිත් සැපත සතුට ලංවේවා
සම්මා සම්බුද්ධ තෙදින් සඳුගෙ අපල දුරුවේවා
මාරක බාධක වැලකී අපේ පැතුම් ඉටුවේවා
විජ්ජාචරණේ බලයෙන් අඟහරු දොස් දුරුවේවා
වසවිස ගිනි සතුරු විපත් අප වෙත ළං නොමවේවා
සුගතෝ බුදු ගුණෙන් අපේ බුධගෙ අපල දුරුවේවා
ගුණ නුවණින් වැඩී සියළු සැප සම්පත් ඉතිරේවා
ලෝකවිදූ තෙදින් අපේ ගුරුගෙ දෝස දුරුවේවා
සතුට සමාදානය අපට නිරෝගි සුව වැඩිවේවා
අනුත්තරෝ බුදු ගුණයෙන් සිකුරු අපල දුරුවේවා
සිතුමිණ වැනි රුවන් ගැබක ආයුෂ අපගේ වැඩිවේවා
පුරිසදම්ම සාර්ථි බල මහිමෙන් සැඩ සෙනසුරාගෙ
අපල විකල භූත දෝස ගැටුම් වැටුම් හා කොඩිවින
දුරැර සියළු මෙකී දෝෂ විලස සාදු ජය බෝරුක
ජින පංජරයක් වේවා සෙනසුරු දොස් දුරුවේවා
සත්ථා බුදු ගුණෙන් අපේ රාහු අපල දුරුවේවා
යක්ෂ ප්‍රේත වින බන්ධන අහෝසි වී නැතිවේවා
භගවා යන විදුරවියෙන් කේතු අපල ඉගිලේවා
අපේ කයට බසට සිතට සැප සන්තොස වැඩිවේවා
මකර කුම්භ මිථුන තෙරැස මාරක බිය දුරුවේවා
කැපී කෝටියක්ම දෝස අපට ජය මග හෙළිවේවා
සිංහ මේෂ ධනු තුන් රැස බාධක බිය දුරුවේවා
තිසරණ සරණින් ජයසිරි සුබසෙත අපට ළංවේවා
මීන කටක නුහුනු තෙරැස බාධක බිය දුරුවේවා
ජීව සිද්ධි බලය අපේ බුදු සරණින් දුරුවේවා
වෘෂභ කන්‍ය තුලා තෙරැස හැම ග්‍රහ දොස් දුරුවේවා
දම් සරණින් අපේ අපල දුරුවී සිරි සෙතවේවා
රාහු කේතු රවි සඳු කුජ බුධ කිවි සහ සෙනසුරු
නීච පාප අපල අපේ සඟ සරණින් දුරුවේවා